• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාව ගොඩක් අය ඉදිරියට අරන් ගියා! හොඳ එකක් ලැබුණොත් හිතලා බලනවා…

February 1, 2022
in Heart
Reading Time: 5 mins read
A A
මාව ගොඩක් අය ඉදිරියට අරන් ගියා! හොඳ එකක් ලැබුණොත් හිතලා බලනවා…
Share on WhatsAppShare on Facebook

දැන් නම් ඒවට බය නැහැ…
ඇස් දෙකෙන් දකින්න නැතිව චරිත සහතික දෙන අයත් ඉන්නවා…

‘වලවෙට්ටුවා’ කියන්නේ පසුගිය දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ විශාල ප්‍රේක්‍ෂකයන් පිරිසකගේ අවධානය දිනාගත් වෙනස්ම ආකාරයේ ටෙලි නිර්මාණයක්. ‘වලවෙට්ටුවා’හි ‘සමාධි’ගේ චරිතයට පණ පෙවූ ඇය සරාගී නිරූපණ ශිල්පිනියක්ම විතරක් නොව නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනියක්. නමින් ඇය තිළි ෆර්නැන්ඩුයි(Thilini Fernando). නිරූපණයට මෙන්ම රංගනයටද අලුත් මුහුණක් නිසා ‘මව්රට-හාට්’ අපි ඇය සොයා යන්නට හිතුවා.

තිළි ඔබ ගැන දැනගන්න ගොඩදෙනෙක් කැමැත්තෙන් ඇති මුලින්ම ඔයාගේ විස්තර ටිකක් කියමු..?
මගේ ගම කුරුණෑගල. පාසල් ගියේ කුරුණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලයට. මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, අක්කලා දෙන්නයි… තාත්තා නම් පොලිස් නිලධාරියෙක්. ලොකු අක්කා නම් ලංකාවෙ නැහැ. දෙවැනියත් පොලිස් ‘එස්.අයි’ කෙනෙක්. අම්මා නම් ගෙදර ඉන්නේ.

කලාවේ ආරම්භය ගැනත් මතක් කරමු..?
කලාවේ ආරම්භය ගැන කියනවා නම් මාව මුලින්ම උඩරට මනාලියක් විදියට ඩේ‍රස් කරලා නිරූපණ ක්‍ෂේත්‍රයට ගෙනාවේ කුරුණෑගල ‘Trend U Salon’ එකේ මයිකල් අයියා. එතැනින් එහාට මාව ගොඩක් අය ඉදිරියට අරන් ගියා.

නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසුණේ කොයි කාලයේද..?
නිරූපණ ක්‍ෂේත්‍රයට ආවේ 2020 අවුරුද්දේ වගේ. දැනට අවුරුදු එකහමාරක් වගේ වෙනවා.

‘වලවෙට්ටුවා’ ටෙලි නිර්මාණයේ ඔබ ‘සමාධි’ වුණේ කොහොමද?
ඇත්තටම මම රංගනයට නම් ලොකු උනන්දුවක් නැහැ. නමුත් එක ටෙලිනාට්‍යයක හරි රඟපාන්න ආසාවක් තිබුණු නිසා ඒ ආරාධනාව පිළිගත්තා. එහිදී තමයි මට ‘සමාධි’ කියන චරිතය ලැබුණේ.

‘වලවෙට්ටුවා’ කියන්නේ ඔබගේ ප්‍රථම ටෙලිනාට්‍ය. කොහොමද ජීවිතේට ඒ ලැබුණු අත්දැකීම..?
ඇත්තටම හොඳ ටීම් එකක් හිටියා. හැමෝම නිහතමානියි. ගමේ පරිසරයක ලස්සන අත්දැැකීමක් එක්ක ෂූටින් කරන්න හම්බ වුණා වගේම රංගනයේ ප්‍රවීණයන් සමග වැඩ කරන්න අවස්ථාවක් මට හිමිවුණා. ප්‍රවීණයන්ගේ උපදෙස් එක්ක ඇත්තටම ජීවිතයට ලොකු අත්දැකීමක් ලැබුණා.

කොහොමද මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර..?
ප්‍රතිචාර නම් ගොඩාක් හොඳයි. අදටත් ගොඩක් අය මට කතා කරන්නේ ‘සමාධි’ කියලා.

‘සමාධි’ සහ ‘තිළි’ අතර සමානකම් තියෙනවද?
සමානකම් නම් ගොඩක් දුරට නැහැ.

‘සමාධි’ගේ චරිතය ගැන අපි ටිකක් කියමු..?
‘සමාධි’ කියන චරිතය ගැන කියනවා නම් ගමේම ඉන්න රස්තියාදු ගහන, එපාම කරපු කෙල්ලො සෙට් එකක ඉන්න කෙනෙක්.

මේ වෙද්දි වෙනත් ටෙලිනාට්‍යවලට ආරාධනා නැද්ද?
ගොඩාක් ආරාධනා ලැබෙනවා. ඒත් රංගනයට නම් මගේ ලොකු කැමැත්තක් නැහැ. නිරූපණ ක්‍ෂේත්‍රයට තමා මම වැඩි කැමැත්තක් දක්වන්නේ.

ඒ කියන්නේ ඉදිරියේදී ටෙලිනාට්‍ය තුළින් ඔබව දකින්න නොලැබේවිද?
එහෙමත් කියන්න අමාරුයි. හොඳ චරිතයක් හම්බවුණොත් ටිකක් හිතලා බලනවා.

තිළි වෘත්තීය කලා ශිල්පිනියක්ද?
මම වෘත්තීය නිරූපණ ශිල්පිනියක්.

ජනප්‍රිය වෙද්දි කටකතා හැදෙනවා ඒ ගැන බයක් නැද්ද?
කටකතා නම් දවසින් දවස වැඩි වෙනවා. ඇස් දෙකෙන් දකින්නෙත් නැතුව චරිත සහතික දෙන පිරිසකුත් ඉන්නවනේ. නිරූපණ ක්‍ෂේත්‍රයට ආපු මුල් දවස්වල නම් කටකතාවලට ටිකක් බයයි. ඒත් දැන් නම් ඒක සාමාන්‍ය දෙයක් වෙලා.

පවුලේ අයගෙන් ඔයාගේ නිරූපණ කටයුතුවලට සහයෝගය කොහොමද?
පවුලේ අය නම් ලොකු කැමැත්තක් නම් නැහැ. ඒත් හොඳ සහයෝගයක් ලැබෙනවා විශේෂයෙන්ම අම්මගෙන්.

ඔයා පෙම්වතියක්ද?
ඔව්…

අනාගත බලාපොරොත්තු..?
නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉහළම තැනකට එන එක තමයි මගේ අනාගත බලාපොරොත්තුව.

-ටෙනායා ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

අමුත්තන් 12000ක් සහභාගී වන පාටි 12ක්! බකිංහැම් මාලිගාවත් එක්ක මාලිගා 5ක් බලාගන්නවා! සේවකයන් 450ක් වැඩ කරනවා! එංගලන්තෙ මහරැජිනට කෑම උයන වේයන්ගොඩ අපේ කොල්ලා!

Next Post

තවම මම ගැන තෘප්තිමත් වෙන්න අමාරුයි…

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක්...

Read more
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.