• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමුත්තන් 12000ක් සහභාගී වන පාටි 12ක්! බකිංහැම් මාලිගාවත් එක්ක මාලිගා 5ක් බලාගන්නවා! සේවකයන් 450ක් වැඩ කරනවා! එංගලන්තෙ මහරැජිනට කෑම උයන වේයන්ගොඩ අපේ කොල්ලා!

February 1, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
අමුත්තන් 12000ක් සහභාගී වන පාටි 12ක්! බකිංහැම් මාලිගාවත් එක්ක මාලිගා 5ක් බලාගන්නවා! සේවකයන් 450ක් වැඩ කරනවා! එංගලන්තෙ මහරැජිනට කෑම උයන වේයන්ගොඩ අපේ කොල්ලා!
Share on WhatsAppShare on Facebook

ලෝකය තුළ අපේ පුංචි රටේ නම බබළවන විවිධ ක්ෂේත්‍රවල දක්ෂයන් අපට හමුවෙන්නේ කලාතුරකින්. බොහෝ විට ක්‍රීඩා අංශයෙන් සුපිරි දස්කම් පෑ ලාංකිකයන් ගැන නම් අපි නිතර කතා කරනවා. නමුත් අද අපි කියන්නේ හිරු නොබසින අධිරාජ්‍යය හෙවත් එංගලන්තයෙ මහ රැජිනගෙ උත්සව සංවිධාන කරන තරුණයා ගැන. ඔහුගේ වෘත්තියේ තිබෙන වගකීම්සහගත බව කොයි තරම්ද, ඒ වෘත්තිය හරහා රාජකීයයන් අතර ඔහු අත්කරගෙන තිබෙන ගෞරවය කොයි තරම්ද කියලා දැනෙද්දී ඔහු ලාංකිකයකු වීම ගැන ඇත්තටම අපට ආඩම්බරයි. ධනංජය තෙන්නකෝන් නම් වූ මේ සුවිශේෂ තරුණයා සමග කළ සම්මුඛ සාකච්ඡාව අපි ඔබ වෙනුවෙන් මෙසේ පළ කරනවා. අපි එය උපුටාගත්තේ හරීන්ද්‍ර ජයලාල් යූටියුබ් නාලිකාවෙන්.

ධනංජයගෙ රැකියාවේ ස්වභාවය මොකක්ද කියන තැනින් අපි සාකච්ඡාව ආරම්භ කරමු?
ඔව්, හැම අවුරුද්දෙම සමර් එකේ බකිංහැම් පැලස් එකේ තියෙනවා ගාඩ්න් පාටීස්. ඒ එක සාදයකට අමුත්තන් දහ දාහකට විතර ආරාධනා කරනවා, එංගලන්තයේ සහ ලෝකයේ විවිධ රටවල අයට. සෙලිබි්‍රටීස්ලා, පාර්ලිමේන්තුව නියෝජනය කරන අය, ඒ වගේම අවුරුදු දහයක් විතර තිස්සේ පාර අතුගාන මිනිසුන්ට පවා ඇරයුම් කරනවා. ඔවුන් ඒ රටට සහ සමාජයට කරන සේවයට ස්තුති කරන්න තමයි මහ රැජින එම සාද පවත්වන්නේ හැම අවුරුද්දෙම. මැයි මාසෙ තමයි සාමාන්‍යයෙන් ඒක තියෙන්නේ. ඒ සාදයට ඉවෙන්ට්ස් 10ක් විතර ඇතුළත් වෙනවා. ඒ සාදයෙ සියලුම අංශවල කටයුතු භාරව ඉන්නේ මම. පහුගිය අවුරුදු 05ක කාලය පුරාම. ඊට කලින් මම ලන්ඩන්වල ලෝර්ඩ් මේයර් ඉන්න මාලිගාවේ වැඩ කළා. ඒකෙ වැඩකටයුතු බලාගත්තා. එතැනදී මට රාජකීය පවුලේ කේට්, විලියම් වගේ අය හමුවුණා. ඒ හමුවුණු අවස්ථාවෙ තමයි ඔවුන් මට කිව්වේ බකිංහැම් පැලස් එකේ සාද සංවිධානය කරන්න අවස්ථාවක් තියෙනවා කියලා, ඔබ කැමැතිද කියලා. ඒ අනුව තමයි මට ඒ රැකියාව ලැබුණේ.

