• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ඥානසාර හිමිත් උන්නාවේ! හිස්බුල්ලත් ඇන්නෑවේ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 30, 2021
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
ඥානසාර හිමිත් උන්නාවේ! හිස්බුල්ලත් ඇන්නෑවේ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2014 ජූලි 03 වැනි දින එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ‘දෙරණ’ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කළේය. පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයය.

“බොදුබලය සමග මගේ සම්බන්ධයක් නෑ…’

බොදුබල සේනා සංවිධානය සමග තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද දෙරණට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දුන්නේ එම සංවිධානයට කිසිදු ආකාරයක සහායක් තමා ලබාදී නොමැති බවය. විවිධ කණ්ඩායම් අතර ප්‍රශ්න ඇතිවූ විට එවැනි ප්‍රශ්න පිටුපස තමන් සිටිනා බව පවසන්නේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ දරන පිරිසක් බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි. ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් ජිනීවාවල ප්‍රශ්නයට මුහුණදී සිටින මොහොතක ශ්‍රී ලංකාව අවුල් කිරීමට උත්සාහ දරන පිරිසක් තමන්ට එරෙහිව විවිධ ප්‍රකාශයන් සිදුකරමින් සිටිනා බව හෙතෙම කියයි. සෑම විටම රටේ සාමය ඇතිකිරීමට කටයුතු කළ තමන් එම සාමය කඩවන ආකාරයට කටයුතු කරන්නට කිසිදු පුද්ගලයකුට ඉඩ නොතබන බවද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දෙරණට වැඩිදුරටත් පැවැසීය…”

අද දෙරණ
03.07.2014

එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද දෙරණට පමණක් නොව ඩේලි මිරර් පුවත්පතටද සම්මුඛ සාකච්ඡාවක් දෙමින් සහතික කර කීවේ තමාට බොදුබලයටත්, ඥානසාර හාමුදුරුවන්ටත් කිසිදු සම්බන්ධයක් නැති බවය.

“මට බොදුබල සේනාව සමග කිසිම සම්බන්ධයක් නැහැ. ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් විපක්ෂයේ දේශපාලනඥයන් තමා මේ පදනමක් නැති චෝදනා මට එල්ල කරන්නේ. මෙවැනි අසත්‍ය ප්‍රචාර ලංකාවේ මාධ්‍යයන්හි පළවන නිසා ජාත්‍යන්තර මාධ්‍ය ඒවා විශ්වාස කරනවා. මම බොදුබල සේනාව සමග සම්බන්ධ බවට කවුරු හරි සාක්ෂි ඉදිරිපත් කළොත් මම මේ ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් වෙනවා…”

ගෝඨාභය රාජපක්ෂ
ඩේලි මිරර්
30.06.2014

එතැනින් නොනැවතී එවකට ආරක්ෂක ලේකම්වරයා එවකට හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරිය ලවා තමාට බොදුබලය හෝ ඥානසාර හිමි සමග සම්බන්ධයක් නැති බව කියවා ගත්තේය.

“අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බොදුබල සේනා සංවිධානය සමග කිසිදු සම්බන්ධයක් නැති බව මම වගකීමෙන් කියනවා…”

හමුදා ප්‍රකාශක
ඩේලි එෆ්.ටී.
03.07.2014

එකල ගෝඨාභය පමණක් නොව මහින්දගේ ආණ්ඩුවත්, විමල් වීරවංශ වැනි මැති ඇමැතිවරුත් කීවේ බොදුබල සේනාව සහ ඥානසාර හාමුදුරුවන්ට මුදල් දෙන්නේ නෝර්වේ රාජ්‍යය බවත්, නෝර්වේ මහින්දගේ ආණ්ඩුව මුස්ලිම් ප්‍රජාව අතර අප්‍රසාදයට පත්කරන්න ඥානසාර හාමුදුරුවෝ සහ බොදුබලය බළල් අතක් ලෙස පාවිච්චි කරන බවත්ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් වූ විට ලංකාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන මුස්ලිම් රටවල් ලංකාවට එරෙහිව උසිගන්වන්න නෝර්වේ ඇතුළු බටහිර රටවල් බොදුබලය සහ ඥානසාර හාමුදුරුවන්ව මෙරට මුස්ලිම් කෝලාහල ඇතිකරන්න පාවිච්චි කරන බව ඔවුහු කීහ.

