• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මෛත්‍රීගේ ජනාධිපති ‌රෙකෝඩ් එකෙන් බිදක් ‌මෙන්න

November 12, 2019
in News, Politics
Reading Time: 5 mins read
A A
මෛත්‍රීගේ ජනාධිපති ‌රෙකෝඩ් එකෙන් බිදක් ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පළාත් ආණ්ඩුකාරවරු ඉවත්කිරීම, ඉවත්වීම හා මාරු කිරීම පසුගිය කාලයේදී නිතරම මාධ්‍යවලින් ඇසුණු පුවතකි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එලෙස ආණ්ඩුකාරවරු අවස්ථා 36කදී මාරු කරන ලද අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් පදවිය හෙබැවූ ජනාධිපතිවරුන් අතරින් වැඩිම ආණ්ඩුකාරවරු පිරිසක් පත්කළ ජනාධිපතිවරයා ද ඔහු වේ. 1987 වසරේදී පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමත් සමඟ පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් පත් කිරීම ආරම්භ වූ අතර මුල්ම ආණ්ඩුකාරවරු 8 දෙනා පත්කරනු ලැබුවේ එවකට ජනාධිපති ධුරය දැරූ ජේ.ආර්. ජයවර්ධන විසිනි. එවකට උතුරු සහ නැඟෙනහිර එක් පළාතක් ලෙස ක්රියාත්මක වූ අතර 2006 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ප්‍රකාර පළාත් දෙක යළි වෙන් කරන තෙක් ශ්‍රී ලංකාවේ සිටියේ පළාත් ආණ්ඩුකාරවරු 8 දෙනෙකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (අ) ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක් පිහිටුවනු ලැබ ඇති සෑම පළාතක් සඳහාම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයකු පත් කරනු ලැබේ. ජනාධිපතිවරයාට “ප්‍රසාදය” ඇතිතෙක් ආණ්ඩුකාරවරයාට එම ධුරය දැරිය හැකි බව ව්‍යවස්ථාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ආණ්ඩුකාර ධුරයක් දැරූ පුද්ගලයා වන්නේ හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානාය. ඔහු වසර 13ක් එනම් 2002 වසරේ සිට 2015 දක්වා එම ධුරයේ කටයුතු කර තිබේ. අඩුම කාලයක් ආණ්ඩුකාර ධුරය දැරූ පුද්ගලයා ලෙස 2018 වසරේ දිනකට පමණක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරධුරයට පත් රෙජිනෝල්ඞ් කුරේ හැඳින්විය හැකිය. එහෙත් රෙජිනෝල්ඞ් කුරේ ඊට පෙරාතුව උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය ඉසිලීය.
ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පළාත් සභා පාලනය සඳහා එක්වන ආණ්ඩුකාරවරයාට පළාත් සභාව විසුරුවා හැරීමේ බලය තිබෙන අතර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව ඔහු ක්‍රියා කළ යුතුය. පළාතේ රාජ්‍ය සේවයේ ප්‍රධානියා සහ පළාතේ විධායක බලය හිමි පුද්ගලයා වන ආණ්ඩුකාරවරයකුගේ නිල කාලය වසර 5ක් ලෙස ව්‍යවස්ථාවේ දක්වා තිබේ. කෙසේ නමුත් එයට සීමාවක් පනවා නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුකාරවරයකුට ජනාධිපතිවරයාගේ කැමැත්ත තිබේ නම් කොපමණ කාලයක් වුවද එම තනතුරේ කටයුතු කළ හැකිය.
කැබිනට් අමාත්‍යවරුන්ට හිමි වරප්‍රසාද මෙන්ම තම පළාතෙන් නිල නිවසක්ද ආණ්ඩුකාරවරයාට හිමිවේ. ආණ්ඩුකාරවරුන්ට ලබාදී තිබෙන බලතල අඩුකළ යුතු බවට පසුගිය කාලයේ විවිධ කතිකාවන් සිදුවූ නමුත් එය සිදුනොවිණි.
ශ්‍රී ලංකාවේ පළාත් සභාවල නිල කාලය අවසන්ව නීතිමය ගැටලු හේතුවෙන් පළාත් සභා ඡන්දය දිගින් දිගටම කල්යෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පළාත් සභා සියල්ල මේ වන විට පාලනය වන්නේ ආණ්ඩුකාරවරු යටතේය.

