CA ශ්‍රී ලංකා ආයතනය සංවිධාන කළ 2020 වසරේ වාර්ෂික වාර්තා සඳහා පැවැති සම්මාන උළෙලේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව තම 2020 වාර්ෂික වාර්තාව සඳහා සම්භාවනීය “රිදී” සම්මානය හිමිකරගෙන ඇත.
මෙම සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණු අතර ඒ සදහා ඉතිරීකිරීමේ බැංකුව සිය 2020 වාර්ෂික වාර්තාව “ඔබගේ හදවතට සමීපව අපි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපගේ කාර්යභාරය ඉටු කරන්නේමු” යන තේමාව යටතේ ඉදිරිපත් කරන ලදී.
විවිධ ආයතන, කුඩා පරිමාණ සංස්ථා, රාජ්‍ය නියෝජිතායතන, ලාභ නොලබන ආයතන සහ අනෙකුත් සමිති සමාගම් ඇතුළුව විවිධ ක්ෂේත්‍ර හා අංශ අතරින්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව තම වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරිමේදී ප්‍රදර්ශනය කර ඇති පරිචය හේතුවෙන් අඛණ්ඩව ඇගයීමට සහ සම්මානයට පත්‍ර වී ඇත.
බැංකුවේ සාර්ථකත්වය වාර්ෂික වාර්තාවෙන් පිළිබිඹු වන අතර ඔවුන්ගේ දැඩි පරිශ්‍රමය මෙම සම්මානය පිරිනැමීම තුළින් ඇගයීමට ලක්කර තිබීමද වැදගත් කරුණකි.











