• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ජනතාව කැමැත්තෙන් ගෙවූ රජ කාලෙ බදු සහ දඩ…

October 3, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ජනතාව කැමැත්තෙන් ගෙවූ රජ කාලෙ බදු සහ දඩ…
Share on WhatsAppShare on Facebook

අද වන විට මෙරට ප්‍රධානම ආදායම් මාර්ගය බදු බවට පත්වෙමින් තිබෙන බවට කාටත් පෙනෙන්නට තිබෙන්නේය. එදා මෙදා කාලය තුළ විවිධ අයුරින් වෙනස් වෙමින් තිබූ බදු ප්‍රශ්නය අද වෙද්දී ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේද එනිසාමය. බදුවලින් තොර ආර්ථිකය නැති තරමටම රටත් ජනතාවත් බදු බරෙහි පැටලී ඇත්තේය.
එහෙත් අද එහෙම වුවද බදු අයකිරීම එදා මෙදා සියලු පාලන යුගයන්හි සිදුවූ බවට ප්‍රකට සහ අප්‍රකට තොරතුරු රැසක් සොයාගන්නට හැකිව තිබේ. එහෙත් මෙරට පාලනය කළ අතීත රජ දරුවන්ගේ කාලයේදී ජනතාව පීඩාවට පත් නොකොට ඉතා සාධාරණව බදු සහ දඩ අයකිරීම පිළිබඳවත් දෙස් විදෙස් වෙළෙඳාම පිළිබඳවත් විශේෂ තොරතුරු රැසක් අනාවරණ කෙරෙන ප්‍රධාන ලියවිල්ලක් ලෙස හෝපිටිගම ටැම් ලිපිය හඳුන්වා දිය හැකිය.


මහියංගනයේ සිට සැතපුම් තුනක පමණ දුරක් ගිය පසු දුටුගැමුණු රජුගේ බුලතා යෝධයා තැනවූවාය කියන සොරබොර වැවට ආසන්නයේ තිබී පසු කලෙක ආණ්ඩුවේ දිසාපතිවරයකු වූ ජෝන් බෙලී විසින් සොයාගත් බවට පැවසේ. ඌව පළාතේ විශාලතම වාරි ව්‍යාපෘතිය වන සොරබොර වැව ආසන්නයේ මෙම සෙල්ලිපිය තිබූ බවට ඔහුගේ වාර්තාවල සඳහන් කොට තිබේ. එමෙන්ම ඒ ආසන්නයේ විශාල දාගැබක් තිබූ බවට ඔහු යෙදූ සටහන් අනුව එම දාගැබ මහියංගනය දාගැබ බවටද පිළිගැනේ.
වර්ෂ 1870 දී සොරබොර වැව ප්‍රතිසංස්කරණය කිරීමේදී මෙම ටැම් ලිපියේ ආරක්ෂාව උදෙසා බදුලු කච්චේරි භූමියේ නැවත පිහිටුවීමට කටයුතු කර ඇත. පසුව නැවත එම ස්ථානයෙන් ඉවත් කර බදුල්ල මහ නගර සභාව මගින් පවත්වාගෙන යන සෙනරත් පරණවිතාන කෞතුකාගාර පරිශ්‍රයේ විශේෂ ස්ථානයක ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

මෙම ටැම් ලිපිය එම ස්ථානයේ පිහිටෙව්වද එතරම් අවධානයට ලක්ව නැතත් පසුව 1920දී එවකට ආණ්ඩුවේ ඒජන්තවරයා වූ එච්. ඩබ්. කොඩ්රිටෙන් විසින් කියවා එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අතීත රාජ්‍ය පාලන සමයන්හි රටේ බදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ප්‍රතිපත්ති ගැන කරුණු කාරණා රාශියක් හඳුනාගන්නට හැකිවී තිබේ.

දහවැනි ශතවර්ෂයේ මැද භාගයට අයත් අක්ෂරවලින් ලියා ඇති මෙම ලිපිය සිරිසඟබෝ උදා නම් රජ කෙනකුගේ දෙවැනි රාජ්‍ය වර්ෂය ගැන තොරතුරු අනාවරණ කර තිබේ.

එතුමන් මහියංගනය, නැතහොත් මියුගුණ මහා විහාරයට පැමිණි අවස්ථාවේ සොරබොර නම් පෙදෙසේ හෝපිටිගම කඩ මණ්ඩියේ වෙළෙන්දන් සහ ගම්වැසියන්, කඩ මණ්ඩියේ ප්‍රධාන මුලාදෑනියාගේ සේවකයන්, ඊට පෙර රජකම් කළ රජකුගේ කාලයේ කළ නියමයන් ඉක්මවා දඩ සහ බදු අයකරන බව සිරිසඟබෝ උදා නම් රජු දැක ඒ පිළිබඳ නව නීති දන්වා මෙම ටැම් ලිපිය පිහිටුවූ බවටත් අනාවරණ කරගෙන තිබේ. එම වෙළෙඳ නගරයේ ක්‍රමික පාලනය සඳහා පැනවූ ව්‍යවස්ථාව ලෙසද මෙම බදුලු ටැම් ලිපිය සඳහන් කළ හැකිය. අනුරාධපුර යුගයේ උදය නම් රජවරු හතර දෙනකු රජකම් කර ඇති අතර, අක්ෂර ලක්ෂණ අනුව මෙම ලිපිය හතරවැනි උදය රජුගේ (ක්‍රි.ව. 946-954) කාලයට අයත් බව සැලකිය හැකිය.

