• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවෙන් හමුවුණු ලෝකයේ පළමුවැනි ස්ථූපය…

October 30, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
ලංකාවෙන් හමුවුණු ලෝකයේ පළමුවැනි ස්ථූපය…
Share on WhatsAppShare on Facebook

බුදුන් සරණ ගොස් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීම තරම් උතුම් සැපතක් තවත් නොමැති බව බෞද්ධයන් දන්නේය. එකී උත්තරීතර අවස්ථාව වර්තමානයේ වෙසෙන්නවුන්ට සිහිනයක් සැබෑ වන්නක් මෙන් දුර වුවද බුදුරදුන් ජීවමාන කල උන්වහන්සේ දැක සිත් පහදවාගෙන උතුම් බුදු දහම කෙරේ බැඳී මේ සසරේ දුක අවබෝධ කරගෙන ජීවිතයේ පරම සැපත අවබෝධ කරගත්තෝ අතිවිශාලය. පෙර පින් බලය ඒකරාශී කරගෙන ආවෝ එසේ හැකි ප්‍රථම වතාවේම බුදුවහන්සේ දකින්නට පින් ඇත්තෝ වූහ.

එදවස අප මහා බෝසතාණන්වහන්සේ බුද්ධත්වයට පැමිණි පසු දිනයේ ඒ මහා භාග්‍යය උදා කරගන්නට අවස්ථාව ලද්දේ දේශයෙන් දේශයට ගොස් වෙළෙඳාම් කටයුතුවල නිරතවූ තපස්සු භල්ලුක නම් වෙළෙඳ දෙබෑයන්ය.

බුදුරජාණන්වහන්සේ සම්බුද්ධත්වයට පැමිණ සත් සතිය ගතකොට එළඹි පනස්වැනි දිනයේ ශක්‍ර දෙවියන් මේ බව දිවැසින් දැක අරළු දැහැටි දණ්ඩක් බුදුරජාණන් වහන්සේට පිළිගන්වා තිබේ. බුදු රජාණන්වහන්සේ මුව සෝදා දානය වැලඳීමේ අදහස ඇතිව වැඩසිටි බව ශක්‍ර දෙවියන් දිවැසින් දුටුවේය. මේ මොහොතේ සසරේ කුසල් බලවත්ව පෙර කළාවූ ප්‍රාර්ථනාවක් ඉටුවීම වස් තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ගැල් පන්සීයක බඩු භාණ්ඩ රැගෙන මේ අසලින් ගමන් කරමින් ඇති අතර, මේ මොහොතේ ඉටුකර ගන්නට වාසනා ලැබී ඇති හෙයින් එය ඉටුකර ගන්නා ලෙස දැනුම් දුන් බව කියැවේ.

එලෙස බුදුරදුන්ට ප්‍රථම දානය පිළිගැන්වීමේ භාග්‍ය ලද මේ වෙළෙඳ දෙබෑයන් සතරවරම් දෙවිවරුන් විසින් පිළිගන්වන ලද පාත්‍රයට විළඳ සහ මීපැණි ගෙන උන්වහන්සේට පිළිගැන්වූ බව පැවැසේ.

එලෙස ප්‍රථම දානය පිළිගත් බුදුරජාණන්වහන්සේ පුණ්‍යානුමෝදනාවෙන් සිත් පහදවාගන්නට භාග්‍ය ලද වෙළෙඳ දෙබෑයෝ බුදුන්, දහම්, සඟුන් සරණ ගිය ප්‍රථම දේවාචික පාසකයන් බවට පත්වූ බව සඳහන් වේ.

ලද භාග්‍යවත් අවස්ථාව ගැන පැහැදුණු සිත් ඇතිව තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුන් වහන්සේගෙන් ඉල්ලීමක් කළේය. ඒ, පූජා කටයුතු උදෙසා යම් වස්තුවක් ලබාදෙන ලෙසටය. මේ මොහොතේ බුදුන්වහන්සේ හිස පිරිමැද කේශ ධාතුන්වහන්සේ ස්වල්පයක් ලබාදුන් බව පැවැසේ. එලෙස බුදුන්වහන්සේ ලබාදුන් කේශ ධාතුන්වහන්සේ සත් රුවන් කරඬුවක තැන්පත් කොට තම වෙළෙඳාම් කටයුතු සඳහා යන සෑම තැනකම මහත් ශ්‍රද්ධාවෙන් යුතුව රැගෙන යෑමටත් එසේ යන ගමනේදී සැදැහැති සිතින් වැඳුම් පිදුම් කිරීමටත් ඔවුහු කටයුතු කළහ.

එලෙස ඔවුන් වෙළෙඳාම් කටයුතු සඳහා ගිය බුරුමය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය හා ලංකාව වැනි රටවලදී ඒ කේශ ධාතුන්වහන්සේ දෙනම බැගින් තැන්පත් කොට ස්ථූප කරවූ බවද පැවැසේ.

මේ වකවානුවේ මුහුදු මාර්ගයෙන් ලංකාවේ වෙළෙඳ කටයුතු සඳහා පැමිණ ඇති තපස්සු භල්ලුක දෙබෑයන් මෙරටට ගොඩබැස ඇත්තේ අතීතයේ ප්‍රධාන තොටුපොළක් වශයෙන් හඳුනාගෙන ඇති ත්‍රිකුණාමලය තිරියාය ගල් වරායටය. එම ගමනේදී ඒ අසල පිහිටි කිරිකණ්ඩ පර්වතය නම් වූ කඳු මුදුනට ගොස් කේශ ධාතුන්වහන්සේ සහිත කරඬුව එහි ගල් පර්වතයක් උඩ සුරක්ෂිතව තැන්පත් කොට වෙළෙඳාම් කටයුතු සඳහා රට අභ්‍යන්තරයට පිටත්ව ගොස් තිබේ. පසුව වෙළෙඳ කටයුතු සාර්ථක කරගෙන ආපසු පැමිණ කේශ ධාතුන් සහිත කරඬුව රැගෙන යන්නට උත්සාහ කළද එය ආපසු ගන්නට නොහැකි ලෙස සවිවී තිබෙනු දැක මහත් වූ ශ්‍රද්ධාවෙන් යුතුව එම ස්ථානයේ ස්ථූපයක් කරවූ බව පැවැසේ. බෞද්ධ සාහිත්‍යයට අනුව ලොව ඉදිවූ ප්‍රථම ස්ථූපයද මෙයයි.

