ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය රුමේනියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයන් 17 දෙනකු පසුගියදා පිටත්කළ අතර, මේ වෙනුවෙන් මහජන බැංකුව පූර්ණ බැංකු පහසුකම් පිරිනමන ලදී. මෙම රටවිරුවන්ට ගුවන් ටිකට්පත් ප්‍රදානය විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පසුගියදා සිදුකෙරිණි. මේ සඳහා මහජන බැංකුව විසින් මුදල් හුවමාරු කිරීම්, ශ්‍රමිකයන් 17 දෙනාටම ගිණුම් විවෘත කරදීම, ජංගම දුරකතන සහ අන්තර්ජාල බැංකු පහසුකම් ඇතුඵ සම්පූර්ණ පැකේජයක් පිරිනැමුවේ විදෙස් රටවල සිට දහදිය, ශ්‍රමය වගුරවමින් රටට විදේශ විනිමය රැගෙන එන රටවිරුවන්ට සිදුකරන උපහාරයක් සහ රාජ්‍ය බැංකුවක් ලෙස සිය ජාතික වගකීම ඉටුකිරීමේ අරමුණෙනි. මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් මහින්ද හතුරුසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති මේජර් සුදත් අබේසිංහ, සාමාන්‍යාධිකාරී උදිත රෝහණ, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (එතෙර ගනුදෙනු සේවා) රොහාන් පතිරගේ යන මහත්වරුන්ද සහභාගි වූහ. දිවයින පුරා ශාඛා 741 කින් සමන්විත දිවයිනේ පුළුල්තම ශාඛා ජාලය හා මිලියන 14කින් යුත් ශ්‍රී ලංකාවේ විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව මහජන බැංකුව සතු වන අතර, රජයේ එකම විදේශ රැකියා ඒජන්සි ආයතනය වන්නේ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයයි.











