• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ජයමංගල දේවගැතිවරයාගේ සැබෑ වූ අනාවැකිය

October 29, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ජයමංගල දේවගැතිවරයාගේ සැබෑ වූ අනාවැකිය
Share on WhatsAppShare on Facebook

විමලධර්මසූරිය රජුගේ රාජකීය වෛi පරපුර වන දන්තරේ මෝරාගම්මන අමරාපති බෙහෙත් ගේ නම් වූ ඒ විසල් වෘක්‍ෂයේ එක් මූලයක් උඩුනුවර රංගම කිඳාබැස තිබිණි.
හතරඈඳුතු විසල් වටපියසි අබිබවා ඉහළට නැඟුණු හතරපල පියස්ස සහිත රංගම අමරාපති බෙහෙත් ගේ සැබැවින්ම උඩරට ප්‍රෞඪ ගෘහ නිර්මාණයේ අපූරු නිදර්ශනයක් විය. එහි වූ අමරාපති නම්වූ කොත් කිරණට කොස්බොක්කේ ඥාතීත්වයද මුසුවීමෙන් එහි ආලෝකය ලක් දෙරණ මත සාදා නොමියන ලෙස පතිත විය.

රංගම බෙහෙත් ගේ මහවී අටුවේ පරපුරේ ජන්ම දින එකින් එක සටහන් වී ඇත්තේ පරපුරක ජන්ම ඉතිහාසය අනාගතයට කියාපෑමට මෙණි. උඩුනුවර පමණක් නොව හතර කෝරළයේ මහා දෛවඥයන් පවා විස්මයට පත් කළ එක් ජන්ම දියක්ද එම වී අටුවාවේ බාල්කයක සටහන් වී තිබිණි. ගොඩිගමුවේ ජයමංගල මහා දෛවඥයාගේ අතවූ තල්පතත් රන් පන්හිඳත් එම ජන්ම දින පලාපල ලියැවෙන විට සලිත වී ගිය බව තතු දන්නෝ අදත් සිහිපත් කරයි.
“වෙද රජෙක් නොව රංගමින් සඟ රජෙක් පහළ වී ඇත.” උඩරට දෛවඥයන්ගේ මුවෙන් මුව නික්මෙන්නට විය. එහෙත් රංගම අමරාපති වෙදැදුරුතුමාගේ නැතහොත් පොදුජන මනසේ ලැගුම්ගත් රංගම කළු වෙදරාළගේ සිහිනය වූයේ තම දරුවා සඟ රජෙක් කරන්නට නොව වෙද රජෙක් කරන්නටය.

සියල්ල දෛවය විසදා දෙන්නට විය. වෙදැදුරුතුමාගේ හා රංගම එතන හාමිගේ මද්දුම දරුවා දිනක් දුටු පැවිදි රුවෙන් වශීකෘතව පැවිද්දටම පෙම් බඳින්නට විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ගුණසෝම නම් දරුවා කඩුගන්නාවේ “කඩවත්ගම සුමන” හිමි යටතේ සාරානන්ද නමින් පැවිදි දිවියට පත්වීමයි.

සුමන හිමි ගන්නවය පත්තුවේ නාවන්දොල ලෙන් වෙහෙරේ වැඩවිසූ කොස්බොක්කේ තෙරසාමිගේ සඟ පරපුරේ හිමිනමක් වූ බව සඳහන්ය. පැවිද්දෙන් පසු සාරානන්ද පොඩි හාමුදුරුවෝ ගොඩිගමුවේ ලෙන් විහාරයේ සුමන හිමි සමග වැඩවසන්නට විය. කොස්බොක්කේ තෙරසාමි සඟ පරපුරට උරුම වූ බුරුම උපසම්පදාව මෙම අවධිය වන විට උන්වහන්සේලාගෙන් තුරන්ව ගොස් තිබී මේ වනවිට සුමන හිමි පොල්කුඹුරේ අත්ථදස්සි හිමියන්ගෙන් අමරපුර උපසම්පදාව ලැබ සිටියහ. නමුත් සුමන හිමි තම ගෝල නමට අමරපුර උපසම්පදාව ලබා නොදී රාමඤ්ඤ උපසම්පදාව ලබාගැන්මට අවශ්‍ය කටයුතු සලසාදුණි. පසු කාලයක තමන් ලද රාමඤ්ඤ උපසම්පදාව අත්හල සාරානන්ද හිමි දඹදිව බුද්ධ භූමිය බලා වැඩම කරවන්නට විය.
බෞද්ධයන්ගෙන් තොර කුසිනාරාවට වැඩම කළ සාරානන්ද හිමියෝ එහි වූ පිරිනිවන් මංචකයේ වැඩසිටි බුද්ධ ප්‍රතිමාවේ සිරිපතුල් සඟලට තම ගොටු අත්ත රුකුල්ලාගෙන එහි කුඩා ආවාස කුටියක් තනා කුසිනාරාව දියුණු කරන්නට වූහ. “මහවීර” නම් සාධුවරයා හා මිත්‍ර වූ සාරානන්ද හිමි එතුමා මාර්ගයෙන් “බේජාරී” නම් ධනපති සිටුවරයාගේ ධන පරිත්‍යාග ලබමින කුසිනාරා විහාර මන්දිරය ඉදිකරවන්නට වූ බව සඳහන්ය.

