• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මල් සුවඳ දිගේ හමා ගිය බස් සින්දු රැල්ල…

September 29, 2021
in Heart
Reading Time: 4 mins read
A A
මල් සුවඳ දිගේ හමා ගිය බස් සින්දු රැල්ල…
Share on WhatsAppShare on Facebook

හැම බස් එකකම හිටියේ අජිත් කිංස්ලි අසංක දමිත් විතරයි…
නියාමනය කරන්න කොමිසමටත් බැරිවෙලා…

පොදු ප්‍රවාහන සේවාවල මුලින්ම සිංදු අහන්න පටන් ගත්තේ කොයි කාලෙද කියලා හොයන එක ටිකක් අමාරු වැඩක්. 90 දශකයේ මැද භාගය වෙද්දිත් බස් රථවල විවිධාකාරයේ සිංදු අහන්න තිබුණා. ඒත් ඒක රැල්ලක් බවට පත් වුණේ 90 දශකයේ අගභාගය වෙද්දි. එහෙම නැත්නම් 2000 වසරෙන් පස්සේ කිව්වත් හරි. සාමාන්‍ය ප්‍රමාණයේ ශබ්ද විකාශන උපකරණයක් වෙනුවට වැඩි ශබ්දයක් සහ විවිධාකාරයේ ශබ්ද සංකලයන් ලබා දෙන උපකරණ බස් රථවලට ආවේ ඒ කාලෙදි.

ඇත්තටම ඒ රැල්ල පටන් ගත්තේ ත්‍රිරෝද රථ හරහා. ඒත් ඒ රැල්ල හරහා සමාජයට වැඩි බලපෑමක් වුණේ බස් රථ හරහා. බස් රථයක් කියන්නේ විශාල පිරිසක් ගමන් කරන වාහනයක්. ඒ තුළ ඉන්න විවිධ පුද්ගලයන්ගේ රසිකත්වය විවිධාකාරයි. නමුත් ඒ සියලු දෙනාටම මහ සද්දෙට අහන්න වෙන්නේ බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර කැමැති ගීත. බස් ගීත රැල්ල බොහෝ දෙනාගේ විවේචනයට හේතු වුණේ මෙන්න මේ හින්දයි.

හැබැයි මේ කාරණයෙත් සුවිශේෂී බවක් තියෙනවා. බස් රථ දෙකක සේවක මඩුල්ලේ රසිකත්වය විවිධාකාර වෙන්න පුළුවන්. ඒත් අපි මේ කතා කරන බස් රැල්ලෙදි සිද්ධ වුණේ ඊට වඩා වෙනස් දෙයක්. සෑම බස් රථයක් තුළදීම එකම ගායක පිරිසකගේ එකම විදියේ ගීත අහන්න ලැබුණු එක තමයි ඒ හරහා සිද්ධ වුණේ. ඒ හින්දා ඒ විදියට පොදු ප්‍රවාහන සේවා තුළ නිරන්තරයෙන් ගීත ප්‍රචාරය වුණු ගායන ශිල්පීන්ව බස් ගායකයන් විදියට හඳුන්වන්නත් ඒ කාලේ බොහෝ දෙනකු පෙලඹුණා.

ඒ වගේම ඒ ගීත මල් සින්දු විදියට හඳුන්වන්නත් බොහෝ දෙනෙක් කැමැති වුණා. ඒ ආකාරයෙන් ජනප්‍රිය වූ ගීත රාශියක් මල් ගැන ලියැවී තිබීම තමයි ඊට හේතුව. ඒත් අද වෙද්දි මේ අර්ථ ගැන්වීම වෙනස් වී තිබෙන ආකාරයකුත් දැක ගන්න පුළුවන්.

මේ ලැයිස්තුවට ඇතුළත් වෙන ගායන ශිල්පීන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ අජිත් මුතුකුමාරණ සහ කිංස්ලි පීරිස්. අජිත් මුතුකුමාරණගේ සුදු අරලියා මල ගීතයේ ඉඳන් තවත් ගීත රාශියක් බස්වල නිරන්තරයෙන්ම අහන්න ලැබුණා. දෙහි මලක් වගේ ගීතයෙන් ජනප්‍රිය වුණු කිංස්ලිගෙත් ගීත රාශියක් බස්රථවල ප්‍රචාරය වුණා.

සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නායකයා විදියට කලා ලෝකයට අවතීර්ණ වුණු අජිත් මුතුකුමාරණට තිබුණේ ඔහුටම ආවේණික ශෛලියක්. ඔහු නිකුත් කළ පළමු ගීත ඇල්බමය අති විශාල අලෙවියක් වාර්තා කළා. එතැනින් පසුව ගීත එකතු කිහිපයක්ම නිකුත් කරන්නත් ඔහු කටයුතු කළා. ඒ හැම එකක්ම විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගත්තා. ඒ වගේම ඒ ගීත බොහොමයක් බස් රථවලත් ප්‍රචාරය වුණා.

කිංස්ලි පීරිස් සංගීත ලෝකයට පිවිසුණේ ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියෙක් විදියට. මලේ මටත් හිතයි කරන්න ආදරේ ගීතයෙන් ජනප්‍රිය වුණු කිංස්ලි එතැනින් පස්සේ මල් ගැන ගීත කිහිපයක්ම ගායනා කළා. ඒ හැම එකක්මත් අතිශයින් ජනප්‍රිය වුණා. ඒ හැම ගීතයක්ම බස් රථවලත් නිරන්තරයෙන් ප්‍රචාරය වුණා. ඒ අතරට දෙහි මලක්, ඩේලියා මලක්, දෙළුම් මලක් වගේ මල් ගැන කියැවුණු ගීත කිහිපයක්ම ඇතුළත් වුණා.

අජිත්, කිංස්ලිගෙන් පස්සේ මේ අතරට එකතු වුණේ අපූරු ගායන ශිල්පියෙක්. ඒ තමයි අසංක ප්‍රියමන්ත පීරිස්. හැබැයි අසංකගේ වටපිටාව ටිකක් වෙනස්. 80 දශකයේ සරල ගී ගායකයෙක් ලෙස ගුවන් විදුලියට එකතු වුණු අසංක ජනප්‍රිය වෙන්නේ 90 දශකයේ මුල් භාගයේදී. මුල් කාලයේදී ඔහු ගායනා කළ ගීත සියල්ලම ප්‍රශස්ත මට්ටමේ ගීත. ඒ හේතුවෙන් ඔහු වටා එකතු වුණෙත් ඒ ගීතවලට ආස කරන පිරිස් විතරයි.

ඒත් 2000 වසරෙන් ඇරඹි නව සහස්‍රයේදී ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් ගායකයෙක් බවට පත් වුණා. ඒ වෙනස ඇරඹුණේ නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි ගීතයෙන්. ඒ ගීතයෙන් පස්සේ අසංක වටා සෑහෙන රසික පිරිසක් එකතු වුණා. එතැන ඉඳන් වසර කිහිපයක් යනතුරුම අසංකගේ ගීත රාශියක් අතිශයින්ම ජනාදරයට පත් වුණා. ඒ වගේම පොදු ප්‍රවාහනයෙත් නිරන්තරයෙන් ඇහෙන ගායන ශිල්පියෙක් බවට අසංක පත් වුණා. ඒත් ඒ ගැන 90 දශකයේ ඔහුට ආදරය කරපු බොහෝ දෙනෙක් කනගාටුවෙන් පසු වූ බවත් ප්‍රසිද්ධ කාරණාවක්.

හැබැයි මේ ගායන ශිල්පීන් තිදෙනා ජනප්‍රියත්වයේ උපරිමයේ ඉන්න කාලෙත් එච්. ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීත බස් රථවල ප්‍රචාරය වීමත් විශේෂ කාරණාවක්. මරණයට පත් වෙලා වසර ගණනාවක් ගත වෙලා තිබුණත් බස් ගීත රැල්ල පටන් ගනිද්දිත්, ජෝතිපාල මහත්මයාට තිබුණු ආදරය සහ ජනප්‍රියත්වය අඩු වෙලා තිබුණේ නැහැ.

