ආණ්ඩුව ඇතුළේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව ඇතුළේ එක කතාවක් කියන මේ පිරිස එළියට ඇවිත් තවත් කතාවක් කියන බවකි.
මෙම කුමන්ත්‍රණකරුවන් සමග ආණ්ඩුව ඉදිරියට යා නොහැකි බවත්, එක්කෝ කුමන්ත්‍රණකරුවන් මේ කුමන්ත්‍රණ නවතාලිය යුතු බවත්, එසේත් නැත්නම් මේ කුමන්ත්‍රණකරුවන් නැතිව ආණ්ඩුව ඉදිරියට යා යුතු බවත් අමාත්‍යවරයා කීය.