පූර්වයෙහි සිට නීත්‍යනුකූලව පවත්වාගෙන ආ බදු ක්‍රමයන්ට අනුව යමින් මෙම නව බදු පනවන බවට මෙහි සටහන්ව ඇති අතර, ක්‍රි.පූ. 06 වැනි සියවසට පෙර ශ්‍රී ලංකාවේ වෙළෙඳ කටයුතු ගැන ද මින් හෙළිවේ. ඒ අනුව දෙස් විදෙස් වෙළෙඳාම ඉතා සාර්ථකව මෙරට ක්‍රියාත්මක වූ බවට මෙම ටැම් ලිපියෙන් පැහැදිලි වේ. වරායවල් ආශ්‍රිතව පවත්වාගෙන ගිය වෙළෙඳ නගරවලට අමතරව හෝපිටිගම වැනි රට අභ්‍යන්තරයේද ප්‍රසිද්ධ වෙළෙඳ නගර පිහිටි බවට මෙයින් හෙළිදරව් වේ. එම වෙළෙඳ නගරවල බදු සහ දඩ යම් කිසි පාලනයකට යටත්ව ජනතා හිතවාදී අයුරින් ක්‍රියාත්මක වූ බවත්, ප්‍රාදේශීය පාලකයන් ඒවා කඩකළ අවස්ථා දැක මෙම ටැම් ලිපිය පිහිටුවා ඇති බවත් හෙළිවෙයි. මෙම සෙල් ලිපියට අනුව ලංකාවේ නගරාධිපතිවරුන් පිළිබඳ ඉතිහාසය ක්‍රි.පූ. 04 වැනි සියවස දක්වා පැරැණි බවද අනුරාධපුර යුගයේ ඉතා සාධාරණ ජනතාවට හිතකර බදු සහ වෙළෙඳ ක්‍රමයක් සහිත රාජ්‍ය පාලනයක් පැවැති බවට හොඳම සාක්ෂියක් ලෙස මෙම ටැම් ලිපිය හඳුන්වා දිය හැකිය.

බදු අයකරන්නට ගෙවල්වලට යෑම, අඹුදරුවන්ට පීඩාවක් සේ කඩාවැදී බදු අයකර ගැනීම මෙම ටැම් ලිපිය මගින් තහනම් කර තිබේ. ගමේදීම දඩ සහ බදු අය කරගත යුතු අතර, ගම්වැසියන් ගමෙන් පිටට ගෙන්වා ඒවා අයකර නොගත යුතු බවත්, රාජ්‍ය නිලධාරීන් ගම්වැසියන් දෙස මස්, කිරි, රා, දීකිරි, ගිතෙල් ආදිය අල්ලස් ලෙස ගැනීමද මෙයින් තහනම් කොට තිබේ. බදු නොගෙවා අල්ලස් දීමෙන්, හොර තරාදි ආදිය භාවිත කර ඇති බවත් මෙම ටැම් ලිපියට අනුව පැහැදිලි වේ. එමෙන්ම අපරාධ නීතියට අදාළ කොන්දේසිද මෙහි සඳහන්වන අතර පොහොය දින රජයේ නිවාඩු දිනයක් බැවින් එදින හෝපිටිගම වෙළෙඳ නගරයේ වෙළෙඳාම් කරන අයට රජයෙන් දඩයක් නියම කර තිබේ. ඒ මහියංගනය සෑයට පොල් තෙල් සැපයීමයි.

මෙවැනි විශේෂිත කරුණු කාරණා රාශියක් හෙළිකෙරෙන බදුලු ටැම් ලිපියට අනුව එවකට පැවැති සාධාරණ බදු ප්‍රතිපත්ති ගැන අවබෝධයක් ලබාගත හැකිවේ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ආණ්ඩුව ඇතුළේ කුමන්ත්‍රණයක්! එක්කො ඒ අය කුමන්ත්‍රණ නවත්වන්න ඕන! නැත්නම් අපි කුමන්ත්‍රණකාරයෝ අයින් කරන්න ඕන! රාජ්‍ය ඇමැතිගෙන් ‌කරපු හෙළිදරව්ව! (VIDEO)

Next Post

ඇඟිල්ලෙන් ගොඩ යන මිනිස්සු…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.