• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකා ඉතිහාසයේ ලොකුම යුද්ධය කළ රජතුමා

November 10, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලංකා ඉතිහාසයේ ලොකුම යුද්ධය කළ රජතුමා
Share on WhatsAppShare on Facebook

එදා අනුරාධපුර රාජධානියෙන් ඇරඹි ශ්‍රී ලාංකේය රාජධානි කතාව අවසන් වෙන්නේ කන්ද උඩරට මහනුවර රාජධානියෙනි. අනුරාධපුර රාජධානිය සහ මහනුවර රාජධානිය අතර තවත් සුප්‍රසිද්ධ රාජධානි කිහිපයක් විය. එම රාජධානි නම් දඹදෙණිය රාජධානිය, සීතාවක රාජධානිය, යාපහුව රාජධානිය, කුරුණෑගල රාජධානිය මෙන්ම යාපනය රාජධානියයි. එම රාජධානිද එවකට පැවති නම ගිය රජවරුන් පාලනය කළ සුප්‍රසිද්ධ රාජධානීන් බව නම් රහසක් නොවේ. මෙම රාජධානි අතරින් “සීතාවක රාජධානිය” යනු අද අඩුවෙන්ම කතාබහට ලක්වෙන රාජධානියකි. එහෙත් අපට කතාබහ කළ යුතු දේවල් රැසක්ම තිබෙන්නේද සීතාවක රාජධානිය තුළය. එම නිසාම අද අපේ කතාබහ මෙම සීතාවක රාජධානිය ගැනය.

කවුරුන් කෙසේ කොහොම සඳහන් කළද සීතාවක රාජධානියේ නම ගිය පාලකයා වන්නේ පළමුවැනි රාජසිංහ රජුය. එනම් මායාදුන්නේ රජුගේ පුතාය. ඉතා ප්‍රසිද්ධ රාජධානියක් ලෙස පැවති මෙම සීතාවක රාජධානිය පසුව පළමුවැනි රාජසිංහ රජුගේ මරණයෙන් පසුව පරිහානියට පත්විය. එදා කෝට්ටේ රාජධානියේ එක ශාඛාවක් වූ සීතාවක රාජධානියේ අවසන් පාලකයා ලෙස සටහන් වන්නේ “නිකපිටියේ බණ්ඩාර” නම් දුර්වල පාලකයෙකි. එහෙත් අදටත් අප පිළිගන්නේ පළමුවැනි රාජසිංහ රජු යනු මෙම සීතාවක රාජධානියේ සිටි ජනප්‍රියම පාලකයා යනුවෙනි. එහෙත් එකල සීතාවක රාජධානියේ ජනතාව මෙම පළමුවැනි රාජසිංහ රජු ගැන එතරම් පැහැදීමකින් නොසිටිය බව ජනප්‍රවාදයේ සඳහන්ය. ඊට හේතුව වී තිබෙන්නේ එම රජුගේ ක්‍රියා කලාපයයි. එනම් එම රජු ඉතා හොඳ ක්‍රියාකාරකම්වලට සමාන්තරව වැරදි ක්‍රියාකාරකම්වලද නිරත වූ බවයි. එම කරුණු කාරණා නිසා මෙම පළමුවැනි රාජසිංහ රජු ගැන විවිධ මතයන් සමාජයේ නිර්මාණය වී ඇති බව පෙනෙයි.

පළමුවැනි රාජසිංහ රජතුමා එදා පැරණි මූලාශ්‍රවල මෙන්ම ජනප්‍රවාදයේද හැඳින්වෙන්නේ පීතෘ ඝාතක හිතුවක්කාර රජකු ලෙසිනි. එනම් පියා මැරූ රජකු ලෙසිනි. එහෙත් එම කතාව සත්‍යද අසත්‍යද යන්න අදටත් ප්‍රශ්නයකි. ඊට එකම හේතුව වන්නේ පෘතුගීසි ඉතිහාසඥයකු වූ “කෝරෝස්” නම් පුද්ගලයා සඳහන් කරන ඊට වෙනස්ම කතාවයි. ඔහු සඳහන් කරන්නේ ක්‍රි.ව. 1581 දී පමණ පළමුවැනි රාජසිංහ රජුගේ පියා වූ මායාදුන්නේ රජු මියගිය බවයි. එහිදී ඔහු ඒ කතාවේ කොතැනකවත් ඔහු ඝාතනයක් නිසා මියගිය කතාවක් නොකියයි. ඔය හේතුව නිසා පළමුවැනි රාජසිංහ රජු යනු පීතෘ ඝාතකයකුද යන්න නිශ්චිතව පැවසීමට නොහැකිය. එහෙත් පළමුවැනි රාජසිංහ රජු හින්දු ආගම වැළඳගත් පුවතක් ඇතැම් පැරණි මූලාශ්‍රවල දැනට සඳහන්ව තිබේ. රජු එසේ කර තිබෙන්නේ තම පියාව ඝාතනය කිරීම නිසාවෙන් එම පවෙන් ගැලවීමට බුදු දහමෙන් පිහිටක් නොමැති නිසාය. එය තවත් සරලව කිව්වොත් කියන්නට ඇත්තේ පියා මැරීම යනු අපගේ බුදු දහම තුළ ආනන්තරීය පාපකර්මයක් යනුවෙනි. ඒ නිසා රජු හින්දු ආගම වැළඳගත්තා යැයි කිව හැකිය.