“ඉතින් තමාට ඥානසාර හෝ බොදුබලයට කිසිදු සම්බන්ධයක් නැහැ කියා දසඅතේ දිවුරපු ගෝඨාභය අද ජනාධිපතිවී ඥානසාර හාමුදුරුවන්ව ‘එක රටක් එක නීතියක්’ හදන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති කරන්නේ කොහොමද?”

ප්‍රශ්නය තියෙන්නේ එතැනය. 2015 මහින්ද පරාජය වූයේ ඥානසාර හාමුදුරුවන්ට මුස්ලිම් විරෝධයට මහින්දගේ ආණ්ඩුව යටින් සහාය දුන් නිසාය. ආණ්ඩුව හිතුවේ චම්පිකගේ හෙළ උරුමයටත්, විමල්ගේ නිදහස් පෙරමුණටත් ගහන්න ඥානසාරගේ බොදුබලය උඩට ගතයුතු යැයි කියාය. මේ වෙනකොට පැකර්ගේ කැසිනෝ ව්‍යාපෘතියට එරෙහිව චම්පික සහ විමල් මහින්දගේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය තුළ සිට යකා නැටූ අතර චම්පික සහ විමල්ගේ අඬු කඩන්න බොදුබලය කරළියට ගෙන ආ යුතු බවට රාජපක්ෂවරු තීරණය කළහ. ඒකෙන් වුණේ 2005ත් 2010ත් මහින්දව ජනාධිපති කළ රිෂාඩ්ගේ මුස්ලිම් ඡන්ද මහින්දට අහිමිවී මහින්ද පරාජය වීමය. රිෂාඩ් සහ හකීම් මහින්දගේ ආණ්ඩුවෙන් ඉවත් වූයේ බොදුබලය නිසාය.

මෛත්‍රී 2015 ජනාධිපති වීමෙන් පසු මාධ්‍යවේදී එක්නැලිගොඩ ඝාතන නඩු විභාගයට බාධා කරන්න ගොස් ඥානසාර හිමි අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 06කට හිරේ ගියේය. අධිකරණයට අපහාස කිරීම ගැන එක නඩුවක් පමණක් නොව හාමුදුරුවන්ට එරෙහිව නඩු වැලක් වැටුණි. හාමුදුරුවන්ට එරෙහිව පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුව එවකට භාරව සිටියේ වත්මන් අගවිනිසරු ජයන්ත ජයසූරියය. ඔහු එදා නීතිපතිය. නීතියට අපහාස කළා කියා ඥානසාර හිමි වසර 06කට හිරේ දමන්න නඩුව දැම්මේ ජයන්ත ජයසූරිය ප්‍රධානත්වය දරපු නීතිපති දෙපාර්තමේන්තුවය. අද ඔහු රටේ අගවිනිසුරුය. ඥානසාර හිමි එක රටක් එක නීතියක් හදන බළකායේ සභාපතිය.
අවුරුදු හයකට හිරේ ගිය ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව දුන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිය. මෛත්‍රිපාල හිතුවේ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඥානසාර හිමිගේ බොදුබලයේ සහාය දිනාගන්නටය. ඒත් ඥානසාර හිමි හිරෙන් නිදහස් වී කරපු කැම්පේන් එකෙන් ගෝඨාභයට ජනාධිපති අපේක්ෂක වීමට පමණක් නොව ජනාධිපති වීමටත් හයියක් ලැබිණි.

