• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙන්ටගනයෙන් ආ ලියුමයි! චීනෙන් ආ ලියුමයි! ලංකාව අල්ලන්න හදන්නේ චීනාද-අමෙරිකාවද?

November 18, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
පෝට්සිටිය ගැන අමෙරිකාව කියපු කතාවට චීනය සැර උත්තරයක් දෙයි!
Share on WhatsAppShare on Facebook

චීනය ගැන කතාකරන විටම ඉස්සරහට පනින්නේ ‘රතු මකරා’ය. එනම් චීනයත්, රතු මකරාත් යනු දෙකක් නොව එකකි. ලෝකයම හොඳින් දන්නා ‘චීන මකරා’ මෙයට දශක ගණනාවකට පෙර සිටියේ නිදිවර්ජිතවය. ඌ මහත් කුසීත කමින් දවස පුරාම නිදියහන් ගැබට වී සිටියේය. එහෙත් මෙයට වසර 70කට පමණ පෙර ඌ නිදිගැට කඩා දමමින් සෙමෙන්, සෙමෙන් නැඟිට සිටියේය. එතැන් පටන් අද දක්වාම චීන මකරා බොහෝ කඩිසරව තම අත්, පා විහිදුවමින් ශක්තිය පෙන්නන්නට ගත්තේය. මෙයට දශක හතකට පෙර මෙසේ චීන මකරා නැඟිටගෙන සිටියේ, චීනයේ කොමියුනිස්ට් පක්‍ෂය ආරම්භයත් සමගය. එනම් අද චිනයේ කොමියුනිස්ට් පක්‍ෂයට නිල වශයෙන් වසර 70ක් සපිරී ඇත. එහෙත් එහි සැබෑ කාලය හරියටම වසර 100ක් වන අතර, 1921 වසරේදී ආරම්භ වී ඇත. එවැනි ඉතිහාසයක් තිබුණද කොමියුනිස්ට් පක්‍ෂය ප්‍රධාන කරගත් ‘මහජන චීන ජනරජය’ ස්ථාපිත කර ගතවී ඇත්තේ වසර 70ක් වන අතර, එහි සංවත්සරය පසුගියදා යෙදුණේය. මේ නිසාම දිනෙන්, දින ශක්තිමත් වූ ‘චීන රතු මකරා’ අද ලොව සොලවන බලවතකු වී හමාරය. එසේම චීනය පසුගිය වසර දෙකක කාලයක් පුරා තමන්ගේ තිඹිරිගෙයින් ලොවට දායාද කළ කොරෝනා මාරයාගෙන්ද ලොව භීතියට සහ ත්‍රාසයටද පත්කළේය. ඒ මාරයාද තවමත් මියගොස් නැත්තේය.

අද ලෝකයේ සෑම තැනකම පාහේ චීනය ගැන කතාවෙති. චීනය අතීතයේදී ඉතාමත්ම දුප්පත් රටක් ලෙස පැවැතියේය. මානව ඉතිහාසයේ දරුණුතම සාගතය සිදුවී ඇත්තේ චීනයේය. එනම් 1959 – 60 වසර තුළදී සිදුවූ එම සාගතයෙන් චීන වැසියන් මිලියන 40ක් පමණ මියගියේය. එහෙත් පසු කාලයකදී චීනය මහා සශ්‍රීක, එමෙන්ම මහා ජනසම්භාරයකටද හිමිකම් කියන දේශයක් බවට පත්වූයේය. ඒ නිසාම ඔවුන් කෙරෙහි මුළුමහත් ලෝකයේම අවධානය යොමු වන්නටද විය. එවැනි වටාපිටාවක් ඇති වන විටදී චීනයද නිකම් සිටියේ නැත. තමන්ගේ යෝධ ශක්තිය අනෙකුත් රටවල් වෙතද පෙන්වන්නට ගත්තේය. ඒ විවිධාකාර ක්‍රමවේදයන් හරහාය. එසේ කළේ චීනය එම රට, රටවලට උදව් උපකාර කරන මුවාවෙන් විවිධ බලපෑම් සහ ආක්‍රමණයන් සිදුකරමින්ය. මේ තත්ත්වය ඉතා හොඳින්ම ශ්‍රී ලංකාව තුළින්ද දැකිය හැකිය. මේ නිසාම පසු කාලයකදී ලෝකයේ බටහිර රටවල් රැසක්ද චීනයට එරෙහි වන්නට විය.