මේ ගතවෙන්නේ 2022 ජනවාරි මාසේ. මේ දවස්වල ඔබේ ප්‍රධානම රාජකාරිය මොකක්ද?
මේ මැයිවලට රැජින කිරුළු පලඳලා අවුරුදු 70ක් පිරෙනවා. ඒකත් එක්කම සාදයක් සංවිධාන වෙනවා. ඊටත් අමතරව තවත් ගොඩක් දේවල් තියෙනවා. ඒ සඳහා අමුත්තන් 12,000ක් විතර සහභාගි වෙනවා.

මේ වගේ සාද කීයක් විතර අවුරුද්දකට තියෙනවද?
12ක් වගේ තියෙනවා.

මොනවද ඒ සාද?
සමර් එකේ තියෙන එළිමහන් සාද තමයි අපි පාලනය කරන්නේ.

ඒවා සම්පූර්ණයෙන්ම සමර් එකට විතරද තියෙන්නේ?
ඔව්. මොකද එංගලන්තය කියන්නේ අවුරුද්දටම සති 4ක වගේ කාලයක් විතරයි ඉර පායන්නේ. ඒ කාලයට විතරයි මේ වගේ සාද සංවිධාන කරන්නේ.

ඔබේ ගම කොහෙද ලංකාවෙ?
වේයන්ගොඩ, පත්තලගෙදර.

පත්තලගෙදර ඉපදුණු ධනංජය තෙන්නකෝන් කොයි කාලෙද එංගලන්තයට යන්නේ?
මම නිට්ටඹුවේ සංඝබෝධි විද්‍යාලයෙන් ඕලෙවල්, ඒලෙවල් කරලා තමයි එංගලන්තයට ගියේ උසස් අධ්‍යාපනය සඳහා.

ඔබ කොහොමද එංගලන්තයට ගියේ?
ඒ වෙද්දි මගේ අක්කත් එංගලන්තයෙ, අම්මත් එහෙ හිටියේ. මගේ තාත්තා ලංකාවෙ ඉන්නවා. ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යාඥයෙක්. දැන් ඔහු විශ්‍රාමිකයි.

ඔබ මොන අවුරුද්දෙද ලංකාවෙන් යන්නේ?
2008.

එහෙදි මුලින්ම ඔබ තෝරාගන්නේ මොන ක්ෂේත්‍රයද?
හොස්පිටැලිටි, ඉවෙන්ට්ස් ඇන්ඩ් ටුවරිසම් කියන ක්ෂේත්‍ර. ඒකට මම කැමැති වුණු හේතු දෙකක් තියෙනවා. තාත්තා සංස්කෘතික ත්‍රිකෝණයේ වැඩකරද්දී අපිව ඒ පුරාවිද්‍යා ස්ථාන බලන්න එක්කගෙන යනවා. එහෙම යද්දී ඒ ස්ථානවලට ඇවිත් ඉන්න විදේශිකයො දකිද්දි මට හරිම ආස හිතුණා. අනෙක් හේතුව මට වයස අවුරුද්දෙදි ඉඳලා අම්මා මට ඉංග්‍රීසි ඉගැන්නුවා. අපි හරි සාමාන්‍ය පවුලක අය. නමුත් අම්මා ඉංග්‍රීසි හොඳින් ඉගෙනගෙන තිබුණා. ඉතින් අම්මා මට ඉංග්‍රීසි ඉගැන්නුවා. ඒ හින්දා මම අවුරුදු හතරෙ පහේදි පවා කොහේදි හරි විදේශිකයෙක් දැක්කොත් ඔහු එක්ක ඉංග්‍රීසියෙන් කතා කළා. එතකොට ඒ අයටත් සතුටුයි. ඉතින් මම පස්සේ මං එංගලන්තයට ගියාට මට කිසිම චකිතයක් තිබුණේ නෑ භාෂාව ගැන. එහෙදි මගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. ඒ අතර පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න වුණා මට. මම මුලින්ම රෙස්ටොරන්ට් එකක පිඟන් සේදුවා මාස 3ක් විතර. ඊට පස්සේ මම වේටර් රැකියාවක් කළා. එතැන උසස්වීම් ලැබිලා සුපර්වයිසර් වුණා. ඒ විදියට තමයි ඒ ගමන ගියේ. මගේ ඒ වෘත්තීය සුදුසුකම් සහ එකතු කරගත්ත දැනුමත් එක්ක මට ලෝර්ඩ් මේයර්ගෙ පැලස් එකෙන් කතා කළා ඒගොල්ලන්ට ජූනියර් බැන්ක්වට් මැනේජර් කෙනෙක් ඕනෙ කියලා. මොකද මම එතැන කලින් පාර්ට් ටයිම් වැඩ කරලා තිබුණු නිසා. එතකොට මගේ ඩිග්‍රි එකවත් ඉවර වෙලා තිබුණෙ නෑ. එයාලා මගෙන් ඇහුවා කැමැතිද ඒ රැකියාවට කියලා. මම එතැනදි හරිම වාසනාවන්ත වුණා. මගේ ඩිග්‍රි එක ඉවරවෙනවත් එක්කම පැලස් එකේ ෆුල් ටයිම් වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. එතැනදි අවුරුදු පහක කාලයක් තුළ මම ජෙනරල් මැනේජර් දක්වාම ඉහළට යනවා. ඊට පස්සේ තමයි මට බකිංහැම් පැලස් එකේ රැකියාවට ආරාධනාවක් ලැබුණේ. මම තමයි ඒ රැකියාව කරපු පළමු ආසියාතිකයා. මට කලින් හිටපු ඔක්කොම අය බි්‍රතාන්‍ය ජාතිකයො.