දැන් රාජපක්ෂලා ආයෙමත් තමන්ට අභියෝග කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වූ විමල්, උදයලාගේ කටවල් වහන්න ඥානසාර හාමුදුරුවන්ව උස්සන්න පටන්ගෙන තිබේ. එක රටක් එක නීතියක් හදන්න ඥානසාර හාමුදුරුවන්ට භාරදී තිබෙන්නේ එහෙයිනි. එක පැත්තකින් එක රටක් එක නීතියක් හදන්න ඥානසාර හිමිට භාරදී ආණ්ඩුව මැද පෙරදිග ප්‍රධාන මුස්ලිම් රටක් වූ ඕමානයෙන් ණයට තෙල් ගන්න කොළඹ තියෙන වටිනා ඉඩම් ඕමානයට විකුණන්න පටන්ගෙන තිබේ. ඕමානය ඉව ඉල්ලන්නේ කොළඹ ආර්ථික මර්මස්ථාන පිහිටා ඇති ඉඩම් අල්ලන්ටය. ඕමානය කොළඹ ආර්ථික මර්මස්ථාන ඉඩම්වලට ඉව අල්ලන්නේ සවුදි අරාබියේ අරමුදල්වලින් මඩකළපුවේ ෂරියා විශ්වවිද්‍යාලයක් හදලා නැගෙනහිර අරාබිකරණයකට ලක් කළ හිටපු නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව යහතින් සිටියදීය. පාස්කු ප්‍රහාරයට පසු රටම හෙල්ලුම් කෑවේ ප්‍රහාරය දින රටේම ඇඳිරිනීතිය පනවලා තිබියදී නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සවුදියේ අරාබි ජාතිකයන් සමග පැවැති සාකච්ඡාව පටිගත කරන ලද වීඩියෝවකින්ය. ලංකාව තුළ මුස්ලිම්වරු සුළුතරයක් වුණාට ලෝකයේ බහුතරය මුස්ලිම්වරු යැයි පාරම්බෑවේත් හිස්බුල්ලාය. කාත්තන්කුඩියේ මුස්ලිම් සංවිධාන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන්න මෛත්‍රි-රනිල් ආණ්ඩුව පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවට ඇවිත් කීවේ නැගෙනහිර අරාබිකරණයට ලක් කළේ හිස්බුල්ලා කියාය. තමන් පාස්කු බෝම්බකරු සහරාන්ව හමුවුණා යැයි හිස්බුල්ලා පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවෙද පිළිගත්තේය. කාන්තන්කුඩි මුස්ලිම් නායකයන් තේරීම් කාරකසභාවට ඇවිත් කීවේ තමන් සහරාන්ට එරෙහි වෙද්දී හිස්බුල්ලා සහරාන්ගේ තවුහිත් ජමාද් සංවිධානය ආරක්ෂා කළ බවය. එපමණක් නොව හමුදාව වටලද්දී සහරාන්ගේ බෝම්බකරුවන් සහ ඥාතීන් පුපුරුවාගෙන මියයන්නේ හිස්බුල්ලාගේ අඩවිය වූ කාන්තන්කුඩියේය.

“ඉතින් කොහොමද හිස්බුල්ලා ප්‍රශ්න කිරීමකින් තොරව සැප සේ ඉන්නේ…”

2019 ජනාධිපතිවරණයට හිස්බුල්ලා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූයේ සජිත්ට ලැබෙන මුස්ලිම් ඡන්ද කුට්ටිය කඩන්නටය. 2019 ජනාධිපතිවරණයේදී එස්.බී. කීවේ හිස්බුල්ලාගේ මුස්ලිම් ඡන්ද හම්බවෙන්නේ ගෝඨාභයට කියාය. රාජපක්ෂලා හිස්බුල්ලලා දැම්මේ සිංහල බෞද්ධ ඡන්ද 100%ක් ෂුවර් නැති නිසාය.

“පාස්කු ප්‍රහාරයට පසු හිස්බුල්ලාව මරාගෙන කන්න කෑගහපු ඥානසාර හිමි ඇතුළු හිමිවරු දැන් හිස්බුල්ලාගේ නමවත් මතක් කරන්නේ නැත්තේ ඇයි?”

රණසිංහ ප්‍රේමදාස අගමැති කාලයේ බණ්ඩාරනායක පවුල වලව්වේ ආරවුල් බේරන හැටි පැරැණි කවියකින් කීවේය.

“ආයාත් ඔහේ උන්නාවේ
අප්පුත් ඔහේ උන්නාවේ
අපි දෙන්නත් ඇන්නෑවේ…”

මේ, ප්‍රේමදාස එදා පාර්ලිමේන්තුවේ කියපු රස කවියය. අද මේ ආණ්ඩුව දුවන්නේත් ඒ කවියෙන්ය.

“ඥානසාර හිමිත් උන්නාවේ
හිස්බුල්ලත් උන්නාවේ
අපි ඔක්කොම ඇන්නෑවේ…”

මේ ආණ්ඩුවේ තේමා ගීතයය. හැබැයි අවසානයේ ඥානසාර හිමි අනින්නේ තමන්ටම බව රාජපක්ෂවරු තවමත් නොදැන සිටීම පුදුමයකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රෝහලෙන් අතුරුදන් වූ කොරෝනා රෝගියාගේ සිරුර මාසයක් තිස්සේ ‌රෝහලේම වතුර ටැංකියේ! ඔක්කොම බීලා තියෙන්නේ ඒ වතුර!

Next Post

ලංකාවෙන් හමුවුණු ලෝකයේ පළමුවැනි ස්ථූපය…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.