කොරෝනා එන්නත් ලංකාවට රැගෙන ඒමේදී අදාළ ඖෂධ කමිටුව මගින් විශාල වංචාවන් සිදු කොට ඇති බවට සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කිරීමත් සමග අද පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් මතු විය.
එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊට බාධා කරමින් කියා සිටියේ රහුමාන් මන්ත්‍රීවරයා මඩගැසීමට කටයුතු කරන බවකි.
එහිදී ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් බාධා කිරීමත් සමග ‘මේ හරක් ටික පාලනය කරන්න’ යැයි රහුමාන් මන්ත්‍රීවරයා මුලාසනයෙන් ඉල්ලා සිටි ආකාරයක් දැකගත හැකි විය.










