• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලංකා පොළොවේ වැඩි වාසි කාටද

November 9, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ලංකා පොළොවේ වැඩි වාසි කාටද
Share on WhatsAppShare on Facebook

බුධ ග්‍රහයා සහ ශ්‍රී ලංකා භූමිය අතර තිබෙන විශේෂ බැඳීම කුමක්ද? ශ්‍රී ලංකාවේ බිහිවූ අගමැතිවරු ජනාධිපතිවරු බොහොමයක් දෙනා මිථුන හා කන්‍යා ලග්න හිමියන්ය. ඒ ගැන පැහැදිලි කරන්න නම් මුලටම යා යුතුය. ඒ කියන්නේ, නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයාගේ සිට වර්තමාන ජනාධිපතිවරයා තෙක් සියලු රාජ්‍ය නායකයන්ගේ ලග්නය සෙවිය යුතුය.
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වූයේ ඩී.එස්. සේනානායක මහතාය. එතුමා මෙලොව එළිය දුටුවේ 1884 ඔක්තෝබර් මස 20 වැනිදාය. ඒ, බුධට අයත් මිථුන ලග්නයෙනි. බුධගෙන් යෙදුණු භද්‍ර යෝගය නම් වූ පංච මහා යෝගයද ඇතුවය. එහෙම නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා මිථුන ලග්න හිමියෙකි.

නිදහස් ශ්‍රී ලංකාවේ දෙවැනි අගමැතිවරයා ඩඞ්ලි සේනානායක මහතාය. 1911 ජූනි මස 19 වැනිදා උපත ලැබූ එතුමා කන්‍යා ලග්න හිමියෙකි. කන්‍යා ලග්නය බුධට හිමි ලග්නයකි. ඩඞ්ලි සේනානායක මහතා තෙවරක් අගමැති පදවියට පත්විය.

ශ්‍රී ලංකාවේ තෙවැනි අග්‍රාමාත්‍යවරයා වූයේ ජෝන් කොතලාවල මහතාය. 1895 අප්‍රේල් 04 වැනිදා මෙලොව එළිය දුටු ජෝන් කොතලාවල මහතාගේ ලග්නය වූයේ බුධට අයත් කන්‍යා ලග්නයයි.
මේ අනුව 1956 තෙක් ශ්‍රී ලංකාව පාලනය කරනු ලැබුවේ බුධට අයත් මිථුන හා කන්‍යා ලග්න හිමියන්ය. 1956 මහ මැතිවරණයෙන් ජය ලබා අගමැති තනතුරට පත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා කුම්භ ලග්න හිමියෙකි.

1959 සැප්තැම්බර් මස 26 වැනිදා බණ්ඩාරනායක මහතා දැයෙන් සමුගත් අතර, අග්‍රාමාත්‍ය තනතුරට පත් වූයේ විජයානන්ද දහනායක මහතාය. 1902 ඔක්තෝබර් මස 22 වැනිදා උපත ලැබූ විජයානන්ද දහනායක මහතා කන්‍යා ලග්න හිමියෙකි.
විජයානන්ද දහනායක මහතාගෙන් පසුව නැවත අගමැති තනතුරට පත්වන්නේ කන්‍යා ලග්නය හිමි ඩඞ්ලි සේනානායක මහතාය.

ඩඞ්ලි සේනානායක මහතාගේ ධුර කාලය මාස කීපයකට සීමා වූ අතර සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනිය අගමැති තනතුරට පත් වූවාය. බණ්ඩාරනායක මැතිනිය බුධට අයත් කන්‍යා ලග්නයෙන් උපන්නියකි.

1965 වසරේදී නැවත බලයට පත්වන්නේ බුධ හිමි කන්‍යා ලග්නයෙන් උපන් ඩඞ්ලි සේනානායක මහතායි. අනතුරුව, 1970 දී බලයට පත්වන්නේ බුධ හිමි කන්‍යා ලග්නයෙන් උපන් බණ්ඩාරනායක මැතිනියයි.

