මෙරට අංක 1 බැංකුව, ලංකා බැංකුව (BOC), Master Card International සමග එක්වෙමින්, හඳුන්වා දෙන නවතම නිපැයුමක් වන BOC Fuel Card නිල වශයෙන් එළිදැක්වීම පසුගියදා අතිසාර්ථකව සිදුකෙරිණි. මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව ලෙස පුරා වසර 82ක් ලංකා බැංකුව ගොඩනගා ගැනීමට සමත්ව ඇති ජනතා විශ්වසනීයත්වය, පුළුල් ශාඛා ජාලය හා අසමසම ගනුදෙනුකාර සබඳතා ජාලය සමග, ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලාංකේය ජාතිය සවිබලගැන්වීම සඳහා වන රජයේ සැලැස්මට සහයෝගය ලබාදීමද මෙහිදී අරමුණු කෙරිණි.
BOC Fuel කාඩ්පත ගෙනුදෙනුකරුවන්ට සිය ඉන්ධන වියදම් කළමනාකරණය කරගැනීම සඳහා ලංකා බැංකුව මගින් හඳුන්වාදී ඇති ප්‍රායෝගික සහ පහසු විසඳුමකි. මෙම කාඩ්පත ආයතනික රථ වාහන මෙහෙයුම් අංශවලට මෙන්ම තනි පුද්ගලයන්ටද ඔවුන්ගේ දෛනික ඉන්ධන වියදම් කළමනාකරණය කරගැනීම් සඳහා පහසුකම් සලසයි. BOC Fuel Card මගින් එදිනෙදා අවධානයට ලක් නොවන අනවශ්‍ය ඉන්ධන වියදම් අවම කරගැනීමට ක්‍රමානුකූල සැලැස්මක් ඉදිරිපත් කරන අතර, BOC ගනුදෙනුකරුවකු නොවන ආයතනවලට හා පුද්ගලයන්ටද මෙම කාඩ්පත ලබාගත හැකි වීම විශේෂිතය.











