• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කහ සහ ගෝඨාගේ ඇහැ! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

January 2, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
කහ සහ ගෝඨාගේ ඇහැ! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

2020 අවුරුද්ද ආරම්භයේදී කොරෝනා රට ඇතුළේ ව්‍යාප්ත වීමත් සමග ගෝඨා තීන්දු තීරණ කිහිපයක්ම අරගත්තේය. ඒ ගත් එක් තීන්දුවක් වූයේ කහ ලංකාවට ආනයනය කිරීම අත්හිටුවීමය. ගෝඨා ඒ තීන්දුව ගත්තේ රට ඇතුළේ වගා කළ හැකි සියලුම භෝග වගාකොට ඒවා පිටරටින් ගෙන්වීමට යන විදේශ විනිමය රට ඇතුළේ ඉතිරි කර ගැනීමය. ඊළඟට මෙරට ගොවීන්ට හොඳ ආදායමක් ලබාදීමටය. එමෙන්ම නීති විරෝධී මාර්ග ඔස්සේ කහ තොග රටට ඇතුළු වීම වැළැක්වීමටය.

හැබැයි ගෝඨා මෙසේ කහ ගෙන්වීම අත්හිටුවීම තීන්දු කිරීමත් සමග රට ඇතුළේ විශාල කහ හිඟයක් නිර්මාණය විය. කහ කිලෝව රුපියල් 5,000 ඉක්මවා ගියේය. ඇතැම්හු ඉන්දියාවෙන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ කහ ගෙන්වීමට උත්සාහ කළහ. සමාජ මාධ්‍ය ජාලවල විපක්ෂයත්, ආණ්ඩු විරෝධීනුත් එක්ව කහ තහනම් කිරීමට එරෙහිව විශාල රැල්ලක් ආණ්ඩුවට එරෙහිව රැගෙන ගියහ. එකල සමාජ මාධ්‍ය ජාලවල පමණක් නොව ගමේ ගොඩේ හැම තැනම ප්‍රධාන මාතෘකාව බවට පත්වුණේ මේ කහ තහනමය.

‘ඇද්ද දුන්නා ගෝඨට, දැන් කහ කීයද? දැන් කහ තියෙනවද? දැන් ඔක්කොටම කහගන්න තමයි වෙන්නේ. හොද්දට දාන්නවත් කහ ටිකක් නෑ. කහ හොයනවා කියන්නේ කළුනික හොයනවාටත් වඩා අමාරු දෙයක්…’

විපක්ෂයේ අය සමාජ මාධ්‍ය ජාලවල ගෝඨාටත් ආණ්ඩුවටත් ඔච්චම් කරමින් පෝස්ටු පළකර තිබුණේ එහෙමය.

නමුත් කොච්චර ආණ්ඩුවට ගැහුවත් ගෝඨා කහ ගෙන්වීම තහනම් කිරීමේ තීන්දුව ආපස්සට ගත්තේ නැත. ගෝඨා කීවේ එම තීන්දුව සමග කෙටි කලක් අසීරු වුවත් ඉන් පසු කහ වගාවෙන් රට ස්වයංපෝෂිත කළ හැකි යැයි කියාය. විදේශ විනිමය ඉතිරි කරගත හැකි යැයි කියාය. ගොවීන්ගේ අතට හොඳ මුදලක් ලබාගත හැකි යැයි කියාය.

ගෝඨා මේ කහ තහනම පනවා දැන් වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත. දැන් කවුරුත් කහ ගැන කතා කරන්නේ නැත. මොකද ඒ තීන්දුවත් සමග ගොවීන් කහ වගාකිරීම ආරම්භ කොට වසරක් ඇතුළත රටට අවශ්‍ය කහ ප්‍රමාණය නිෂ්පාදනය කර දීමට පියවර ගත්තේය. එදා 5,000ට 6,000ට ගිය කහ කිලෝව අද වන විට සාමාන්‍ය ජනතාවට මිලදී ගත හැකි මට්ටමට පත්ව තිබේ. ගෝඨා ගත් මේ කහ තීන්දුවෙන්ම ගෝඨාගේ දැක්ම හෙවත් විෂන් එක පිළිබඳ ඕනෑම කෙනකුට තේරුම් ගැනීමට පුළුවන. හැබැයි ඒ විෂන් එක තේරුම් නොගත් විපක්ෂයත්, සමාජ මාධ්‍ය ජාලාකාරයොත් ගෝඨාටත්, ආණ්ඩුවටත් සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන පළු යවන්න කටයුතු කළහ. අද ඒ සියලු දෙනාම සිටින්නේ ගලේ පැහැරූ බළලුන් ගානට වැටිලා මොනවත් කියාගන්න බැරුවය.