අද ඔබට මෙවැනි පසුබිමක් ලියා තබන්නට හේතු වූයේ ඇයි?

එය නම් පසුගියදා සිදුවූ එක්තරා විශේෂිත සිද්ධියක් හේතු කරගෙනය. එනම් ශ්‍රී ලංකාවේ තිබෙන චීන තානාපති කාර්යාලය විසින් පසුගියදා ඇමෙරිකාවට එරෙහිව බලවත් ප්‍රකාශයක් සිදුකළේය. එය සිදුකර තිබුණේ ‘ට්විටර්’ සමාජ මාධ්‍ය හරහාය. මේ මගින් ප්‍රකාශ කර තිබුණේ, ඇමෙරිකාව විසින් ලෝකයේ රටවල් රැසකදී සිදුකරනු ලබන විවිධ බලපෑම් ගැන වගතුගකි.

එම රටවලට ශ්‍රී ලංකාවද අයත් අතර, ඇමෙරිකාව සහ චීනය අතර තිබෙන ප්‍රබල ‘ශීතල යුද්ධය’ මෙයින් කැපී පෙනෙන්නට විය. එසේම මෙය ලෝක ‘භූ-දේශපාලනයේ’ නිරුවත පෙන්වන කතාන්දරයක්ද වන්නට විය.

චීනය මෙලෙස පසුගියදා ඇමෙරිකාවට පැවැසූ කතාව කුමක්ද?

‘හොරෙක් විශ්වාස කරනවා හැමෝම හොරකම් කරනවා කියලා. ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු හමුදා කඳවුරු සහ ඇමෙරිකානු හමුදා ඉවත් කර ගත්තද, ඇමෙරිකා එක්සත් ජනපදය තවත් හමුදා කඳවුරු 750ක් පමණ ලෝකයේ විවිධ රටවල්වල පවත්වාගෙන යයි. මෙම කඳවුරු විවිධ ක්‍රමවේදයන් හරහා පවත්වාගෙන යන ආකාරය දක්නට හැකියි. මූල්‍යමය, දේශපාලනික, සාමාජයීය, පාරිසරික ආදී විවිධ අර්ථකථනයන් හරහා මෙම ඇමෙරිකානු හමුදා කඳවුරු රටවල් රැසක් තුළ ස්ථාපිත කර තිබෙනවා.’

