• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දියුණුවට පාර කියන ශනි මංගල…

November 29, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
දියුණුවට පාර කියන ශනි මංගල…
Share on WhatsAppShare on Facebook

සමහර ජන්ම පත්‍රවල දැකිය හැකි ශනි මංගල යෝගය හෙවත් සෙනසුරු හා අඟහරුගේ එක්වීම ලෙස හඳුන්වන්නේ එම ග්‍රහයන් දෙදෙනා යම් ජන්ම පත්‍රයක එකම රාශියක තැන්පත්ව සිටීමයි. එය ආකාර කීපයකට සිදුවිය හැකිය.

මෙය උදාවන එක් ආකාරයක් නම් ශනි, කුජ එකම කොටුවක සිටීම වන අතර තවත් ආකාරයක් නම් මෙම දෙදෙනා සම සප්තමව සිටීමයි. පහසුවෙන් ඕනෑම ග්‍රහයන් දෙදෙනකු පිළිබඳ සොයාගත හැකි ආකාරය මෙසේය. ග්‍රහයන් දෙදෙනා 1-7, 2-8, 3-9, 4-10, 5-11, 6-12 යන ස්ථානවල සිටීම සමසප්තම වීම ලෙස හඳුන්වන අතර මෙය එක එල්ලයට සිටීම ලෙස හැඳින්විය හැකිය. මෙය ග්‍රහයන් දෙදෙනකු එකට සිටීමට වඩා බලවත් වේ. සෙනසුරු සිටිනා තැන 1 ලෙස ගෙන ඉදිරියට ගැනගෙන යන විට 10 වැනි කොටුවේ කුජ සිටීම තුළින්ද මෙම යෝගය උදාවන අතර ශනි, කුජ දෙදෙනා එක ළඟ රාශි දෙකක පිහිටා දෙදෙනා අතර දුර අඩුනම් එවිටද එම යෝගය උදා වේ.

සාමාන්‍යයෙන් මෙම යෝගය ජන්ම පත්‍රවල සුලබව දැකගත හැකි පිහිටීමකි. මෙය වර්තමාන සමාජයේ විවාහය යන කාරණාවේදී වැඩිපුර කතාබහට ලක් වුවත් එය ප්‍රබල විවාහ දෝෂයක් නොවන බව අපගේ හැඟීමයි. මෙම යෝගය සහිත වූවන්ගේ විවාහ ජීවිත අසාර්ථක වනවා යැයි පැවැසුවද එසේ අසාර්ථකවී නොමැති අතර ඔවුන් බොහෝ විට ඉතාමත් දියුණු තත්ත්වයට පත්ව ඇත. මෙම යෝගය පිළිබඳ සමාජයේ මෙන්ම ජ්‍යොතිෂය පිළිබඳ උනන්දුවක් දක්වන අය අතර පවා විවිධ වූ මතිමතාන්තර රාශියක් දැකගත හැකිය. කෙසේ වෙතත් ශනි මංගල යෝගය යනු ද්වි ග්‍රහ යෝග අතරින් එකක් පමණි. මේ පිළිබඳ පැරණි ජෝ‍යාතිෂ ග්‍රන්ථවල හෝ නූතනයේ ලියවුණු පිළිගත් ජ්‍යොතිෂ ග්‍රන්ථවල තොරතුරු එතරම්ව ඇතුළත්ව නැත.

ශනි මංගල යෝගය පිළිබඳ දන්නා බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙය ඉතා බලවත් විවාහ දෝෂයක් ලෙස පමණි.

නමුත් එය එසේ නොවේ. මෙම යෝගය මතම විවාහ අසාර්ථක වනවා යන නිගමනයට අපට එක එල්ලේම එකඟ විය නොහැක. හඳහනේ ඇති අනෙක් ග්‍රහ පිහිටීම් මතද යම් යම් වෙනස්කම් සිදුවේ. ඒ සඳහා ජන්ම පත්‍ර ගැළපීමේදී අනෙක් කේන්ද්‍රයේ ග්‍රහ ගැළපීම් සමග බෝහෝ විට මෙම යෝගයේ දෝෂය භංගවී යන අවස්ථා රාශියක් දැකගත හැකිය. අනෙක් කේන්දරයේද ඉහත දැක්වූ ආකාරවලින් එක් ආකාරයකට මෙම යෝගය පිහිටා ඇති විට එම යෝගයේ දෝෂය භංගවී යනු ඇත. එම නිසා ශනි මංගල යෝගය දුටු පමණින් විවාහ සඳහා ජන්ම පත්‍ර පරීක්ෂාවේදී ඒවා ප්‍රතික්ෂේප කිරීම නුවණට හුරු ක්‍රියාවක් නොවනු ඇත. එය විවාහ වීමට සිටින්නන් හට කරන මහත් වූ අපරාධයක් වනු ඇත.

