• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මණිඅක්ඛික නා රජුගේ හෙළි නොවූ රහස

November 23, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මණිඅක්ඛික නා රජුගේ හෙළි නොවූ රහස
Share on WhatsAppShare on Facebook

මෑතකාලීනව සමාජය පුරා ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ මාතෘකාවක් ලෙස ‘කැලණි පුදබිමෙන් නාගරාජයකු මතුවීමත් නාලොවෙන් සර්වඥ ධාතු ලබාදීමේ පුවතත්’ හඳුනාගත හැකිය. ඒ සම්බන්ධයෙන් විවිධ විචාර විවේචන සමාජය පුරා රැව්පිළිරැව් දුන් අතර එය රටට සෞභාග්‍ය උදාකරන අනාගතයක සුබනිමිති වශයෙන්ද හඳුන්වා දුන්නෝද වූහ. නාරජුන් පිළිබඳ කතා ප්‍රවෘත්ති අසන්නට ලැබෙන්නේ අද පමණක් නොවේ. ඊට සාතිශය ඉතිහාසයක් ඇති බව වංසකතා පුවත්වලින් මනාව හඳුනාගත හැකිය. මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ වන්නේද මෙරට අතීතයේදී විසුවේ යැයි සැලකෙන නා රජුන් පිළිබඳ සටහනක් තැබීමය.

රටක ඉතිහාසය සැලකර සිටින මූලාශ්‍රය අතුරින් සාහිත්‍ය මූලාශ්‍රයට වැදගත් තැනක් ලබාදීමට බොහෝ දෙනා කැමැතිය. ඒවායින් පළකරන යම් අදහස් යථාර්ථයක් සේ පිළිගත නොහැකි වූවත් එයින් වහනය වන ප්‍රෞඪත්වය, සම්භාවනීයත්වය හා ඓතිහාසිකත්වය යනාදී කරුණු වැදගත් නිසා එසේ වැදගත් කොට සැලකිය හැකිය. පුරාවිද්‍යා මූලාශ්‍රය හැරුණු කොට අපේ ඉතිහාසය අප හඳුනාගන්නේ දීපවංසය, මහාවංසය, ථූපවංසය, බෝධිවංසය ආදී පාලි, සිංහල ඓතිහාසික කෘති මූලිකත්වයේ තබාගෙනය. ඒවායෙහි අන්තර්ගත ඉතා වැදගත් කරුණක් ලෙසින් ‘නාග සංකල්පය’ හඳුන්වා දිය හැකිය. නාග යන වදන එයින් කියැවෙන්නේ උරග විශේෂයක්ද එසේත් නැත්නම් මනුෂ්‍ය ගෝත්‍රික පිරිසක්දැයි වටහාගෙන සිටීම වැදගත්ය. මේ සඳහා වැදගත් සාක්ෂ්‍ය රැසක් බුදුරදුන්ගේ ජීවන සමය සමඟද සබැඳේ.

බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමෙන් පසු සති හතක් පුරා බෝමැඬ ආසන්නයේ ගතකළ බවත් සයවැනි සතියේ මුචලින්ද නම් නාරජුන්ගේ නාදරණයේ වැඩසිටි බවත් අප හොඳින් දන්නා කරුණකි. එසේම උරුවේල කාශ්‍යප දමනය කරනු පිණිස ඔහුගේ අසපුවට වැඩි අවස්ථාවේ ඔහු බුදුහිමියන්ට වැඩ සිටීම සඳහා රුදුරු නාගයකු සිටින ස්ථානයක් පෙන්වූ බවත් සඳහන් වේ. මනුෂ්‍යයා ශිෂ්ටාචාර ගතවීමෙන් පසු නාගවන්දනයේ නියුක්තව සිටි බවට බැබිලෝනියානු ශිෂ්ටාචාරයෙන් හමුවිණැයි කියැවේ. නාගයා පිළිබඳ තොරතුරු පෙරදිග රටවල පමණක් නොව ග්‍රීසිය, මිසරය ආදී අපරදිග රටවලින්ද හමුවේ. ගලින් නිමැවුණු නිර්මාණ ඒ අතරින් හමුවී ඇත.
නාගයා පිළිබඳ ඇති විචාර අතර ලාංකේය විචාරකයන් බොහෝ දෙනෙකු දක්වා ඇති අදහස් වැදගත්වේ. බුදුරදුන්ගේ පාද ස්පර්ශය ලැබූ මෙහි උන්වහන්සේගේ ලංකාගමන් සඳහා අවස්ථා දෙකකදී ප්‍රස්තූත වී ඇත්තේ නාගයන් හා සම්බන්ධ කරුණුය. අතීතයේ මෙහි විසූවැයි සැලකෙන ජන කොට්ඨාස අතර නාග යනුවෙන්ද පිරිසක් වූ අතර ඊට අමතරව දේව, යක්ෂ, රාක්ෂ ආදී පිරිස් ද වූ බව කියැවේ. මෙකී නාගයන් පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනා ලංකාවේ ජීවත් වූ නාගයන් ලෙසින් හඳුනාගැනෙන්නේ උරග විශේෂයක් නොව මනුෂ්‍ය කොට්ඨාසයක් බව කියා ඇත. සිංහල යන්න සැකසී ඇත්තේ සිවුහෙළය බවත් ඉහතින් දැක්වූ දේව, නාග, යක්ෂ, රාක්ෂ යනාදී මෙහි විසූවන් ඇසුරින් එකී නාමය ප්‍රචලිත වූ බව අරිසෙන් අහුබුදු සූරීන් කියා ඇත. විල්හෙල්ම් ගෛගර් දක්වන්නේ නාග යනු මහත් බලසම්පන්න දිව්‍ය කොට්ඨාසයක් බවයි. මේ පිළිබඳ වැදගත් සටහන් රැසක් දීපවංසය, මහාවංසය ආදී කෘතිවලින් ලබාගත හැකිය.
බුදුරදුන්ගේ පළමු ලංකාගමනය මෙරටෙහි විසූ යක්ෂ යුද්ධයක් සංසිඳවීම අරමුණු කොටගෙන සිදුවූවකි. උන්වහන්සේ මහියංගණයට වැඩම කොට ඔවුන්ගේ යුද්ධය සංසිඳුවා නැවත භාරතයට වැඩම කර ඇත. දෙවැනිව මෙරටට වැඩම කිරීමට හේතු සැකසෙන්නේ මෙහි විසූ චූලෝදර මහෝදර මාමා, බෑනා දෙදෙනාගේ විරසකයයි. මෙහි විසූ මෙකී නාගයන් ගැන අදහස් දක්වන දීපවංස කතුවරයා ඔවුන් ඉතා බලසම්පන්න, මහත් ඍද්ධියෙන් යුක්ත පිරිසක් බව දක්වා ඇත. එසේම ක්ලේෂයන්ගෙන් ගහන වූ චණ්ඩ පරුෂ ගතිවලින් යුක්ත වූ ද්වේෂයෙන් අගතැන්පත් වූවන් ලෙස දක්වා ඇත. මහෝදර හා චූලෝදර දෙදෙනා යුද්ධයට එළඹෙන්නේ ද ඔවුනොවුන් තුළ පැවති අධික මානය නිසා බව දීපවංස කතුවරයා දක්වා ඇත.