එසේ හින්දු ආගම වැළඳගත් පළමුවැනි රාජසිංහ රජුට බෞද්ධ භික්ෂූන්ගේ සහාය කිසිවිටෙකවත් ලැබී නොමැති බවටද කතාවක් තිබේ. එම නිසාම ඔහු එදා තම පුරෝහිත ලෙස පවා තබාගෙන තිබෙන්නේ සොළී රටින් පැමිණි “අරිට්ට කීවෙණ්ඩු පෙරුමාල්” නම් දමිළ පුද්ගලයෙකි. පසුකලෙක රජු ඔහුට “මාන්නප්පෙරුම මොහොට්ටාල” යන ගෞරව නාමයද දුන් බව සඳහන් වෙයි. කෙසේ වුවද රාජසිංහ රජුට බෞද්ධ භික්ෂූන්ගේ සහාය නොලැබීමට තවත් බරපතළ හේතුවක් තිබේ. එනම් ඒ රජතුමා බෞද්ධ හික්ෂූන් වහන්සේ එකසිය හැටනමක් ඝාතනය කළ කුරිරු කතාවයි. එම කතාවට අනුව රජු තමාට එරෙහිව කුමන්ත්‍රණය කළ චෝදනාව මත එදා එසේ බෞද්ධ භික්ෂූන් වහන්සේ එකසිය හැටනමක් අමු අමුවේම ඝාතනය කළ බව පැවසෙයි. ඒ සීතාවක ගඟේ ගිල්වමිනි. එවැනි හේතූන් නිසා රජු මහජන අප්‍රසාදයට පවා ලක් වූ රජෙක් ලෙස හැඳින්විය හැකිය. එය එසේ වුවද පළමුවැනි රාජසිංහ රජු යනු පෘතුගීසි ආධිපත්‍යය මෙරටින් අතුගා දැමීමට ක්‍රියාකළ රජෙකි. එදා තිබූ විජයබා කොල්ලයත් සමඟ ආරම්භ වූ සීතාවක රාජධානිය වරෙක අපේ ලංකාවේ තිබූ ප්‍රබලතම රාජ්‍යයක් බවට පත්වූයේ මෙම රජුගේ රාජ්‍ය සමයේ බව රහසක් නොවේ.

සීතාවක තමන්ගේ රාජධානිය කරගත් පළමුවැනි රාජසිංහ රජතුමාගේ මරණයද එක්තරා ආකාරයකට යම් අබිරහසකි. කෙසේ වුවද අප අදටත් පිළිගන්නේ පළමුවැනි රාජසිංහ රජතුමා මියගියේ ඉතාම විෂ උණ කටුවක් කකුළේ ඇනීම නිසා බවයි. එහෙත් පළමුවැනි රාජසිංහ රජුගේ මෙම මරණය පිළිබඳ විශ්වාසයටත් අවිශ්වාසයටත් මැදි වූ තවත් එක්තරා මත කිහිපයක් තිබේ. එහෙත් කවුරුත් පිළිගන්නේ දැනට ඉහතින් අප සඳහන් කළ විෂ උණ කටුවක් ඇනීම නිසා පළමුවැනි රාජසිංහ රජු මියගිය පුවතයි. එසේ රජුගේ කකුළේ විෂ උණ කටුවක් ඇනුණු බව සඳහන් වන්නේ රජු බලනෙන් යළි සීතාවකට එන අතරතුරය. එදා රජු එසේ එමින් සිටියදී පෙතන්ගොඩ උයනේ මඳක් දුරට විවේක ගෙන තිබේ. සීතාවක මහනුවර මාර්ගයේ එක් ප්‍රධාන නැවතුම්පොළක් ලෙස හැඳින්වෙන එම අපූරු පෙතන්ගොඩ උයනේ එදා තිබී ඇත්තේ විෂ සහිත උණ පඳුරුය. එහිදී රජුගේ කකුළේ යටි පතුලෙහි එසේ විෂ උණ කටුවක් ඇනී තිබේ. එම අවස්ථාවේ එය විෂ වී රජු එදා මියගිය බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම පෙතන්ගොඩ උයනේ අදටත් ඒ විෂ සහිත උණ පඳුරු කීපයක් තිබෙන බව සඳහන්ය.

