• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මං කරන්නේ මේන් රෝල් එක.. යොහානි ලෝකෙම අල්ලද්දි ටාෂියා පාකිස්තානේ වැඩ අල්ලයි…

November 30, 2021
in Heart
Reading Time: 4 mins read
A A
මං කරන්නේ මේන් රෝල් එක.. යොහානි ලෝකෙම අල්ලද්දි ටාෂියා පාකිස්තානේ වැඩ අල්ලයි…
Share on WhatsAppShare on Facebook

පුදුමාකාර සතුටකින් ඉන්නේ…

මැණිකේ ගීතයෙන් ලොවක් වසඟකළ යොහානි ද සිල්වා ගෙන් පසුව තවත් සුබ ආරංචියක් අපිට මේ දවස්වල අහන්නට ලැබෙනවා. ඒ නව පරපුරේ දක්‍ෂ රංග ශිල්පිනියක් වන ටාෂියා කාලිදාසට පාකිස්තානයේ ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට අවස්ථාව ලැබීමත් එක්ක. ඒ සියලුම වැඩකටයුතු අවසන් කර ඇය පසුගියදා ලංකාවට පැමිණියා. ඉතින් ඇයගේ නාමයත් ජාත්‍යන්තරයට එකතු වෙන උණුසුමත් එක්කම ඇයගේ ඉදිරි ගමනට සුබපැතුම් එකතු කරමින් ටාෂි සමග ඒ නිර්මාණය ගැන වැඩි විස්තර අපි කතා කළා…

ටාෂි ජාත්‍යන්තරයට යන්න සූදානමින් සිටින බව ආරංචියක් පැතිරෙනවා. ඇත්තද මේ කතාව?
සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්.

ඉතින් අපටත් කියන්න මේ පැතිරෙන කතාවේ සුලමුල?
මම මාස තුනක් විතර පාකිස්තානයේ හිටියේ. එහෙ මිනි සීරියස් ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපෑමට මට අවස්ථාව ලැබුණා. ඒ වැඩකටයුතු අවසන් කරලා පසුගිය දහඅටවැනිදා තමයි මම ලංකාවට ආවේ. ඒ ඇවිල්ලා ඒ ගැන මම ඉස්සෙල්ලාම විස්තර ටික දෙන්නෙත් ‘මව්රට’ ජාතික පුවත්පතට. සතුටුයි මට ඒ ගැන කියන්න අවස්ථාව ලබාදෙන එකට.

ඔබට කොහොමද පාකිස්තානයේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ?
ශ්‍රී ලංකා යුද හමුදාවෙන් තමයි මට ආරාධනාවක් ලැබුණේ මෙහෙම ටෙලිනාට්‍යයක් කරනවා එයට අයැදුම් කරන්න කියලා. ඔය විදියට ඉතින් මම විස්තර දැනගෙන අයැදුම්පතක් දැම්මා. පාකිස්තානයේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ නබිත් ඩෙක් පසුව මට කතා කළා. පසුව තමයි මාව ඒ චරිතයට තෝරා ගත්තේ (Sinf-e-Aahan) අයෝම ගැහැනිය එහි අදහස. ඒ නිර්මාණයේ පුහුණුවන යුද සෙබළියකගේ චරිතයක් තමයි මම රඟපාන්නේ. ලංකාවෙන් ඒ ටෙලිනාට්‍යයේ රඟපාන්නේ මම විතරයි.

ඉතින් ජාත්‍යන්තරයේ ජයගත්ත ශිල්පීන් සමග එකට රඟපාන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන නම් කියන්න වචන නැහැ. පුදුමාකාර සතුටක් තියෙන්නේ.

‘කොවිඞ්’ ප්‍රශ්නයත් එක්ක අවදානමක් තිබුණේ නැද්ද ඒ ප්‍රදේශයේ?
පාකිස්තානයේ ඇබටාක්ඩි නගරයේ තමයි සම්පූර්ණ රූගත කිරීම සිදුකළේ. හමුදා කඳවුරක් ඇතුළේ. ඒ නගරයේ ‘කොවිඞ්’ ප්‍රශ්න නැහැ. අඩු තරමේ මුඛ ආවරණයක්වත් දාන්නේ නැහැ. මට තිබුණු බය ‘කොවිඞ්’ ප්‍රශ්නත් එක්ක ලංකාවෙන් යන්න පුළුවන් වෙයිද කියලා තමයි හිතහිතා හිටියේ.

විදේශීය ශිල්පීන් සමග ගත්ත අත්දැකීම කොයි වගේද?
ලංකාවට වඩා ඉතින් කලා නිර්මාණ අතරින් තවත් දියුණු රටක්. ඒ නිසා එහිදී නිර්මාණ කරන විදිය අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. මම එහෙට ගියාට පස්සේ පුහුණුවක් දුන්නා පැරිෂුට්වල යන්න, වෙඩි තියන්න එහෙම.

භාෂා ප්‍රශ්නයත් මතුවෙන්න ඇති නේද ඔබට?
එහෙම ප්‍රශ්නයක් නම් තිබුණා. නමුත් මාස ගානක් ඒ ශිල්පීන් සමග කටයුතු කරපු නිසා මම භාෂාව පවා පුරුදු පුහුණු වුණා. පස්සේ ඉතින් ඔවුන් කියන විදියට මට සාර්ථක රංගනයක් නිදහසේ කරන්න පුළුවන් වුණා.

ලංකාවෙ ප්‍රේක්‍ෂකයන්ටත් මෙය දැකබලා ගන්න අවස්ථාව උදාවෙයිද?
ඔව්… ඒ අය පවසපු විදියට ඉදිරියේදී ලංකාවෙත් ඒ නිර්මාණය සියලුම ජනතාවට නැරැඹීමට ඉඩකඩ ලැබේවි.

පාකිස්තානයේ ටෙලිනාට්‍ය නිසාමද ඔබ අතරමගදී ‘චලෝ’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණේ?
කෙටියෙන්ම පැවැසුවොත් අතරමගදී මට ‘චලෝ’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වෙන්න සිද්ධ වුණේ ඒ නිසා තමයි.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ඇමැති කෙනෙක් කියනවා මේ ආණ්ඩුවේ හොරු නැහැල්ලු! අහලා බලන්න කව්ද මේක කියන්නෙ කියලා! (VIDEO)

Next Post

කොවිඩ් එන්නත්වලින් හොරා කාලා! නෑ සභාපතිතුමනි හොරා කෑවේ නෑ! මෙයාට මඩ ගහන්න දෙන්න එපා! මේ හරක් ටික පාලනය කරන්න! (VIDEO)

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.