ඉංග්‍රීසි බසින් සඳහන්ව තිබුණු එම ‘ට්විටර්’ පණිවුඩයේ සිංහල අරුත එසේ විය. ඇමෙරිකානු එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ එක්තරා වාර්තාවක් ආශ්‍රිත කරගෙන මාධ්‍යවේදියකු විසින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම ‘ට්විටර්’ පණිවුඩය ප්‍රකාශයට පත්කර තිබිණි. ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාව මගින් ප්‍රකාශ වී තිබුණේ, චීනය විසින් ලෝකයේ විවිධ රටවල් තුළදී සිදුකරනු ලබන ආරක්‍ෂක වර්ධනයන් ගැන වගතුගකි. චීනය නැමැති ‘ආසියානු යෝධයා’ විසින් ලෝකයේ රටවල් රැසක් තුළදී තම චීන හමුදා කඳවුරු ස්ථාපිත කර ගැනීමට කටයුතු යොදා ඇති අතර, එම රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් වන බැව් මෙම ඇමෙරිකානු වාර්තාවේ සඳහන් වෙයි. එහෙත් මෙම වාර්තාවේ කරුණු ප්‍රතික්‍ෂේප කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉහත ‘ට්විටර්’ ප්‍රකාශය සිදුකරනු ලැබුවේය. මෙම ප්‍රකාශයත් සමග දැනට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝකයේ රටවල් රැසක පවත්වාගෙන යනු ලබන හමුදා කඳවුරුවල සිතියමක්ද පළ කිරීමට කටයුතු යොදා තිබිණි. මෙය පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කළ පුවතක් බවටද පත්වී තිබිණි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ මෙම ප්‍රතිචාරය ප්‍රකාශ වී ඇත්තේ, උපාය මාර්ගික ඉන්දියානු සාගර කලාපයේ වැඩි බලපෑමක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර සුප්‍රසිද්ධ භූ-දේශපාලනික තරගයක් මධ්‍යයේය. බලයේ සිටින පක්‍ෂය කුමක් වුවත්, ශ්‍රී ලංකාව තුළ චීනයේ වැඩෙන බලපෑම කෙරෙහි ඇමෙරිකාවේ අවධානය පශ්චාත් යුද දශකය තුළ ස්ථාවරවී ඇත. හිටපු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප්ගේ රාජ්‍ය පරිපාලනයේදී හිටපු ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට සිදුකළ සංචාරයකදී, චීනය හැඳින්වූයේ ශ්‍රී ලංකාවේ ‘විලෝපිකයකු’ (ගොදුරු ඩැහැගන්නා සතෙකු) ලෙසිනි. ඒ අතරම මයික් පොම්පියෝ තම ඇමෙරිකාව හැඳින්වූයේ ශ්‍රී ලංකාවේ මිතුරකු ලෙසිනි. මෙම ප්‍රකාශය එකල ලොව පුරා මහත් ආන්දෝලනයකට පත්විය. මේ ආකාරයට බලන විට ශ්‍රී ලංකා භූමිය මතදීම මෙම ඇමෙරිකා – චීන ‘සිවිල් යුද්ධයේ’ දසුන් හොඳින්ම පෙනෙන්නට වී ඇත.

එම දෙරට අතර කුමන අර්බුදයක් තිබුණද, එම පාපයට ශ්‍රී ලංකාවද මැදිහත් වී තිබීම ඉතාමත්ම කනගාටුවට කරුණක් වී ඇත. පසුගියදා නිකුත් කළ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ‘ට්විටර්’ පණිවුඩය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන චීන – ඇමෙරිකා ගැටුමේ පළමු අවස්ථාව නොවේ. එනම් පසුගියදා සිය තානාපති ධුර කාලය අවසන් කළ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපතිනී ඇලයිනා භි. ටෙප්ලිට්ස් විසින් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ඇති චීන ව්‍යාපෘතීන් විවේචනයට ලක්කළේය. චීනයේ පිටුබලය ලබන කොළඹ අගනුවර වරාය නගරය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සම්මත කරන ලද නීති-රීති පිළිබඳව කනස්සල්ල පළ කරමින් ඇය සඳහන් කර තිබුණේ, දූෂිත බලපෑම් හෝ නීති විරෝධී මූල්‍යකරණය සහ මුදල් විශුද්ධිකරණය සඳහා විවෘත කිරීම් ඇති බැව් පෙනී යන බැව්ය. මෙහිදී චීනය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ‘රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටෝලෝකය’ කඩකරමින් කටයුතු කරන බැව්ය. දෙබිඩි පිළිවෙත් අනුගමනය කිරීමෙන් බැහැර වන ලෙසට චීනය විසින් ඇමෙරිකාවට දෝෂාරෝපණය කළේය.

චීනය ලෝකයේ බටහිර රටවල් කිහිපයක් සමග සිදුකරන ‘භූ-දේශපාලනය’ දැන් ලෝකයේ ප්‍රධාන මාතෘතාවක් බවට පත්වී තිබෙයි. එනම් මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවටද මෙම අරගලයට මැදිවී ඇති දැයි දැනට දැඩි සැකයක් පහළව ඇතැයි, මෙරට දේශපාලන විචාරකයන් ප්‍රකාශ කර සිටියි. මෙම වත්මන් තත්ත්වයට හොඳම නිදසුනක් වන්නේ, මෙයට වසරකට ආසන්න කාලයක සිට ලෝකයේ විවිධ රටවල්වලින් යුදමය නාවික හමුදා යාත්‍රා රැසක් ශ්‍රී ලංකාවට පැමිණෙන අයුරු දක්නට හැකි වීමය. පසුගිය මාස 6ක පමණ කාලය තුළදී මෙම තත්ත්වය තවත් උත්සන්න වූයේය. මෙම යුද්ධ නැව්වලට අමතරව ඉතාමත් බලගතු නවීන පන්නයේ යුද සබ්මැරීන් යාත්‍රාද මෙරටට පැමිණීම අතිශය විශේෂත්වයකි. එසේම මෙම විදෙස් නාවික යුද යාත්‍රා සියල්ලම අතිශය නවීන යුද උපකරණවලින් සමන්විත අතිශය නවීන යුද උපකරණවලින් සමන්විත වීමය. එසේම එම සුවිශාල නැව් මතට ගුවන් යානා සහ හෙළිකොප්ටර් බැස්සවීමේ පහසුකම්ද තිබිණි. තවද මෙම යාත්‍රාවල විදෙස් නාවික හමුදා නිලධාරීන්ද සිය, දහස් ගණනින් වූයේය.