මෙම ස්ථූපය කරවූයේ බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටින සමයක බැවින් ගිරිහඩු ස්ථූප ගර්භයේ වැඩසිටිනුයේ ජීවමාන කේශ ධාතුන්වහන්සේ යැයි සැලකෙන අතර ක්‍රි.පූ. 528දී පමණ ත්‍රිකුණාමලය තිරියාය ප්‍රදේශයේ ඉදිකළ මෙම ස්ථූපය ලංකාවේ ප්‍රථම ස්ථූපය ලෙසද සලකනු ලබන අතරම පණ්ඩුකාභය කුමරුගේ මාමා කෙනකු වූ ගිරිකණ්ඩ කුමරු මෙම ප්‍රදේශය සශ්‍රීක කළ බැවින් පසු කලෙක එම ස්ථූපයද ගිරිහඩු සෑය නමින් ප්‍රකට වී තිබේ.

ත්‍රිකුණාමලයට කිලෝමීටර් 45ක පමණ දුරින් පිහිටි ගිරිගඩු සෑය, මුහුදු මට්ටමෙන් අඩි 280ක් පමණ උසින් දර්ශනීය කඳුගැටයක් මත පිහිටා තිබේ. පසුව මෙම පුදබිමෙහි එනම් ක්‍රි.ව. 733 පමණ අග්‍රබෝධි සිලාමේඝ රජ සමයේ ඉදිකළා යැයි සැලකෙන වටදාගෙය ඉතා දර්ශනීය නිර්මාණයක් සේ සැලකේ.

එම රජු විසින්ම මෙම ස්ථූපය විශාල කොට බැන්දවූ බවද ඉතිහාසයේ සඳහන්ව ඇති අතර මෙම ස්ථූපයේ විෂ්කම්භය අඩි 32කි. වටදාගෙයි විෂ්කම්භයද අඩි 79කි. වටදාගෙයට ඇතුළුවීමට සතර පැත්තෙන් වාහල්කඩ සතරකි. එම වාහල්කඩ සතර ඉදිරියේ සමාධි පිළිම තැන්පත් කර තිබී ඇති අතර ඉන් එක සමාධි පිළිමයකුත් අනෙක් තුනෙහි ගල් ආසනත් අදද දක්නට ඇත. එවක ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස මෙම වටදාගෙය හඳුන්වා දිය හැකිය.

ක්‍රි.ව. පස්වැනි සියවස වන විට ගිරිහඩු සෑ පුදබිම රහතන්වහන්සේලා වැඩ සිටි පින් බිමක් බවට පත්වී ඇති අතර අටවැනි සියවස පමණ වන විට මෙය මහායානික පුදබිමක් බවට පත්ව තිබේ. ඒ සඳහා හේතු වන්නට ඇත්තේ ජාත්‍යන්තර සබඳතා සහිත වරායක් අසල මේ පුදබිම පිහිටා තිබීම වන්නට ඇතැයි විශ්වාස කෙරේ. එකල විදේශ ධර්ම ප්‍රචාරක කටයුතු සිදුකළ අමෝඝ වජ්‍ර නම් මහායානික තෙරුන් වහන්සේ මෙහි අධිපතිත්වය දැරූ බවද පැවැසේ.

දොළොස් වැනි සියවසේදී පමණ සොළී ආක්‍රමණ හේතුවෙන් ජනයා මෙම ප්‍රදේශය අතහැර ගිය බවද, ඒ හේතුවෙන් පුද බිමද වල් බිහිවී හුදෙකලා වූ බවද සඳහන් වේ.
පසුව සියවස් ගණනාවක් වනය තුළ සැඟව ගිය මේ පුදබිම පූජ්‍ය ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද ස්වාමින්වහන්සේගේ මහත් කැපවීමෙන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් යළි එළිපෙහෙළි වී දියුණු විය. පසු කාලයක උන්වහන්සේට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තර්ජන එල්ලවූ අතර එතැන් පටන් මෙම පුදබිම ආරක්ෂා කරගන්නට ත්‍රිවිධ හමුදාව නොපසුබට උත්සාහයක් දරා ඇත.

එහෙයින් අදද ලොව පුරා බෞද්ධ අබෞද්ධ සැමට ලොව ප්‍රථම ස්ථූපය දැකබලා ගන්නට වන්දනාමාන කරගන්නට භාග්‍යය ලැබී ඇති අතර, එය අප වැනි බෞද්ධ රටක් ලද සුවිශේෂ භාග්‍යයක් ලෙසද සඳහන් කළ හැකිය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ඥානසාර හිමිත් උන්නාවේ! හිස්බුල්ලත් ඇන්නෑවේ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ජීවිත එළිය කරන නිවෙසේ බ්‍රහ්ම පාදය…

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

පුංචි තිරය හරහා ප්‍රේක්ෂක සිත් සොරාගත් ඇය, කාලෙකින් නිර්මාණයකින් දැකගන්න ලැබුණේ නැහැ. හැබැයි ඇයට තියෙන ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිම අඩුවක්...

Read more
තෙල් අඩු කළා!

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.