දැනට අවසන් ගමන් ගොස් තිබෙන එදා පළමුවැනි රාජසිංහ රජුගේ රජ මාලිගය ගැනද ඔබට යමක් කිව යුතුය. එදා එය තිබී ඇත්තේ මෙම සීතාවක රාජධානිය තුළය. සීතාවක නගරය පසුකර මානියම්ගම මාර්ගය ඔස්සේ ටික දුරක් ගිය පසු දකුණු පසට වෙන්නට ඇති තරමක් උස් බිම මත එදා මෙම රජ මාලිගය තිබූ බව පැවසෙයි. එදා “මාලිගාවත්ත” සහ “බණ්ඩාරවත්ත” යන නම්වලින් පවා හැඳින්වූ මෙම මාලිගය මුලින්ම මායාදුන්නේ රජතුමාගේ රජ මාලිගයයි. එහෙත් පසුව එය පළමුවැනි රාජසිංහ රජතුමාට හිමිව තිබේ. එහෙත් වර්තමානය වෙන විට මෙහි කිසිදු පුරා වස්තුවක් ඉතිරිව නැත. එය කනගාටුවට කරුණකි. නමුත් 19 වැනි සියවස මුල්භාගයේ අප රටට පැමිණි බි්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරයකු වූ ජෝන් ඬේව් ශ්‍රී ලංකාව ගැන ලියූ ග්‍රන්ථයක සීතාවක රාජධානිය ගැන සටහනක් කර තිබේ. එහි සඳහන් වන්නේ එම රජ මාලිගය තිබූ බවට විශ්වාස කරන ස්ථානයේ කබොක් ගලින් කළ බිත්තිවල අවශේෂයන් තිබී හමුව ඇති බවයි. තවද ඒ අසලින් ගල් ලෑලි කීපයක්ද හමුව තිබේ. එමෙන්ම එදා වතුර ගැනීමට තැනූ විශාල ළිං වළක්ද හමුව ඇති බව සඳහන්ය. තවද මෙම මාලිගයේ බිත්ති තිබී ඇත්තේද මැටියෙන්ය. නමුත් මේ සියල්ල පෘතුගීසි ආක්‍රමණයෙන් විනාශ වූ බව සඳහන්ය.

පළමුවැනි රාජසිංහ රජතුමාගේ කතාවේ ඇතැම් කොටස් ශ්‍රී ලංකාවේ තවත් ප්‍රසිද්ධ ස්ථාන හා බද්ධව තිබේ. එයින් එක් ස්ථානයක් වන්නේ මැදගොඩ ඇති පත්තිනි දේවාලයයි. දෙහිගම්පල් කෝරළේ මැදගොඩ පිහිටා ඇති මෙම මැදගොඩ පත්තිනි දේවාලය එදා සීතාවක පළමුවැනි රාජසිංහ රජුගේ අනුග්‍රහය ලැබූ පූජනීය ස්ථානයක් බව පැවසෙයි. දිනක් රාජසිංහ රජු අඟුළකින් කැලණි ගඟ ඔස්සේ මෙම පුරාණ දේවාලය පසුකරමින් යමින් සිට තිබේ. එහෙත් ඒ අසලින් රජුට යෑමට හැකිව නැත. එම හේතුව නිසාවෙන් රාජසිංහ රජු දේවාලයට සන්නසකින් ගම්වරයක් පූජා කළ බව සඳහන්ය. මෙම මැදගොඩ පත්තිනි දේවාලය කළු ගල් කණු අටක් මත ඉදිකර ඇති අපූර්ව දේවාලයකි. මෙය අලංකාර කැටයම්වලින්ද සමන්විත අපූර්ව දේවාලයක් ලෙස පැවසිය හැකිය. දැනට පත්තිනි දේව මෑණියන් වෙනුවෙන් ඉදිකර ඇති මෙම මහා දේවාලය පළමුවැනි රාජසිංහ රජතුමා නිතර නිතර ආ ගිය වැඳ පුදාගත් දේවාලයක් බවද පැවසෙයි. එම නිසාම මෙම දේවාලය මෙම කතාවට වැදගත්ය.