1977 වසරේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති තනතුරට පත් වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. 1906 සැප්තැම්බර් මස 17 වැනිදා උපත ලැබූ ජේ.ආර් ජයවර්ධන මහතා බුධට අයත් කන්‍යා ලග්නයෙන් උපත ලැබූවෙකි. ජේ.ආර්. ජයවර්ධන මහතා 1988 වසර තෙක් ජනාධිපති ධුරය හෙබවූ අතර එතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයාය.
මේ අනුව 1959 වසරේ පටන් 1988 වසර තෙක් මෙරට පාලන බලය හිමි කරගෙන ඇත්තේ බුධට අයත් කන්‍යා ලග්න හිමියන්ය. 1988 වසරේ ජනාධිපති තනතුරට පත් වූයේ කුජට අයත් මේෂ ලග්නය හිමි රණසිංහ ප්‍රේමදාස මහතාය.

රණසිංහ ප්‍රේමදාස මහතා 1993 මැයි මස පළමු වැනිදා හදිසියේ දැයෙන් සමුගත් අතර ජනාධිපති පදවිය හිමි වූයේ ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතාටය. 1916 පෙබරවාරි 15 වැනිදා උපන් ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා බුධට අයත් මිථුන ලග්න හිමියෙකි. වසර එකහමාරක කාලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය හෙබවූ විජේතුංග මහතා 1994 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණු අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති ධුරයට පත්වූවාය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සඳුට අයත් කටක ලග්නයෙන් උපන්නියකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති ධුරයට පත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. එතුමා බුධට අයත් කන්‍යා ලග්න හිමියෙකි. මහින්ද රාජපක්ෂ මහතා වසර දහයක් ජනාධිපති ධුරය හෙබවූ අතර 2015 වසරේ ජනාධිපතිවරණයෙන් ජයගනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එතැන් පටන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය හොබවන මෛත්‍රීපාල සිරිසේන මහතා සිකුරුට අයත් තුලා ලග්න හිමියෙකි.
2019 නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහාද මිථුන ලග්න හිමියෙක් ඉදිරිපත් වී සිටියි. ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා මිථුන ලග්න හිමියෙක් වේ දැයි දැනගැනීමට තව දින කීපයක් ඉවසා සිටිය යුතුය.

1948 නිදහස ලබාගත් මොහොතේ උදාවී පැවැතියේ කුම්භ ලග්නය බැවින් වැඩි වශයෙන් ශ්‍රී ලංකා කේන්දරය විග්‍රහ කරනු ලබන්නේ කුම්භ ලග්නය මුල් කරගෙනය. ශ්‍රී ලංකා ජනරජ කේන්දරය විග්‍රහ කෙරෙන්නේ රවි හිමි සිංහ ලග්නය මුල් කරගෙනය. ඒ, 1972 මැයි 22 වැනිදා ජනරජය පිහිටුවනු ලැබූ මොහොත මුල් කරගෙනය. බි්‍රතාන්‍යයන් විසින් පහතට හෙළනු ලැබූ ශ්‍රී ලංකා ජාතික කොඩිය මහනුවරදී නැවත ඔසවනු ලැබුවේ 1948 පෙබරවාරි මස 12 වැනිදා රාත්‍රී 08.30ට බව සඳහන් වෙයි. ඒ මොහොතට අනුව උදාවී පැවති ලග්නය බුධ හිමි කන්‍යා ලග්නයයි.
කෙසේ වුවද නිදහස් ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වී ඇති රාජ්‍ය නායකයන් අතරින් වැඩි පිරිසක් මිථුන හා කන්‍යා ලග්න හිමියන් බව පැහැදිලිය.

ජ්‍යොතිෂවේදී සංජීව කුළුපණ බණ්ඩාර

SendShareShare
Previous Post

ජවිපෙ මූලස්ථානයෙන් සාමාජිකයන්ට විශේෂ පණිවුඩයක්

Next Post

මරු කතා කියන හරි ටාසන්

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.