පසුව බෙංගාලි බසින් බුද්ධ දේශනාව අන්තර්ගත ගී ප්‍රබන්ධ කොට එම ගී මහජනයා ඉදිරියේ ගායනා කර ජනතා ප්‍රසාදය දිනා ගන්නා ලදී. එමගින් බරණැස ඉසිපතනය සංවර්ධනය කරන්නට සාරානන්ද හිමිට හැකි විය. බරණැසවාසීන් මේ ආශ්චර්යවත් බුද්ධ පුත්‍රයා කෙරෙහි පැහැදි ඉසිපතනයේ ශුද්ධ භූමියේ උරුමය සාරානන්ද හිමියන්ට ලැබෙන ලෙස කටයුතු කරන්නට විය. මෙම සිදුවීම දුටු ලංකාවෙන් දඹදිව ගොස් සිටි බෞද්ධ නායකයකු අවසානයේ සාරානන්ද හිමි ඉසිපතනයෙන් පලවා හැරීමට කටයුතු කරන ලදී.

නමුත් කුසිනාරාවේ සාරානන්ද හිමිට තිබූ අයිතිය උදුරාගැනීමට ඔහුට නොහැකි විය. එම අයිතිය “උඩුගම්පොළ සුවණ්ණජෝති සිරිපවර ධර්මකීර්ති” නම් හිමි නමට පවරා දුන් සාරානන්ද හිමි “දඹදිව වන්දනා ගමන් විස්තරය” නම් වූ ග්‍රන්ථයද රචනා කොට නේපාල රාජ්‍යය බලා වැඩම කරන ලදී.

විමලදහම්සූරිය රජපරපුරේ රාජකීය වෛi උරුමයක්ද, කොස්බොක්කේ සඟ පරපුරේ උරුමයක්ද එහි ඥාතීත්වයද බුදු දහම පිළිබඳ වූ මහා දැනුමත් භාෂා පිළිබඳ ඥානයත් යන කරුණු කාරණා මත රාජමහා නේපාල මහරජු වූ “චන්ද්‍ර ශමශේර්” රජු තමාගේ විවේක මාලිගය සාරානන්ද හිමිට වැඩසිටියන්ට පුදා “රාජගුරු” ගෞරව නාම සහිතව හිමියන් රාජගුරු තනතුරෙන් පුදන ලදී.

පසුව නේපාල මහ රජුගේ අකමැත්ත මතම යළි දඹදිවට වැඩි රාජගුරු ශ්‍රී සාරානන්ද හිමි එහිදී “පුණ්‍යාචාර සංඝරාජ” හිමියන්ගේ ඉල්ලීම පරිදි “රාමඤ්ඤ නිකායික සංඝරාජ රාජගුරු පුණ්‍යාචාර” භික්ෂූ පරපුර දඹදිව ස්ථාපිත කිරීමට අවැසි මහා ශාසනික පසුබිම සකසන්නට වූහ. එහිදි හිමියන් දඹදිව “පහංතලී” ග්‍රාමයේ “මහාමුණි විහාර සද්ධර්මෝදය” පිරිවෙන ආරම්භ කරන ලදී.

මෙම සිදුවීම් මත “රංශාමටී” නුවර “භූවන මෝහන්” රජු රාජගුරු ශ්‍රී සාරානන්ද හිමියන් කෙරෙහි අප්‍රමාණ ප්‍රසාදයට පත්ව සිටියේය. උපසම්පදාව අත්හැර සිටි සාරානන්ද හිමියන් භූවන මෝහන් රජුගේ රාජකීය අනුග්‍රහය මත දඹදිව සංඝරාජයාණන්ගේ උපාධ්‍යායත්වයෙන් වසර එක්වාදහස් නවසිය හයේ වෙසක් පුර පසළොස්වක දින වට්ටිග්‍රාම සොමිලි (සෝමාරී) නදියේ උදකුක්කේප සීමාමාලකයේදී යළි උපසම්පදාව ලැබුවේ රංශාමටියේ රාජකීයයන්ගේ සාධුකාර මාධ්‍යයේය.

මෙම උපසම්පදාව වනාහි දඹදිව රාමඤ්ඤනිකායික භික්ෂු පරපුරේ ආරම්භය සනිටුහන් කළාවූද සෑම අතකින්ම රාජකීය උපසම්පදා කර්මයක්ම විය. එබැවින් පෙර දිනක මහා දෛවඥයන් කියූ ඒ අසිරිමත් සඟරජ අනාවැකිය සත්‍යවීමේ පෙර ලකුණ දඹදිව පින් බිමෙන් පහළ වන්නට විය.

එන්.පී.එම්.ඩබ්ලිව්. හේවාදිපති

SendShareShare
Previous Post

ආදරේ ගින්දර කලින්ම කියන රේඛාව

Next Post

මම විශ්‍රාම යන්නේ නෑ:‍‍‌ ‌ජපන් ගිහින් ආ මෛත්‍රිගෙන් නිල නිවේදනයක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.