මේ ආකාරයට ඉන්දියානු යුද නැව් සහ යුද සබ්මැරීන් යාත්‍රා, ඉන්දීය සාගර පර්යේෂණ සහ ජලවිiා පර්යේෂණ නෞකාවන්, රුසියානු යුද නැව් සහ සබ්මැරීන් යාත්‍රා, ජපානයේ නවීන යුද ප්‍රහාරක නෞකාවන්, ජර්මනියේ යුද යාත්‍රා ආදී නොයෙකුත් ආකාරයේ යුදමය නෞකා රැසක් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ අතරම එම නෞකාවල නාවික කාර්ය මණ්ඩල සමග ශ්‍රී ලංකා හමුදාව එක්ව විවිධ යුද අභ්‍යාසයන් පවා සිදුකළේය. ඉතා මෑත කාලයක සිට සිදුවන මෙම ක්‍රියාවලිය ඉදිරියේදී ශ්‍රී ලංකාවට විනාශයක් ගෙනදෙනු ලබන ක්‍රියාවලියක්ද? එම නැව් ආගමනයෙන් අප රටට සිදුවන සෙත කුමක්ද? එසේම වෙනත් විදේශ රටවල් ආශ්‍රිතව සිදු කෙරෙන යම් යුදමය වැඩ සටහන් සඳහා ශ්‍රී ලංකාව ‘ඉත්තකු’ කරගෙන තිබෙන්නේද? මෙවැනි තත්ත්වයක් ඇති වීමට අද ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලෝකයේ බලවතුන්ගේ මහා බල අරගලයයි. වෙනත් කිසිදු සමයකට වඩා අද වර්තමානයේ මෙම ලෝක බලවතුන් තම බලය රැක ගැනීම උදෙසා මහා ව්‍යායාමයක නිරතව සිටියි.

මෙවැනි වටාපිටාවකදී අද මහත් කතාබහට ලක්වී ඇති ප්‍රධානතම දේශය වන්නේ චීනයයි. එනම් චීනය මේ වන විට ලෝකයේ රටවල් රාශියක්ම තමන්ට නතුකර ගැනීම සඳහා ඉතාමත් සූක්‍ෂ්ම ක්‍රමවේදයන් රැසක් අනුගමනය කර ඇත. එවැනි තර්ජනයකට එරෙහි වීම සඳහා දැනට ඉන්දියාව ඇතුළු බටහිර රටවල් කිහිපයක්ම එකට, එක්ව යුදමය ක්‍රියාවලියක් දියත් කිරීමට තීරණය කර ඇත. දැනට දශක ගණනාවක සිට ඉන්දියාවේ සතුරකු ලෙස චීනය කටයුතු කරමින් සිටියි. චීනය තම උපරිම සහයෝගය දක්වන්නේ පාකිස්තානයටය. මේ අනුව චීනයට එරෙහිව ඇමෙරිකාව විසින් ඉන්දියාවට සහාය දක්වන අතර, මේ වන විට දෙරට එක්ව විවිධ යුද අභ්‍යාස රැසක් පවා සිදුකර ඇත. මේ ආකාරයට කිසිදු කාලයක නොවූ ලෙසින් ‘ලෝක භූ-දේශපාලනය’ ඉතා සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇත. මෙම තත්ත්වය යටතේ නොයෙකුත් ආකාරයෙන් පීඩාවට පත්වන්නේ ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටවල්ය. ශ්‍රී ලංකාව දැන් එම තත්ත්වයට ඉතා දරුණු ලෙස පත්වී හමාරය. මෙම කෙටි කාලය තුළ මෙරට වටිනා සම්පත් පවා විදෙස් රටවලින් කොල්ල කා ගන්නේ ඒ හෙයිනි.

