ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් හා මෝටර් නොවන රක්‍ෂණ සේවා සපයන්නකු වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI), මෙරට රක්ෂණ වෙළෙඳපොළ වෙත හඳුන්වාදුන් ‘MotorGuard Pay As You Claim’ මෝටර් රථ රක්ෂණාවරණය, නව්‍ය රක්‍ෂණ විසඳුම් සඳහා වූ ආසියානු රක්ෂණ සම්මාන උළෙල (2021) හිදී ශ්‍රී ලංකාව තුළ ‘වසරේ මෝටර් රථ රක්‍ෂණ හඳුන්වාදීම’ට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
‘Pay As You Claim’ යනු විප්ලවීය මෝටර් රථ රක්‍ෂණ විසඳුමක් වන අතර, එමගින් තම වාහනයට අදාළ රක්ෂණ වාරිකයන් 40%, 50% හෝ 60%ක් පමණක් ගෙවා වසර පුරාම පූර්ණ රක්ෂණ ආවරණයක් ලබාගැනීමේ හැකියාව රක්ෂණ හිමියන්ට ලබාදෙයි. යම් හෙයකින් හදිසි අනතුරක් සිදුවුවහොත් පමණක් අදාළ රක්ෂණ වාරිකයේ ඉතිරි මුදල පියවා රක්ෂණ වන්දි හිමිකම් මුදල ලබා ගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි.