  1. සබරගමුව පළාත් සභාව – නිල කාලය අවසන්වී වසර 2යි.
  2. උතුරු මැද පළාත් සභාව – නිල කාලය අවසන්වී වසර 2යි.
  3. නැඟෙනහිර පළාත් සභාව – නිල කාලය අවසන්වී වසර 2යි.
  4. මධ්‍යම පළාත් සභාව – නිල කාලය අවසන්වී වසරයි.
  5. උතුරු පළාත් සභාව – නිල කාලය අවසන්වී වසරයි.
  6. වයඹ පළාත් සභාව – නිල කාලය අවසන්වී වසරයි.
  7. බස්නාහිර පළාත් සභාව – නිල කාලය අවසන්වී මාස 6යි.
  8. දකුණු පළාත් සභාව – නිල කාලය අවසන්වී මාස 6යි.
  9. ඌව පළාත් සභාව – නිල කාලය අවසන්වී සති 2යි.
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2015 වසරේ සිට මේ දක්වා ආණ්ඩුකාරවරු 26 දෙනෙකු පත්කර තිබෙන අතර ඔවුන් 36 වතාවක් පළාත් ආණ්ඩුකාර තනතුරු අතර මාරු කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යටතේ කිසිදු ආණ්ඩුකාරවරයකුට තම නිල කාලය වන වසර 5 අවසන් කිරීමට අවස්ථාව ලැබී නොමැත.
    පසුගිය වසර 5ක කාලය තුළ මධ්‍යම පළාතට පමණක් ආණ්ඩුකාරවරු 6 දෙනෙක් පත්කෙරුණු අතර ඌව පළාත් සභාවට ආණ්ඩුකාරවරු 5 දෙනෙක් පත්කර තිබේ. අවසන් වරට පසුගිය අගෝස්තු මාසයේ ආණ්ඩුකාර ධුර 3ක් ජනාධිපතිවරයා විසින් වෙනස් කළ අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන හේමාල් ගුණසේකර නව ආණ්ඩුකාරවරයකු ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට පත්කරන ලදී.
    ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරයේ කටයුතු කළ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය සිය වසර එකොළහක පාලන කාලය තුළ කටයුතු කර තිබුණේ ආණ්ඩුකාරවරු 25ක් සමඟ පමණය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය වසර 9ක පාලන කාලය තුළ ආණ්ඩුකාරවරු 20 දෙනෙක් සමඟ කටයුතු කළ අතර එයින් දෙදෙනක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් පත්කරනු ලැබූ ආණ්ඩුකාරවරුන්ය.
    අලෙවි මව්ලානා සහ නන්ද මැතිව් 2002/03 වසරවලදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් ආණ්ඩුකාරවරුන් ලෙස පත්කරනු ලැබූ අතර ඔවුන් සිය ධුරවලින් ඉවත්වූයේ 2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත්වීමත් සමඟය. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ දේශපාලනඥයෝ වූහ.
    වසර 5කට අඩු පාලන කාලය තුළ මෙතරම් ආණ්ඩුකාරවරු පත්කිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණ අවස්ථා ගණනාවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට චෝදනා කර තිබූ අතර ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයා සිය දේශපාලන බලය පවත්වා ගැනීම සඳහා පක්ෂයට සම්බන්ධ විවිධ පුද්ගලයන් මෙම තනතුරුවලට පත්කර ඇති බවය. කෙසේ වෙතත් දේශපාලනයට සම්බන්ධ නොවන වැඩිම ආණ්ඩුකාරවරුන් පත් කළේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යටතේ ආණ්ඩුකාරවරු
    බස්නාහිර පළාත – 04
  10. කේ.සී. ලෝගේෂ්වරන් – 2015 ජනවාරි 23 සිට 2018 අප්‍රේල් 11.
  11. හේමකුමාර නානායක්කාර – 2018 අප්‍රේල් 12 සිට 2019 ජනවාරි 03
  12. අසාත් සාලි – 2019 ජනවාරි 03 සිට 2019 ජුනි 03
  13. ඒ.ජේ.එම්. මුසම්මිල් – 2019 ජුනි 04 සිට මේ දක්වා
    මධ්‍යම පළාත – 06
  14. සුරංගනී එල්ලාවල – 2015 ජනවාරි 27 සිට 2016 මාර්තු 14
  15. නිලූකා ඒකනායක – 2016 මාර්තු 14 සිට 2018 අප්‍රේල් 11
  16. රෙජිනෝල්ඞ් කුරේ – 2018 අප්‍රේල් 12 සිට 2018 අප්‍රේල් 13
  17. පී.බී. දිසානායක – 2018 අප්‍රේල් 13 සිට 2019 ජනවාරි 03
  18. මෛත්‍රි ගුණරත්න – 2019 ජනවාරි 03 සිට 2019 අගෝස්තු 3
  19. කීර්ති තෙන්නකෝන් – 2019 අගෝස්තු 4 සිට මේ දක්වා
