පාස්කු ප්‍රහාරය පසුපස ඇති කුමන්ත්‍රණය සොයා ගැනීමට නම් පාස්කු විමර්ශන කොමිෂන් සභාව මගින් කර ඇති නිර්දේශයන් පළමුව ක්‍රියාත්මක කළ යුතු බව සිරිල් ගාමිණී පියතුමා පැවසීය.
අද පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සදහන් කර සිටියේ මෙය කුමන්ත්‍රණයක් බව හිටපු නීතිපතිවරයා ප්‍රකාශ කළ බවත්, ඒ නිසා සත්‍යය සොයා ගත යුතු බවත්ය.
අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබියදීත් වගකීම් පැහැර හැරි පුද්ගලයන් හදුනාගෙන ඇති බවත්, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඇති ගැටලුව කුමක්ද යන්න ප්‍රශ්නයක් බවත් උන්වහන්සේ කියා සිටියහ.