ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට අනාගත පරපුරේ අධ්‍යාපනයට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් ‘A/L කුප්පිය’ සේවාව තවදුරටත් වැඩිදියුණු කර තිබේ.
උසස් පෙළ විභාගය යනු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිතවල අතිශය වැදගත් කඩඉමකි. මෙම කඩඉම හමුවේ, තම ඉලක්ක ළඟා කරගැනීමට එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සුවිශේෂ ඩිජිටල් අත්වැලක් ලබාදීමේ අරමුණින් SLT-MOBITEL ‘A/L කුප්පිය’ සේවාවට නවතම අංග කිහිපයක් එක්කර තිබේ.
SLT-MOBITEL ‘A/L කුප්පිය’ සේවාවට අලුතින් එක්කළ විශේෂාංග අතරින් ප්‍රමුඛතම විශේෂාංග වන්නේ, Video-On Demand සේවාවක් වන ‘කුප්පිය VOD’, සජීවී ඉගැන්වීම් පදනමක් වන ‘කුප්පිය ලයිව්’, සහ සිසු සිසුවියන්ට උසස් පෙළ පොත්පත් සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන ‘කුප්පිය Store’ යන විශේෂාංග තුනයි. මීට අමතරව ‘ටියුෂන් හන්දිය’, ‘After A/L’s’ සහ ‘A/L Squad එක’ යන විශේෂාංගද ඊට එක්කර තිබේ.
SLT-MOBITEL ‘A/L කුප්පිය’ සේවාව දැන් Desktop App එකක් ලෙස පරිගණකවලට මෙන්ම, Google Play Store, Apple App Store සහ Huawei AppGallery ඔස්සේ Mobile App එකක් ලෙස ජංගම දුරකතනවලටද ලබාගත හැක. www.alkuppiya.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ අදාළ application stores තුළ ‘A/L Kuppiya’ ලෙස search කිරීම මගින් අදාළ ඇප් එක සොයාගැනීමට හැකි වේ.