එළිමහන් රාජකීය සාදවල ප්‍රධාන සංවිධායකයා ඔබ. ඒ තනතුර සඳහා ඔබට ලැබෙන වරප්‍රසාද මොනවද?
වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.

කෑමත් එක්කනෙ ඔබේ රැකියාව බැඳිලා තියෙන්නේ. රජ මාලිගාවටත් ගැළපෙන, හැමෝම සතුටුවෙන විදියේ කෑම. මේක හරිම සංවේදී කාරණාවක් නේද?
මම ලබන සතියේ එහෙට ගිහිල්ලා පළමු පියවර ගන්නවා කෑම තෝරාගැනීමේදී. උදාහරණයක් විදියට කිව්වොත් ගාඩ්න් පාටිවලදි අපට ප්‍රඩක්ට්ස් 18ක් වගේ තමයි අන්තිමට තියෙන්නේ. නමුත් මට පටන්ගන්න තියෙන්නේ කෑම වර්ග 120කින්. එහෙම පටන් අරගෙන අඩු කරලා අඩු කරලා තමයි හොඳම ආහාර වර්ග ටික ඉතිරි කරගන්නේ.

ඒ සඳහා අවසන් තීරණය දෙන්නේ කවුද?
මහ රැජිනගේ ප්‍රධාන සූපවේදියාගෙන්.

මොන වගේ කෑම වර්ගද ඔබ තෝරාගන්නේ?
මිනිස්සුන්ගෙ හිතේ තියෙනවනෙ රජ මාලිගාව කිව්වාම යම් චිත්‍රයක්, මෙන්න මේ වගේ වෙන්න ඇති කියලා. නමුත් ඒ අය මුල්තැන දෙන්නේ ඒ රටේ වැවෙන දේට. ඒ රටෙන් හොයාගන්න පුළුවන් දේට.

ඔබේ පසුගිය අවුරුදු පහක කාලය තුළ කොයිම වෙලාවකවත් ඒ දීපු කෑම ගැන ප්‍රශ්නයක් මතුවෙලා නැද්ද?
අද වන තුරු කිසිම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. මම හිතන්නෙ නෑ එහෙම වේවි කියලත්.

බකිංහැම් මාලිගාවේ සාදයද මුලින්ම පැවැත්වෙන්නේ?
ඔව්. ඒක දවස් 12ක් වගේ පැවැත්වෙනවා. ඒ සඳහා ලක්ෂයක විතර පිරිසක් ආරාධනා ලබනවා.

එතකොට ඒ සඳහා කොච්චර විතර ආහාර ප්‍රමාණයක් වැය වෙනවද?
සාමාන්‍යයෙන් ආෆ්ටර්නූන් ටී සඳහා සැන්ට්විචස් එක්ලක්ෂ පනස් දාහක් විතර ඇණවුම් කරනවා. කේක් වර්ග එක්ලක්ෂ හැටදාහක්, තේ එක්ලක්ෂ අසූදාහක් වගේ පිළිගන්වනවා.

මේ හැම සාදයකටම මහ රැජින සහභාගි වෙනවද?
ඔව්. මහ රැජින සහ ඇය වටා ඉන්න සියලු දෙනාම සහභාගි වෙනවා. මහ රැජින හැම වෙලාවෙම උත්සාහ කරනවා ඒ ඇවිල්ලා ඉන්න ජනතාව එක්ක කතාබහ කරන්න. හරිම නිහතමානී විදියට තමයි ඔවුන් ජනතාව එක්ක ඉන්නෙ.