දැනට වසර දෙකක් පුරා ලෝකය ගිලගෙන තිබෙන කොරෝනා මාරක වසංගතය හමුවේ ලෝක භූ-දේශපාලනය තවත් ශක්තිමත්ව ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එසේ වන්නේ ලෝකයේ ඇති දුප්පත් රටවල් කොරෝනා මාරයා හමුවේ තවත් අතිශය අසරණව සිටින විටදී ධනවත් රටවල් තමන්ගේ බලය ස්ථාවර කර ගැනීම සඳහා ‘භූ-දේශපාලනය’ සිදු කිරීමය. පසුගියදා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් චීනයට එරෙහිව කටයුතු කිරීමට ප්‍රබල සන්ධානයක්ද ගොඩනැඟුවේය. ඇමෙරිකාව, එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව එක්ව මෙම යුදමය සන්ධානය බිහිකර ගන්නා ලදී. මෙය ‘්ඹණඹී’ (අයුකුස්) යන නාමයකින් හඳුන්වනු ලබන අතර, රටවල් තුනෙහි නාමයන්ගේ මුල් අකුරුවලින් එය සෑදී ඇත. මෙම රටවල් තුන ප්‍රධානව දැනට ඉන්දු-ශාන්තිකර කලාපයේදී විවිධ මෙහෙයුම් රැසක් සිදුකරමින්ද සිටියි. තවද මෙම සංවිධානය තවත් රටවල් කිහිපයක් හා එක්වද මෙවැනි මෙහෙයුම් සිදුකරනු ලබයි. ඉන්දු-ශාන්තිකර කලාපයේදී මේ වන විට චීනය විසින් සිදුකරමින් සිටින විවිධ යුදමය වැඩපිළිවෙළවලට එරෙහිව මෙම බටහිර සංවිධානය කටයුතු කරනු ඇතිය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට පැමිණි සමහර යුද්ධ නෞකාවන් පවා මෙම කටයුතුවලට අදාළව ඉන්දු-ශාන්තිකර කලාපයේ යාත්‍රා කරන ලද ඒවා බවට කරුණු හෙළිවී ඇත. දැන් අලුත්ම පුවතක් ලෙස වාර්තා වන්නේ, ජපානයද චීනයට එරෙහිව ‘අයුකුස්’ සන්ධානය සමග එකට එකතු වී කටයුතු කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීමය. එසේම තවත් ප්‍රබල බටහිර රටක් වන ජර්මනියද චීනයට එරෙහිව ඉහත සන්ධානය සමග කටයුතු කිරීමට තීරණය කර ඇත. එමෙන්ම පසුගියදා ජර්මන් යුද නැව්ද මෙම සාගර කලාපයට පිවිසී තිබිණි. මෙලෙස චීන මකරාට එරෙහිව ලෝක බලවතුන් කඳවුරු බඳිමින් සිටියි.

‘භූ-දේශපාලනය’ යනු, භූගෝලීය සාධක මත පදනම්ව, ඊට අනුරූපව විදේශ සබඳතා සහ ප්‍රතිපත්ති තීරණය වන්නා වූ ක්‍රියාවලියක් යැයි අර්ථකථනය කර ඇත. තවද මෙය ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක වන බැව්ද පැහැදිලි කර ඇත. ‘හොඳ, හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට’ යැයි කිව්වා සේ මෙම නාටකය තවත් ඉදිරියටම ඇදී යයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පුළුවන්නම් කාපන්! කුකුල් මස් කිලෝව 830යි! (VIDEO)

Next Post

මාව වට්ටන්න ගොඩක් අය බලන් ඉන්නවා…

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.