නමුත් අප මෙම යෝගය පිහිටා ඇති ජන්ම පත්‍ර හිමියන් පිළිබඳ සෙයා බැලීමේදී මෙම ශනි මංගල යෝගය පිහිටා ඇත්තේ බොහෝ දියුණු පුද්ගලයන් තුළ බවද පෙනී යයි. යෝගය පිහිටි ස්ථානය හා යෝගකාරක ග්‍රහයන්ගේ බල දුබලතා මත දියුණුවේ සීමා තීරණය වනු ඇත. මෙම යෝගය ඇතිවන ආකාරය දැන සිටීමද වැදගත්ය. මෙම ශනි මංගල යෝගය යනු ශනි සහ කුජ කුමන ආකාරයකට හෝ එක් වීමයි. 3, 6, 11 යන ස්ථාන මෙම යෝගය සඳහා සුබදායක වනු ඇත. ව්‍යාපාර හෝ රැකී රක්ෂා තුළින් ඉදිරියට ගිය බොහෝ දියුණු පුද්ගලයන් තුළ මෙම කුජ ශනි යෝගය දැකගත හැකිය. බොහෝ ප්‍රසිද්ධ දියුණු පුද්ගලයන් අතර මෙම යෝගය දැකගැනීමට ලැබේ.

මෙම යෝගය ඇති වැඩි දෙනා ඉතා උත්සාහවන්ත පුද්ගලයන් වේ. වෙහෙස නොබලා වැඩකිරීම, තරමක ආත්මාර්ථකාමී බව, දරදඬු බව මෙම යෝග හිමියන් සතු ප්‍රධාන ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකිය. එක් අතකින් බලන විට ලෞකික දියුණුව සඳහා මෙම ගතිගුණ බොහෝ උපකාර වේ. නමුත් මෙම දියුණුව පසුපස හඹායන්නන් තුළ අන් අය ගැන සිතාබැලීමට වෙහෙසීමට තරම් සංවේදී සිත් තිබේද යන්න සිතා බැලූ විට පිළිතුර ඔබට වැටහෙනු ඇත. ඔබ දියුණුව උදෙසා පමණක් වෙහෙසෙන්නේ නම් ඒ වෙහෙස තුළින් සැප සම්පත් විඳින්නන්ගේ ආදරයවත් නිසියාකාරව ඔබට ආපසු ලැබේද යන්න සැක සහිතය. විවාහ ජීවිතයට මෙම යෝගය අහිතකර වන්නේ මෙම කරුණු නිසාය. නමුත් මෙම යෝගය ඇති දෙදෙනකු එක්වීම විවාහය සඳහා ඉතා යහපත් ප්‍රතිඵල ලබාදේ. ඒ සඳහා හේතු වන්නේ දෙදෙනා තුළම සෑම දෙයකටම වඩා ආර්ථික දියුණුව වැදගත්ය යන සිතුවිල්ල පිහිටා තිබීමයි.

එම නිසා විවාහ පරීක්ෂාවේදී ශනි මංගල යෝගය සහිත ජන්ම පත්‍රයකට ඉහත දැක්වූ ආකාරයට තවත් එවැනිම එම යෝගය ඇති ජන්ම පත්‍රයක් ගැළපීම තුළ ඉතා සාර්ථක විවාහ දිවියක් අපේක්ෂා කළ හැකිය. එවැනි ගැළපීමක් සහිත දෙදෙනකු එක්වීම තුළ එය දියුණුවේ සාර්ථකත්වයට මහඟු පිටිවහලක් වනු ඇත. එසේ නම් ශනි මංගල යෝගය යනු දියුණුවේ රන් දොරටුවකි.

ජ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

අහංගම හෝටලයකත් ගෑස් පිපිරුමක්!

Next Post

මරණ දණ්ඩනේ බල රහිත කළ හැකි සඟරාජ කුටියේ සැඟවුණු බලය…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.