ඒ හැම දවසකම හැම සාදයකම ඔබ සිටිය යුතුමයිද?
ඔව්. හැම දවසකම උදේ 5.30 වෙද්දි මම එතැනට එනවා. මගේ යටතේ 450ක විතර පිරිසක් වැඩ කරනවා එක සාදයක් වෙනුවෙන්. ඒ 450ටම නායකත්වය දෙන්නේ මම. ලන්ඩන්වල තියෙන ලොකුම මාලිගා 05ක් මම බලාගන්නවා. බකිංහැම් පැලස් එක, වින්සන්ට් කාසල් එක, ටවර් බි්‍රජ් එක, ටවර් ඔෆ් ලන්ඩන් එක, කෙම්සන්ටන් පැලස් කියලා තවත් පැලස් එකක් තියෙනවා. කෙම්සන්ටන් පැලස් එකේ තමයි කේට් සහ විලියම් ඉන්නේ. ඔය පැලස් පහම සංචාරකයන්ටත් විවෘත කරනවා. ඔය පැලස් පහ බලන්න අවුරුද්දකට එනවා මිලියන 8ත් 10ත් අතර සංචාරකයන් ප්‍රමාණයක්. ඔවුන්ගේ ආහාර පාන සහ අනෙක් පහසුකම් ගැන සොයා බලන්නෙත් මම.

කේට් සහ විලියම්ගේ සහභාගිත්වය කොහොමද ඒ සාදවලට?
ඇත්තටම ඔවුන් හරිම නිහතමානී අය. ඕනෑම කෙනකුට කතා කරනවා. රජ පවුලේ අය කියලවත් හිතන්න බෑ. ඒ තරම් නිහතමානී.

ඔබට මහ රැජිනත් එක්ක පවා ගනුදෙනු කරන්න වෙනවද?
ඔව්. මම හරිම වාසනාවන්තයි. මම මුණගැහිලා කතා කරලා තියෙනවා කිහිප වතාවක්ම මහ රැජින සමග. ඇය හිතාගන්න බැරි තරම් නිහතමානී කෙනෙක්. මට ඇයව පළමු වතාවට හමුවෙද්දී මට මතක් වුණේ මගේ ආච්චි අම්මව. ඒ ආදරණීය බව මට ඒ විදියට දැනුණා.

ඒ විදියට කේට් සහ විලියම්වත් මුණගැහිලා තියෙනවද?
ඔව්. කෙන්සින්ටන් පැලස් එකේ තියෙනවා රෙස්ටොරන්ට් එකක්. ඒකෙ තමයි ඔවුන්ගේ පොඩි හමුවීම් වගේ දේවල් තියෙන්නේ. එහෙම දෙයක් තියෙද්දී ඔවුන් ඒ සඳහා පොඩි ඉඩක් ඉල්ලාගෙන ඒ හමුව පවත්වලා යනවා.

සාමාන්‍යයෙන් රජ පවුලක් කිව්වාම දැනෙන්නේ සාමාන්‍ය ජනතාවට දුරස් බවක්. නමුත් බි්‍රතාන්‍ය රජ පවුල ජනතාව සමග ඉතා සමීපවයි කටයුතු කරන්නේ. ඒ නිසාම ඒ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයටත් ඒක ලොකු පිටිවහලක් වෙලා නේද?
අනිවාර්යෙන්ම. ඔවුන්ට තියෙන්නේ හරිම නිහතමානී දැක්මක්. ඒ සංචාරක කර්මාන්තය හරහා මාලිගාවලට ලැබෙන ආදායම්වලින් එක පවුමක්වත් රජ පවුල පරිහරණය කරන්නේ නැහැ. ඒවා ඔක්කොම නැවත යොදන්නේ ඒ රටේ ආර්ථිකයට. ඒ වගේම උදව් අවශ්‍ය පුද්ගලයන්ට බෙදා හරිනවා, අලුත් ආයෝජනවලට යොදනවා.

දකුණු ආසියාතික රටවල රජවරුන්ට, දේශපාලකයන්ට ළඟින් වැඩ කරනවා කියන්නේ බෙල්ල ගහලා යන වැඩක්නේ. නමුත් ඒ අත්දැකීම එංගලන්තයෙදි වෙනස් වෙන්නේ කොහොමද?
ඒ මිනිස්සු මට ගරු කරන්නේ මම කරන දේත් එක්ක. කිසිම දවසක හිතෙන්නේ නැහැ ‘අම්මෝ මම මේක කළොත් බෙල්ල ගහලා යයි’ කියලා.

දකුණු ආසියාතික රටවල පවුල්වාදය, පවුල් රජවීම කියන දේ ප්‍රතික්ෂේප කරනවනෙ. නමුත් එංගලන්තයේ රජ පවුලට මිනිස්සු ආදරෙයි?
ඔව්. ඒකට හේතුව තමයි ඒ අය සමාජය වෙනුවෙන් කරන කැපවීම. මම කියපු ප්‍රධාන මාලිගා පහට අවුරුද්දකට මිලියන 10ක් සංචාරකයො එනවා. ඒ වගේ තවත් විශාල සේවයක් රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් ඉටුකරනවා. මම හිතන්නේ මිනිස්සුන්ගෙ ආදරය එන්නේ අන්න ඒ දේවල් එක්ක.