හැබැයි කරුමෙ කියන්නේ ආණ්ඩුවේ මාධ්‍යයටත්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටත් මේ ඇත්ත රටේ ජනතාවට තේරුම් කර දීමට නොහැකි වීමය.

කහ වගේම ගෝඨා ගත් අනෙක් තීන්දුව වූයේ රසායනික පොහොර තහනම් කොට කාබනික වගාව රට තුළ ප්‍රචලිත කොට ගොවීන්ට හොඳ මිලක් ලබාදීමය. වස විස කෑමෙන් ජනතාව මුදාගැනීමටය. ඒ හරහා දැවැන්ත කෘෂි විප්ලවයක් රට ඇතුළේ ඇතිකිරීමය.

හැබැයි ලංකාවේ විපක්ෂයත්, කෘෂි බක පණ්ඩිතයොත් ගෝඨාගේ කෘෂි විප්ලවයට උදව් කළේ නැත. ඔවුන් කළේ ඒ කෘෂි විප්ලවයට එරෙහිව කැරැල්ලක් ගැසීමය. ඒකෙන් වුණේ ගෝඨාගේ දැක්ම යටගොස්, විපක්ෂයේ කෙටිකාලීන සටන් පාඨ උඩට ඇවිත් රට ඇතුළේ ලොකු අර්බුදයක් මතුවීමය.

ගෝඨාගේ දර්ශනය හෙවත් දැක්ම සහ එම දර්ශනය ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය පිළිබඳ යුද්ධ කාලයේ ඉතා හොඳ පූර්වාදර්ශයක් තිබේ. ඒ, යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා පියවරෙන් පියවර ඉදිරියට යෑමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හරහාය.

ගෝඨා යුද්ධය පටන් අරන් මුලින්ම නැගෙනහිර ඇල්ලුවාම විපක්ෂය කීවේ නැගෙනහිර අල්ලා වැඩක් නැතැයි කියාය.

තොප්පිගල ඇල්ලුවාම කීවේ තොප්පිගල කැලෑවක් යැයි කියාය.

අලිමංකඩ, කිලිනොච්චිය අල්ලන්න කීවේ ආණ්ඩුව අලිමංකඩ පෙන්වා පාමංකඩ යන බවත්, කිලිනොච්චිය පෙන්වා මැදවච්චි යන බවත්ය.

ඒ වෙලාවේ යුද විශ්ලේෂකයන් පමණක් නොව හමුදාවේ හිටපු ලොක්කන් පවා පත්තරවල පිටු ගණන් ලියමින් කීවේ මේ යුද්ධය දිනන්න බෑ කියාය. මෙහෙම යුද්ධ කරන්න ගිහින් විශාල පිරිසක් මියයනවා යැයි කියාය. ආර්ථිකය කම්බස්වෙලා යනවා යැයි කියාය. සල්ලිත් විනාශ වෙනවා යැයි කියාය.

හැබැයි නැගෙනහිරින් පටන්ගත් යුද්ධය ගෝඨා අවුරුදු හතරක් ඇතුළත නන්දිකඩාල් කළපුවෙන් නිමාකොට මේ රටට සාමය ගෙන ඒමට කටයුතු කළේය. දිනන්න බැහැ කී යුද්ධය දිනල පෙන්නුවේය. විපක්ෂය යළිත් වතාවක් ගලේ පැහැරූ බළලුන් ගානට ගෝඨා වැට්ටුවේ ඒ ආකාරයටය. කහ වැඩේදිත් වුණේ ඒකමය.

ඒ නිසා විපක්ෂයත්, සමාජ මාධ්‍ය ඔස්තාර්ලාත්, බකපණ්ඩිතයොත් මේ වෙලාවේ කට වහගෙන ගෝඨාට අවශ්‍ය විදියට රට ඉදිරියට ගෙන යෑමට උදව් කරනවා නම් ගෝඨා මේ රට වෙනස් කරනවා නියතය. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ගෝඨා යුද්ධයක් ජයග්‍රහණය කරන්න පුළුවන් විදියට හමුදාවක් වෙනස් කළත් මේ රටේ ඉන්න මිනිසුන්ගේ ඔළු රටක් ජයග්‍රහණය කරන තැනට වෙනස් කරගන්න බැරි එකය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

මෙක්සිකෝව වනසන චීන මත්ද්‍රව්‍ය!

Next Post

ඇමැති සුසිල් ඇමැති ගම්මන්පිලගේ දේශප්‍රේමී රෙද්ද ගලවා දමයි! පපුවට අත තියන් කතා කරන මාර දේශහිතෛශීන්ලු!

MORE NEWS

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂයට හා විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයට ලක්වූ තිස්ස කුට්ටිආරච්චි යළිත් වතාවක් විපක්ෂයට සහ...

Read more
නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.