ඔවුන් ගර්ජනා කරන්නේ මෙසේය. “ලක්ෂ කෝටි සංඛ්‍යාත නාගයෝ මෙහි පැමිණෙත්වා. මෙම යුදබිම මැදට පිවිසියාම සියලු නාගයන් මම විනාශ කරමි. තවද යොදුන් සියයක් ඇති මෙම දිවයින මම නාග මළසිරුරුවලින් ගොඩ කරමි” ආදී ලෙසිනි. බුදුරදුන්ට ලංකාවට වැඩම කිරීම පිණිස හේතුවන්නේද මෙකී යුද්ධයයි. උන්වහන්සේ “අද මම ලක්දිවට යායුතුය. එසේ නොයන්නේ නම් ලක්දිව සියලු නාගයෝ වැනසෙත්. මම නාගයන් කෙරේ හිතානුකම්පාවෙන් ලක්දිවට යන්නෙමි” ලෙසින් සිතා මෙහි සමිද්ධි සුමන දෙවියන් සමඟ වැඩම කළහ. ඒ බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ දීය. එසේ වැඩම කොට මෙම කෝලාහලය ඇති වීම සඳහා උපනිශ්‍රය වූ ප්‍රවෘත්තිය නාගයන් දෙදෙනාගෙන් විමසා සිටි බවත් එහි ආරම්භය ධනය බෙදාගැනීමට නොහැකිවීමෙන් ඇති වූ බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත. පළඟක් නිසා දුකට, ව්‍යසනයට පත්ව ජීවත් වනවාට වඩා සමගි සම්පන්නව ජීවත් වීමේ වැදගත්කම දේශනා කළ බුදුරජාණෝ ඔවුන් දෙදෙනා සමගි කරවූහ. බෙදා ගැනීමට නොහැකිව සිටි මැණික්වලින් සරසන ලද අසුන බුදුරදුන්ට පූජා කිරීමෙන් පසු බුදුරදුන් එහි වැඩහිඳිමින් දෙසූ දේශනා ඇසීමෙන් නාගයන් බුදුන් කෙරෙහි පැහැදුණු බවත් බුදුන් වහන්සේට නොයෙකුත් ආහාරපානවලින් සංග්‍රහ කළ බවත් දීපවංසයේ සඳහන්ව ඇත. බුදුරදුන්ගේ මෙම වැඩමවීමෙන් අසූකෝටියක් පමණ නාගයන් බුද්ධ ශාසනයේ පැහැදුණු බව එහිම සඳහන් වේ. මහාවංසයේ ද ඇත්තේ මීට සමාන කතා ප්‍රවෘත්තියකි.

බුදුරදුන් ලක්දිවට පැමිණ නාගදීපයේ විසූ තම ඥාතීන් සමගි සම්පන්න තත්ත්වයට පත්කළ කතාපුවත අසන්නට ලැබුණු තවෙකක්ද විය. ඔහු අන් කවරකුවත් නොව කැලණිය ප්‍රදේශයේ විසූ මණිඅක්ඛික නා රජුයි. තම ඥාතීන් දෙදෙනාගේ වියවුල දැනගෙන සිටි ඔහු බුදුන් වැඩමකොට දෙදෙනා සමගි කරවූ පුවත මහත් ආශ්චර්යජනක වූවක් නිසා බුදුරදුන් දැකගැනීමේ අදහසින් නාගදීපයට පැමිණියේය. ඔහු මනා ගුණධර්මවලින් යුක්ත තැනැත්තකු බව දීපවංසයේ දැක්වේ. බුදුන් සොයා නාගදීපයට ගිය නාරජු නැවත කැලණියට පැමිණියේ බලාපොරොත්තු රාශියක් පෙරදැරි කරගෙනය. ඉන් වැදගත්ම කරුණ වූයේ බුදුරදුන්ට තම ප්‍රදේශයට වඩින ලෙසින් කළ යටහත් ඉල්ලීමය. බුදුරදුන් එකී ආරාධනාව පිළිගත් නිසා උන්වහන්සේගේ වැඩමවීම මනා ලෙස සිදුකිරීම ඔහුගේ ඒකායන අපේක්ෂාව විය.