අජිත්, කිංස්ලි සහ අසංක කියන ගායන ශිල්පීන් ත්‍රිත්වයට තරගයක් දෙන්න යම් තරමකින් හෝ සමත් වුණු ගායන ශිල්පීන් දෙන්නෙක් විදියට චාමර වීරසිංහ සහ දමිත් අසංක හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව වෙනත් ගායක ගායිකාවන්ගේ ගීත බස් රථවල අතරින්පතර ප්‍රචාරය වුණත්, ඒ කිසිවෙක් මෙරට තුළ රැල්ලක් ඇති කරන්න සමත් වුණේ නැහැ.

මේ රැල්ලත් එක්ක ටික කාලයක් යද්දි තමයි බස් රථවලට ටී. වී. සවිකිරීම ආරම්භ වුණේ. සජීවීව පටිගත කරන ලද සංගීත ප්‍රසංග බස්රථවල ප්‍රචාරය වීම ආරම්භ වුණේ එතැනින් පස්සේ. එක් ගායකයෙකුගේ ගීත වෙනුවට ප්‍රසංගවල ගායනා කරන ලද ගීත රාශියක් ප්‍රචාරය වීම තමයි ඒ අනුව සිද්ධ වුණේ. හැබැයි ඒ ප්‍රසංගවලදිත් අසංක ප්‍රියමන්ත පීරිස් ගායනා කළ ගීත සඳහා විශේෂත්වයක් හිමි වෙන ආකාරයත් දැක ගන්න ලැබුණා. ඒ වගේම නව පරපුරේ ගායන ශිල්පියෙකුවන සඳුන් පෙරේරාත් කාලයක් බස්රථවල නිරන්තරයෙන් ගීත ප්‍රචාරය වූ ගායකයෙක් බවට පත් වෙලා තිබුණා.

සජීවීව පටිගත කරන ලද සංගීත ප්‍රසංග තමයි අදටත් අපේ රටේ පොදු ප්‍රවාහනය තුළ ප්‍රචාරය වෙන්නේ. භේදයකින් තොරව වර්තමානයේදී මෙරට තුළ ජනප්‍රිය සංගීත කණ්ඩායම් සියල්ලේම ප්‍රසංග ඒ අතර දැක ගන්න පුළුවන්. බස් රැල්ලේ ආරම්භක සාමාජිකයන් වූ අසංක සහ කිංස්ලි අදටත් ප්‍රසංග වේදිකාව හරහා බස් රථවලදී දැක ගන්න පුළුවන්. ඒත් අජිත් මුතුකුමාරණව අද වෙද්දි ඒ විදියට දැක ගන්න ලැබෙන්නේ නැති වීමත් විශේෂ කාරණාවක්.

කොහොම වුණත් මේ බස් ගීත රැල්ල නියාමනය කරන්න මීට වසරකට පමණ පෙර ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කළා. ඒ අනුව බස්රථවල ප්‍රචාරය සඳහා එම කොමිෂන් සභාව මඟින් විශේෂ ගීත එකතු කිහිපයකුත් නිකුත් කළා. ඒත් අදටත් ඒ නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හින්දා බස් රථයේ සේවක මඬුල්ලේ රුචිකත්වයට හරියන්න තමන්ගේ රුචිකත්වය සකසා ගන්න අදටත් මගී ජනතාවට සිදු වෙලා තියෙනවා. මොනවා වුණත් බස් සින්දු රැල්ල ආරම්භ වුණු කාලයේ අපි අහපු ගීත මොනතරම් ලස්සනද කියලා තමයි දැන් බස්වල යන සින්දු ඇහෙන ඕනෑම කෙනකුට හිතෙන්නේ.

-චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මුලින් පල්ලිවලට ගහනවා කියලා පස්සේ නෑ කීවා! ආණ්ඩුව ජාතික ආරක්ෂාව විහිලුවකට අරන්ද? පියතුමන්ලාට බරපතළ සැකයක්! (VIDEO)

Next Post

පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණ කුමන්ත්‍රණය හරියටම හොයාගන්න කළ යුතු දේ ගැන පල්ලියෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.