හැම තප්පරයක්ම අභියෝගයක්…
ටික කාලේකට කලින් කලා ලෝකයට ආපු ඔහු පසුකාලීනව මෞනයාගය, දූවිලි මල්, කොළඹ අපි ආවා නිර්මාණ සඳහා සම්බන්ධ වුණා. ‘උරුමයක අරගලය’ ටෙලිනාට්‍යයේ ‘සොදියා’ ලෙසත්, කොළඹ-ඉතාලිය ටෙලිනාට්‍යයේ ‘කස්සා’ ලෙසත් චරිත නිරූපණය කළ ගවේෂ කවීන්ද්‍රනාත් ‘මා ඉත්තන්’ සමග ගත්ත වෑයම ගැන අපි ඔහු සමග කතා කළා…
ගවේෂ දැන් රඟපෑමෙන් ඉවත් වෙන්නද අදහස?
රංගනයෙන් ඉවත් වෙලා නැහැ. නමුත් මගේම කියලා නිර්මාණයක් කරන්න සෑහෙන කාලෙක ඉඳල අදහසක් තිබුණා. ඒ නිසා පුංචි අත්හදා බැලීමක් කරන්නත් එක්ක තමයි ‘මා ඉත්තන්’ නිර්මාණය කළේ. මගේ ඇඩිට්ප්‍රෂන් හරහා තමයි එය ඉදිරිපත් කළේ. සුනෙත් වර්ණසූරිය අයියාගේ තිර රචනයක් අනුව තමයි මම එය නිර්මාණය කළේ.
‘කොළඹ ඉතාලියේ’ ඔබ නිරූපණය කළ ‘කස්සා’ චරිතය ගැන මොකද හිතෙන්නේ?
චරිතයට මට කළ හැකි උපරිම සාධාරණයක් කළා. හොඳ ප්‍රතිචාර ලැබුණා මට.
‘මා ඉත්තන්’ සමග ඔබට ලැබුණු අලුත් දැකීම ගැන කතා කළොත්?
අධ්‍යක්‍ෂණය මට නුහුරු දෙයක්. නමුත් මම ගත්ත වෑයමට ගොඩාක් සාර්ථක ප්‍රතිචාර ලැබුණා. ඒ ලැබුණු ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් එක්ක මම හිතුවා ප්‍රේක්‍ෂකයන්ට වෙනස් රසවින්දනයක් ලබා දෙන්න. ඉදිරියටත් රඟපෑමේ කටයුතු කරන ගමන් නිර්මාණ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ වන විටත් මගේ දෙවැනි නිර්මාණය කරගෙන යමින් ඉන්නේ.
ඔබ මේ ආපු ගමනත් එක්ක ඔබට ලැබුණු අභියෝග කොයි වගේද?
මම ගෙවන හැම තත්පරයක්ම මට දැනෙන්නේ අභියෝගයක් ලෙසට තමයි. ඒ අභියෝග ජයගන්න වගේම මාව වට්ටවන්නත් ඔය අතර සමහරු බලාගෙන හිටියා.
මේ ගෙවීයන කාලවකවානුවත් එක්ක කලාව විතරක් කරලා ඇති කියලා හිතනවාද?
එයට හොඳම පාඩම අපිට පසුගිය ගෙවී ගිය කාලය කියලා දුන්නා. කොරෝනා එක්ක අපි ගොඩාක් වැටුණා. මම පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා. කලාව වෘත්තිය කරගන්න අපහසු කාලයක් දැන්.
ඔබ මේ කලාවට යොමුවන්නේ හැදෑරීමක් ඇතිවද?
පින්නවල ජාතික පාසලේ උසස් අධ්‍යාපනයට මම ‘ඩ්‍රාමා’ කළේ. ඉන්පසු රජීවී ආනන්ද යටතේ රංගනය හැදෑරුවා. ඉදිරියේදී චිත්‍රපට සංස්ථාවේ ඩිප්ලෝමාව හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
-වසන්ත විතාරණගේ