මණිඅක්ඛික නාරජුගේ ඉල්ලීම පිළිගත් බුදුරජාණෝ සම්බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී කැලණියට වැඩමකළේ මහරහතන් වහන්සේලා පන්සියනමක්ද සහිතවය. එසේ වැඩම කළ උන්වහන්සේ වර්තමානයේ කැලණි විහාරය පිහිටි ස්ථානයේ (කැලණි ගඟ සමීපයේ) වැඩසිටි සේක. මේ අවස්ථාවේ දී නාගයෝ මහපොළොවෙහි රනින් කරන ලද ආසන උන්වහන්සේ විෂයයෙහි පැනවූහ. ඒවාට නොයෙක් ආකාරයේ දිව්‍ය වස්ත්‍රද එලූහ. ආසන නොයෙක් රත්නයන්ගෙන්ද විවිධ අලංකාර මල්වලින් ද සැරසූහ. දුටුවන්ගේ සිත පහදින අයුරින් ප්‍රදේශයම අලංකාර කළහ. මෙසේ නන් අබරණින් අලංකාර කළ ආසන මස්තකයෙහි බුදුරදුන් ඇතුළු සඟරුවන වැඩසිටියහ. මෙහිදී මණිඅක්ඛික නාරජු මහාදානයක් බුදුන් ඇතුළු සංඝරත්නය විෂයයෙහි පිරිනැමූ අතර දන් වැළඳීමෙන් අනතුරුව භුක්තානුමෝදනා දම්දෙසුමක්ද පවත්වන ලදී. එයින්ද නාගයෝ මහත් ප්‍රසාදයට සන්තුෂ්ටියට පත්වූහ. ඉනික්බිතිව බුදුරදුන් මහසඟන පිරිවරා දීඝවාපියට අහසින් වැඩම කළ සේක.

මෙකී කතා ප්‍රවෘත්තිය ඉතා විස්තරාත්මකව දීපවංසයේ දැක්වූවත් මහාවංසයේ මෙතරම් දීර්ඝ වර්ණනාවක් අන්තර්ගත නොවේ. එහෙත් කරුණු අතින් සමානතා දිස්වේ. මහාවංසයට වඩා වැඩි යමක් දීපවංසයේ සඳහන් වීම වැදගත් කරුණක් ලෙසින් දැක්විය හැකිය.

නාග යනුවෙන් හැඳින්වූ පිරිස ශිෂ්ට සම්පන්න පිරිසක් බවට බුදුන්ගේ ආගමනයෙන් පසු පත් වූ බව පැහැදිලි වන්නේ ඔවුන් පඤ්චශීලය සමාදම් වී ශීලවන්ත පිරිසක් බවට පත්වීම හේතුවෙනි. ලංකාවේ පමණක් නොව මේ කාලයේදී ඉන්දියාවේද නාග නමින් හැඳින්වූ පිරිසක් විසූ බව එම්.සී. රාසනායගම් මහතා සඳහන් කරයි. ඉන්දියාවේ හිමාලයේ නාගකඳු, මධ්‍යම පළාත්වල නාග්පූර්, මදුරාසියේ නාගපට්ටනම් ආදී ස්ථානවල නාග ගෝත්‍රිකයන් විසූ බව ඔහු කියයි. ක්‍රිස්තු පූර්ව 4000දී පමණ බුරුම දේශයෙන් නාග ගෝත්‍රිකයන් මෙරටට සංක්‍රමණය වූ බව ඒ. කේ. මජූම්දාර් මහතාගේ අදහසයි. විජයගේ ආගමනයත් සමඟ යක්ෂ ගෝත්‍රිකයන් මෙන් ආර්යයන් සමඟ නාග ගෝත්‍රිකයන් ගැටුම් ඇති කරගත් බවක් කිසිදු තැනෙක සඳහන් වන්නේ නැත. ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ මෙහි වඩමවාගෙන පැමිණි දූත පිරිසේ නාග ගෝත්‍රිකයන්ද වූ බව කියයි. ක්‍රමයෙන් ඔවුන් (නාග ගෝත්‍රිකයන්) ආර්යයන් සමඟ විවාහ සබඳතා ද ඇති කරගෙන ඇති අතර දුටුගැමුණු රජුගේ මෙහෙසියන් අතර නාග කන්‍යාවක්ද වූ බව ජනප්‍රවාදයේ එයි.

