• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මෛත්‍රි බෝසතුන් නියත විවරණ ලද ඉල් පුන් පොහොය

November 12, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මෛත්‍රි බෝසතුන් නියත විවරණ ලද ඉල් පුන් පොහොය
Share on WhatsAppShare on Facebook

මෙම මස 12 වැනි අඟහරුවාදා ඉල් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇත. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට මෙන්ම ලෝකවාසී සියලුම බොදුනුවන්ටද මෙම ඉල් පුන් පොහොය වැදගත් වෙයි.

මතු බුදුවීමට පෙරුම් පුරන මෙත්‍රී බෝසතාණෝ, ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණ ලැබුවේද ඉල් පුර පසළොස්වක පොහෝ දිනකය. බෞද්ධ චරිතයෙහි දක්වා ඇති ආකාරයට එදිනම මෛත්‍රී බෝසතුන් විසින් දේවාරෝහණ පූජාවට සහභාගි වූ බුදුරජාණන් වහන්සේ වෙත ඉතා වටිනා සඵවක් ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ ගන්ධකුටියට වියනක් සේ පිළයෙල කොට පූජා කළේය. මෙම අවස්ථාවේදී ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් මෛත්‍රී බෝසතාණෝ මතු බුදු වීමට නියත විවරණ ලැබීය. එම අවස්ථාවේ ගෞතම බුදුරජාණන් වහන්සේ තම දිව්‍ය ඥානයෙන් බලා වදාරන ලද්දේ අනාගතයේ යම් දිනෙක බරණැස් නුවර කේතුමතී රාජධානියේ සංඛ රජුගේ අග්‍රපුරෝහිතයාණන් වූ සුබ්‍රහ්මී සහ එතුමාගේ බිරිඳ වන බ්‍රහ්මවතී දේවියට අනාගත මෛත්‍රී බුදුන් ස්වකීය පුත් තනතුරේ උපත ලබන බවය. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේද ඉල් පුන් පොහෝ දිනකය. මෙම පොහෝ දින සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම ධර්මදූත සැටනම දහම් ප්‍රචාරය සඳහා ගමන් ඇරඹීමය. එනම් පස්වග මහණුන් වන කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන පස්දෙනාත් යසකුල පුත්‍රයා ඇතුඵ යහඵවන් පනස්හතර දෙනාත්ය. එකම මඟ දෙදෙනෙක් නොවඩින ලෙසත් විවිධ දිසාවන්වලට වඩිමින් දහම් දෙසමින් සියලු ලෝ වැසියන්ට ධර්මාවබෝධය ලබාදෙන ලෙසත් ගුරූපදේශ ලබා දෙමින් අවවාද කළ සේක. නේරංජරා නදී තීරයෙහි එවකට වාසය කළ ජටිල තාපසයන් තිදෙනා වන උරුවෙල කාශ්‍යප තපසුන්ගේ අනුගාමිකයන් පන්සිය දෙනාත්, නදී කාශ්‍යප තපසුන්ගේ අනුගාමිකයන් වන තුන්සියයක පිරිසද, ගයා කාශ්‍යප තපසුන්ගේ අනුගාමිකයන් දෙසිය දෙනාද ඇතුඵ එක් දහස් තුන් දෙනෙක්ද බුදු සසුනෙහි පැවිදි බවට පත් වූයේ ඉල් පුන් පොහෝ දිනෙකය.

ශ්‍රී ලක් ධරණි තලයේ ප්‍රථම චෛත්‍යය වූ ථූපාරාම චෛත්‍යය දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන්කොට ඉදිකරවන ලද්දේද ඉල් පුන් පොහෝ දිනෙකය.
තවද පසුවස් පවාරණය කළ යුතු දිනය සහ චීවර මාසයේ අන්තිම පොහොය දිනයද වන්නේද ඉල් පෝදාය. කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වන්නේ ද ඉල් පුන් පොහෝදාය.

SendShareShare
Previous Post

මෛත්‍රීගේ ජනාධිපති ‌රෙකෝඩ් එකෙන් බිදක් ‌මෙන්න

Next Post

පස්දුන් කෝරළේ හැංගුණු මනාලි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.