තමන් දැන්ම දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල වශයෙන්ම අනාවරණය කොට ඇත.

සිය ජපන් සංචාරය නිමවා දිවයිනට ආ විගසම නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් සිරිසේන මහතා සදහන් කර ඇත්තේ ‘විවේක සුවයට වඩා සක්‍රිය දේශපාලනයට මා ඇලුම් කරමි’ යනුවෙනි.
ඒ අනුව ජනාධිපතිවරයා බොහෝදුරට ජනාධිපතිවරණයෙන් පසු ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේදී දැකගත හැකි වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.