භික්ෂූන් වහන්සේට ආරාම වශයෙන් ලෙන් පූජා කළ ප්‍රවෘත්ති ශිලාලේඛනවල සඳහන් වේ. ඒ අතර ඉතා ජනප්‍රිය වදනක් වන්නේ ‘නග, නක’ යන්නයි. එහි සිංහල අරුත වන්නේ නාග යන්නයි. එසේම නාග ලෙසින් හැඳින්වූ රාජ කුමාරවරුද මෙහි සිටියහ. මහානාග, ඛල්ලාටනාග, චෝරනාග, ඉලනාග, සිරිනාග, අභයනාග ආදීන් ඉන් කිහිපයකි. අතීතයේ පටන් යාපන අර්ධද්වීපය නකදිව යනුවෙන් හඳුන්වා ඇති බව පැහැදිලිය. පළමුවන සියවසට අයත් වසභ රජුගේ වල්ලිපුරම් සන්නසේද නකදිව යනුවෙන් හඳුන්වා ඇත්තේ නාගදීපය හෙවත් යාපන අර්ධද්වීපය බව සෙනරත් පරණවිතාන සූරීන් කියා ඇත. මහනුවර යුගයේ දී ලියැවිණැයි සැලකෙන නම්පොත නමින් වූ විහාර නාම ඇතුළත් කෘතියේ නාග පට්ටනම යනුවෙන් හඳුන්වා ඇත්තේද නාගදීපයයි.

දීපවංසය, මහාවංසය ආදී වංසකතා ඇතුළු ඓතිහාසික ග්‍රන්ථවලත් සාහිත්‍ය ග්‍රන්ථවලත් නාගයන් පිළිබඳ මනා අන්තර්ගතයක් පිළිබිඹු වන අතර ඔවුන් ශිෂ්ට සම්පන්න පිරිසක් බව ඒ සැම තැනෙහිම දක්වා ඇත. අතීතයේ පටන් මෙහි විසූ මෙකී පිරිස් බුදුරදුන්ගේ ආගමනයෙන් පසු බෞද්ධ පිරිසක් බවට පත් වූ බව සිතිය හැකිය.

මේ අතර නාග නමින් හැඳින්වූ විටෙක වෙස් මාරුකරගත හැකි ප්‍රාණීන් කොටසක් පිළිබඳ බුද්ධකාලීන තොරතුරුවලින් උකහා ගත හැකිය. ඉන් එකකු ලෙස ඒරකපත්ත නාගරාජයා දැක්විය හැකිය. නන්දෝපනන්ද නම් නාගරාජයකු බුදුරදුන් දමනය කළ ප්‍රවෘත්තියක් මහා ජයමංගල ගාථා අතර වෙයි. මුචලින්ද නාරජුද වෙස් මාරුකළ හැකි අයකු බවත් ඔහු බුදුරදුන් සයවැනි සතියේ වර්ෂාව මධ්‍යයේ වැඩ වෙසෙන විට බුද්ධ ශරීරය තම දරණයෙන් වෙළා හිසින් බුදුන්ට වර්ෂාවෙන් බාධාවක් නොවන පරිද්දෙන් සිටි බව උදාන පාළියේ මුචලින්ද වර්ගයේ සඳහන්ව ඇත.

මේ සියලු කරුණු අනුව පෙනී යන්නේ නාග යන නාමයෙන් ගෝත්‍රිකයන් පිරිසක්ද වෙස් මාරුකළ හැකි උරගයන් විශේෂයක්ද විසූ බවයි. මෙයින් ලංකාවේ විසූයේ නාග ගෝත්‍රිකයන් මිස වෙස් මාරුකළ හැකි උරගයන් නොවන බව පැහැදිලිය. මන්ද එසේ වෙස් මාරුකර ගත් අවස්ථාවක් ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සඳහන් නොවන නිසාය. නාගයන්ගේ ක්‍රමික වර්ධනයක් පිළිබඳ විස්තරාත්මක තොරතුරු වර්තමානයේ වුව ඉතා විරල වන අතර වර්තමානයේ වුව ඔවුන්ට ඥාති සබඳතා ඇති පිරිස් ජීවත්වන්නට පුළුවන.

රාජකීය පණ්ඩිත පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රයක් “One Galle Face”හි විවෘත කෙරේ

Next Post

බදුල්ල පාර මැද්දෙ කෝච්චි හංගන නිවුන්නු

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.