සීතාවක රාජධානිය තුළ හමුවෙන අනගිතම හා කලාත්මකම නිර්මාණය වන්නේ සීතාවක බැරැණ්ඩි කෝවිලයි. මෙම කෝවිල සමඟද පළමුවැනි රාජසිංහ රජතුමාගේ සම්බන්ධයක් තිබේ. පළමුවැනි රාජසිංහ රජතුමා එදා මෙම බැරැණ්ඩි කෝවිල වැඳපුදාගත් බව ජනප්‍රවාදයේ සඳහන්ය. බැරැණ්ඩි කෝවිල ඇතැම් තැන්හි “භරණ්ඩි කෝවිල” මෙන්ම “බ්‍රාඩි කෝවිල” ලෙසද හඳුන්වා තිබේ. මෙම කෝවිලේ විශේෂත්වය වන්නේ මෙය තනි කළු ගලෙන් නිර්මාණය කර තිබීමයි. අලගියවන්නයන්ගේ සැවුල් සන්දේශයේ පවා මෙම කෝවිල ගැන රමණීය වර්ණනාවක් දකින්නට තිබේ. එමෙන්ම එච්.සී.පී. බෙල් මහතා ලියූ කෑගලු වාර්තාවේද මෙම කෝවිල ගැන වැඩි යමක් සඳහන් වෙයි. මෙම කෝවිල අඩි 120ක් දිග අඩි 95ක් පළල අඩි 10ක් උස පදනමක් මත ඉදිකර තිබේ. ඊට ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පය යොදාගෙන ඇති බව හොඳින්ම පෙනෙන්නට තිබේ. අලංකාර පලාපෙති සහ ලියවැල් කැටයම්ද එහි වෙයි. මෙම බැරැණ්ඩි කෝවිල ඇත්තේ සීතාවක ගං ඉවුරේය. මෙයට පැමිණිය යුත්තේ කළු ගල් ලෑල්ලෙන් සෑදූ පාලමක් මඟිනි. එහෙත් බැරැණ්ඩි කෝවිල කුමන දෙවියකු වෙනුවෙන් සැදුවාද යන්න අදටත් ප්‍රශ්නාර්ථයකි.

එදා “ටිකිරි බණ්ඩාර” නමින් උපත ලැබූ පළමුවැනි රාජසිංහ රජතුමාට “රාජසිංහ” යන නම ලැබෙන්නේ එම රජු පෘතුගීසි හමුදා සමඟ සිදුකළ ඉතා බිහිසුණු සටන්වලින් පසුය. එම රාජසිංහ නමේ අර්ථය වන්නේ “සිංහයන්ගේ රජු” යන්නයි. එසේ නැත්නම් “රාජකීය සිංහයා” යන්නයි. කෙසේ හෝ රාජසිංහ රජතුමා එදා පෘතුගීසීන් සමඟ කළ මුල්ලේරියාව සටන එවකට ශ්‍රී ලාංකේය ඉතිහාසයේ වූ බිහිසුණුම සටන බව රහසක් නොවේ. එම සටනේදී සිංහල හමුදාව විසින් මුළු මහත් පෘතුගීසි හමුදාවම පරාජය කළ බව සඳහන්ය. එදා එම බිහිසුණු සටන කළ මුල්ලේරියාව වෙල්යාය පෘතුගීසි හමුදාවගේ ලෙයින් රත් පැහැයට හැරුණු බවද සඳහන් වෙයි. එමෙන්ම යුරෝපීය හමුදාවක් ආසියා භූමියකදී ලැබූ දරුණුතම පරාජය වන්නේද මෙයයි. එසේ බලන කල පළමුවැනි රාජසිංහ රජු යනු එසේ මෙසේ රජකු නොවේ. සැබෑවටම ඔහු නමේ හැටියටම කිසිවකුට යටත් නොවෙන රාජකීය සිංහයෙකි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

උරුම කරුම සියල්ල ලියූ ජීවිතයේ ඔප්පුව

Next Post

ලංකා බැංකුව INNOVBANK Symposium හඳුන්වාදෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.