• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

මෙක්සිකෝව වනසන චීන මත්ද්‍රව්‍ය!

January 30, 2022
in Politics
Reading Time: 4 mins read
A A
මෙක්සිකෝව වනසන චීන මත්ද්‍රව්‍ය!
Share on WhatsAppShare on Facebook

මැක්සිකෝවේ නව පාලන ආණ්ඩුව ආරම්භ වූ 2018 දෙසැම්බර් පළමුවැනි දා සිට මේ දක්වා අත් අඩංගුවට ගැනුණු සින්තටික් වැනි කෘත්‍රිම මත්ද්‍රව්‍ය තොග ප්‍රමාණය සියයට පන්සිය විසි පහකින්(525%)ඉහළ ගොස් ඇත.

එ රට ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වැටලීම් නිලධාරීන් විසින් 2016 සිට 2018 අතර තුන් අවුරුදු කාලය තූළ අත්අඩංගුවට ගනු ලැබූ මත් ද්‍රව්‍ය තොගය රාත්තල් 1232 ක් හෙවත් කිලෝ ග්‍රෑම් 559 කි.

එහෙත් 2019 සිට 2021 අතර තුන් අවුරුචු කාලය තුළ අත් අඩංගුවට ගත් ප්‍රමාණය රාත්තල් 7,710 හෙවත් හෙවත් කිලෝ ග්‍රෑම් ප්‍රමාණය 3,497කි.

මැක්සිකෝවේ ආරක්‍ෂක ලේකම් ජෙනරජල් ලුයිස් ක්‍රෙසන්සියෝ සෑන්ඩොවෙල් ප්‍රකාශ කෙළේ මේ මාරාත්මක තොග චීනෙන් ආනයනය කරන බවකි.

2016 සිට 2018 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගැනුණු රාත්තල් 120,100ට හෙවත් කිලෝ ග්‍රෑම්54,521ක් වූ මෙත් ද්‍රව්‍ය තොගයට වඩා සියයට එකසිය විසි අටක(128%) වර්ධනයකින් යුතු මෙතම්පිටමයින්ස් රාත්තල් 275,000 හෙවත් කිලෝ ග්‍රෑම් 124,737 ගතවූ තුන්වසර තුළ අත්අඩංගුවට ගැනුණු බව හෙතෙම පැවසුවේය.

මේ සින්තටික් මත් ද්‍රව්‍ය පාවිච්චියේ පහසුව සඳහා සහ වෙනසක් ද,වෙළෙඳ පොළ වෙනසක්ද සිදුවී ඇතැයි කී හෙතෙම පෙතිවශයෙන් හෝ වේදනා නාශක මුවාවෙන් ඖෂධ වර්ග සමග හාමු (මුසු)කර නිෂපාදනය කෙරෙන බවද ඊට චීනයේ අපරාධ කල්ලියක් සම්බන්ධ බව ද ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

මේ හේතුව නිසා ඕපියම් වගාකරමින් වෙහෙසෙන්නට අවශ්‍යවන බවක් පෙනෙන්නට නැතැයි ද පැවසීය.

මැක්සිකෙර්වෙන් ඇමරිකාවට මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ට්‍රක් රථ රියදුරකු පසුගිය දා අත්අඩංගුවට ගැනීමෙන් මැක්සිකෝවේ කෙරෙන නිෂ්පාදනයේ තරම ද පැහැදිලි විනැයි හෙතෙම වැඩිදුරට ද කීය.

මෙත් නමැති වර්ගයෙන් රාත්තල් 17,500 ක් හෙවත් කිලෝ ග්‍රෑම් 7,930ක් ද ෆෙන්ටනිල්(වේදනා නාශක)මුවාවෙන් නිෂ්පාදනය කෙරෙන වර්ගයේ මත් ද්‍රව්‍ය රාත්තල් 389ක් හෙවත් කිලෝ ග්‍රෑම් 176ක ට්‍රැක්ටර් ටේලරයක සඟවා ප්‍රවාහනය කරමින් සිටියදී සන්තියාගෝවේ ඔටේමෙසා දේශ සීමාවේ දී පසුගිය දා රියදුරා අත් අඩංගුවට ගැනුණු බවද ඇමරිකාවේ නීති දෙපා්ර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

ඇමරිකානු රේගු දෙපාර්තමේණ්තුව සහ දේශ සීමා සුරක්‍ෂණ අංශයේ නිවේදන වලට අනුව වේදනා නාශක මුවාවෙන් පසු ගිය ඔක්තෝබර් මාසයේ පමණක් නිෂ්පාදන ප්‍රමාණය සියයට හතළිස් දෙකක(42%)වර්ධනයක් අගයක් දැක්වේ.

මැක්සිකෝව සහ චීනය අතර මහා පරිමාණයෙන් කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීමට ජෝ බයිඩන්ගේ ආණ්ඩුවට තමා බලකරන බව රිපබ්ලිකන් පක්‍ෂයේ සෙනේටර් රොබ් පෝර්ට්මන් “ෆොක්ස්” පවෘත්ති සේවය සමග පසුගිය දාපැවති මාධ්‍ය සාකච්ඡාවක දී දිව්රා ප්‍රකාශ කෙළේය.

ඇමරිකානුවන් වාර්තාගත අන්දමින් මරණයට පත්කරවන වේදනා නාශක ලේබලය අලවා වෙළෙඳපොලේ අලෙවි කරවන මත්ද්‍රව්‍ය වෙළෙඳාම පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ වැඩ සටහන් රට පුරා ක්‍රියාත්මක කරවන බවට ද හෙතෙම ප්‍රතිඥා දුන්නේය.

මත්දූව්‍ය අධික ප්‍රමාණයක් ගැනිම නිසා ඇමරිකානු ඉතිහාසයේ ඉතාම භයානක අන්දමින් වාර්තාගත වූ මරණ සංඛ්‍යාව 2020 අප්‍රේල් මාසයේ සිට 2021 අප්‍රේල් මාසය දක්වා වූ වසරක කාලය තුළ ලක්‍ෂයක්(100,000)ලෙස අනාවරණය වී ඇති බව වෛදා්‍ය වාර්තාවල දැක්වේ.

කොවිඩ් වැළඳුණු රෝගීන් බොහෝ දෙනකු වේදනා නාශකයක් ලෙස මේ වර්ගයේ ව්‍යාජ ඖෂධ භාවිතයෙන් මරණ සංඛ්‍යාව මෙ සේ ඉහළ ගොස් ඇතිබව ද අනාවරණය වී ඇත.

මත්දූව්‍ය අර්බුදය සම්බන්ධයෙන් ජෝ බයිඩන් ගේ ආණ්ඩුව මේ වන විට රිපබ්ලිකන් පක්‍ෂයේ සෙනේටර් රොබ් පෝර්ට්මන් ඇතුළු කණඩායමකගේ දැඩි විවේචනයට පාත්‍රව ඇත.

“මැක්සිකෝව මෙන්ම චීනය සමග කටයුතු කිරීමට ද බයිඩන් ආණ්ඩුව ප්‍රවේශම් විය යුතුයි.දේශ සීමාවල පරීක්‍ෂණ තර කළ යුතුයි.මහා පරිමාණයේ සුරක්‍ෂා ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුයි”ඔවුහු දැඩිව අවධාරණය කරති.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීනය ඇමරිකාවට අනතුරු අඟවයි!

Next Post

කහ සහ ගෝඨාගේ ඇහැ! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.