    නැඟෙනහිර පළාත – 04
  20. ඔස්ටින් ප්‍රනාන්දු – 2015 ජනවාරි 27 සිට 2017 ජූලි 01
  21. රෝහිත බෝගොල්ලාගම – 2017 ජූලි 04 සිට 2019 ජනවාරි 03
  22. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා – 2019 ජනවාරි 03 සිට 2019 ජුනි 03
  23. ශාන් විජයලාල් ද සිල්වා – 2019 ජුනි 03 සිට මේ දක්වා
    උතුරු මැද පළාත – 03
  24. පී.බී. දිසානායක – 2015 ජනවාරි 27 සිට 2018 අප්‍රේල් 11
  25. පී. ජයසිංහ – 2018 අප්‍රේල් 12 සිට 2019 ජනවාරි 03
  26. සරත් ඒකනායක – 2019 ජනවාරි 03 සිට මේ දක්වා
    වයඹ පළාත – 03
  27. අමරා පියසීලි රත්නායක – 2015 ජනවාරි 27 සිට 2018 අප්‍රේල් 11
  28. කේ.සී. ලෝගේෂ්වරන් – 2018 අප්‍රේල් 12 සිට 2019 ජනවාරි 03
  29. පේෂල ජයරත්න – 2019 ජනවාරි 03 සිට මේ දක්වා
    උතුරු පළාත – 04
  30. එස්. පලිහක්කාර – 2015 ජනවාරි 27 සිට 2016 පෙබරවාරි 16
  31. රෙජිනෝල්ඞ් කුරේ – 2016 පෙබරවාරි 16 සිට 2018 අප්‍රේල් 11
  32. රෙජිනෝල්ඞ් කුරේ – 2018 අප්‍රේල් 13 සිට 2019 ජනවාරි 03
  33. සුරේන් රාඝවන් – 2019 ජනවාරි 03 සිට මේ දක්වා
    සබරගමු පළාත – 03
  34. මාර්ෂල් පෙරේරා – 2015 ජනවාරි 27 සිට 2018 අප්‍රේල් 11
  35. නිලූකා ඒකනායක – 2018 අප්‍රේල් 12 සිට 2019 ජනවාරි 03
  36. ධම්ම දිසානායක – 2019 ජනවාරි 07 සිට මේ දක්වා
    දකුණු පළාත – 04
  37. හේමකුමාර නානායක්කාර – 2015 ජනවාරි 27 සිට 2018 අප්‍රේල් 11
  38. මාර්ෂල් පෙරේරා – 2018 අප්‍රේල් 12 සිට 2019 ජනවාරි 03
  39. කීර්ති තෙන්නකෝන් – 2019 ජනවාරි 09 සිට 2019 අගෝස්තු 03
  40. හේමාල් ගුණසේකර – 2019 අගෝස්තු 03 සිට මේ දක්වා
    ඌව පළාත – 05
  41. පී. ජයසිංහ – 2015 ජනවාරි 27 සිට 2018 අප්‍රේල් 11
  42. ආරිය රැකව – 2018 මැයි 11 සිට 2019 ජනවාරි 03
  43. කීර්ති තෙන්නකෝන් – 2019 ජනවාරි 07 සිට 2019 ජනවාරි 09
  44. මාර්ෂල් පෙරේරා – 2019 ජනවාරි 09 සිට 2019 අගෝස්තු 03
  45. මෛත්‍රි ගුණරත්න – 2019 අගෝස්තු 03 සිට මේ දක්වා
    මීට අමතරව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වසර හතරහමාරක පාලන කාලය තුළ තවත් විශේෂ සිදුවීමක්ද දැකගන්නට ලැබෙයි. ඒ අගමැතිවරුන් තිදෙනකු මේ රට පාලනය කිරීමය. එහිදී 2015 අගෝස්තු මස සිට 2018 ඔක්තෝබර් 26 දක්වා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ අතර ඔක්තෝබර් 26 සිට දින 52ක කාලයක් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කළේය. ඉන් අනතුරුව අධිකරණය මඟින් එම තීරණය නීති විරෝධී බව ප්‍රකාශ වීමත් සමඟ 2018 දෙසැම්බරයේ සිට අද දක්වා යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය හොබවමින් සිටී.
    එමෙන්ම ගෙවුණු වසර හතරහමාරක කාලය තුළ ආරක්ෂක ලේකම්වරුන් පස්දෙනකුද මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කොට තිබීම විශේෂ සිදුවීමකි.
  46. බී.එම්.යූ.ඩී. බස්නායක – 2015 ජනවාරි 11 සිට 2015 සැප්තැම්බර් 08 දක්වා.
  47. කරුණාසේන හෙට්ටිආරච්චි – 2015 සැප්තැම්බර් 09 සිට 2017 ජූලි 05 දක්වා.
  48. කපිල වෛද්‍යරත්න – 2017 ජූලි 04 සිට 2018 ඔක්තෝබර් 30 දක්වා.
  49. හේමසිරි ප්‍රනාන්දු – 2018 ඔක්තෝබර් 30 සිට 2019 අප්‍රේල් 25 දක්වා.
  50. ජෙනරාල් ශාන්ත කෝට්ටගොඩ – 2019 අප්‍රේල් 28 සිට අද දක්වා.

බීබීසී සං‌දේශය ඇසුරිනි

SendShareShare
Previous Post

වැස්ස වළාහක ‌දෙයියොත් ජන්දයට එයිද?

Next Post

මෛත්‍රි බෝසතුන් නියත විවරණ ලද ඉල් පුන් පොහොය

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.