අපි ඔබේ පෞද්ගලික ජීවිතේ පැත්තට හැරෙමු. ඔබ විවාහකයිද?
ඔව්. ඇය ජෙසිකා. එංගලන්තයේම කෙනෙක් ඇය.

කොහොමද ඇයව මුණගැහුණෙ?
මම එතකොට කැම්පස් ගිහින් ඉවරයි. ජෙසිකා ෆයිනල් ඉයර් එකේ හිටියේ.

ඔබ විවාහ වුණේ මොන අවුරුද්දෙද?
2015

ජෙසිකා ලංකාවට ඇවිත් තියෙනවද?
ඔව්. තුන් පාරක් ඇවිත් තියෙනවා.

ඔබ තෝරාගත් ක්ෂේත්‍රය තුළින් අනාගතයේ මොන වගේ දේකට යොමුවෙන්නද බලාපොරොත්තුව?
මට පොඩි දුකක් තියෙනවා. මොකද මම ජෙසිකාව ලංකාවට එක්ක ආපු මුල්ම පාර, අපි ආයෙත් එහෙට යන්න යද්දී එයා මට කිව්වා අපි ඇයි ආපහු ලන්ඩන් යන්නේ, මෙච්චර ලස්සන රටක් තියෙද්දී කියලා. නමුත් අපේ රටේ තියෙන මේ සම්පත් කිසිවකින් අපි හරි ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඔබ කලින් කිව්වා ලංකාවට අවුරුද්දකට ලක්ෂ 20ක විතර සංචාරකයො පිරිසක් එනවා කියලා. එංගලන්තයට අවුරුද්දකට මිලියන 40කට ආසන්න විදේශිකයන් පිරිසක් එනවා. ලංකාවට එනව වගේ 20 ගුණයක්. නමුත් ඒ රටේ නැහැ අපේ රටේ වගේ ලස්සන මුහුදු වෙරළවල්, වනාන්තර. ඉතින් මෙච්චර දේවල් තියෙන අපි ඇයි මේවා දියුණු කරන්නේ නැත්තේ? ඇත්තටම මට ඕනේ මම ඉගෙන ගත්තු දෙයින් අපේ රටට දෙයක් කරන්න. මම මීට මාස දෙකකට කලින් ලියන්න ගත්තා බ්ලූ ප්‍රින්ට් එකක්. මට ඕනෙ අපේ සංචාරක ව්‍යාපාරය, හොස්පිටැලිටි ක්ෂේත්‍රය, ඉවෙන්ට්ස් මැනේජ්මන්ට් කොහොමද තව දියුණු කරන්න පුළුවන් කියලා බලන්න. ඒ හරහා අපේ රටට තව විශාල විදේශ විනිමයක් උපයා ගන්න පුළුවන් වෙනවා. මොකද මේ රට මෙහෙම දකිද්දි මටත් හරිම දුකක් දැනෙනවා, මම පිටරට ජීවත් වුණත්. ඒකට අපි මොනව හරි දෙයක් කරන්න වෙනවා.

මෙච්චර කල් හැම දෙයක්ම හරියටම, නිවැරැදිවම, අකුරටම කිරීම නේද ඔබේ සාර්ථකත්වයේ සැබෑම රහස?
ඔව්. හුඟක් මහන්සි වෙලා, නිදාගන්නෙ නැතුව ඒ දේවල් කළ නිසා තමයි අද මට මේ තැනට එන්න ලැබුණේ.

සැකසුම චානක ලියනගේ

SendShareShare
Previous Post

ඇම්බියුලන්ස් එකට වෙඩි තිබ්බේ මේ දෙන්නා! ඔත්තුව දුන්නොත් පොලිසියෙන් මිලියනයක තෑග්ගක්!

Next Post

මාව ගොඩක් අය ඉදිරියට අරන් ගියා! හොඳ එකක් ලැබුණොත් හිතලා බලනවා…

MORE NEWS

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

Load More
පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

බලංගොඩට සජබ ආසන සංවිධායකවරයකු නොමැති බවත්, පසුගියදා පොහොට්ටුව සජබ බලංගොඩ ආසන සංවිධායකවරයා සිය පක්ෂයට එක් කර ගත් බව කියමින් ජනතාව...

Read more
එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.