සිය පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙත විශේෂ පණිවුඩයක් යැවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇත.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයාට පළමු මනාපය පාවිච්චි කොට දෙවන මනාපය රාජපක්ෂ කෙනකු නොවන ප්‍රධාන අපේක්ෂකයකුට ලබා දෙන ලෙස සියසාමාජිකයන් හට මෙම පණිවුඩයෙන් දැනුම් දීමට නියමිතය.
සෙනසුරාදා (12) දිනයේ මෙම පණිවුඩය සිය සාමාජිකයන්ට යැවීමට ජවිපෙ තීන්දු කර ඇති බවද වාර්තා වේ.










