• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකාවෙන් ඉන්දියාවට ගියපු කෝච්චි පාර

October 26, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලංකාවෙන් ඉන්දියාවට ගියපු කෝච්චි පාර
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් මාර්ගයක් ඉදිකරන බවට වූ යෝජනාවක් මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් වූයේ මීට කලකට පෙර පැවැති ජනාධිපතිවරණයක් අතරතුරදීය. එය ශ්‍රී ලංකාවේ දියුණුවට හේතු සාධක වන අදහසක් ලෙස ඇතැම් අය සැලකුවද එම මැතිවරණ පොරොන්දුව බොහෝ දෙනාගේ විවේචනයටද ලක්විය. එලෙස එය විවේචනය කළ බොහෝ දෙනාගේ අදහස වූයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් මාර්ගයක් ඇතිකිරීම හරහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත්වනු ඇති බවය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම වර්තමානය වන විට ප්‍රබල විවේචනයට ලක්වන කාරණයක් වුවද, දෙරට අතර ඍජු ප්‍රවාහන සබඳතා ඇරැඹී ඇත්තේ මීට බොහෝ කලකට පෙර බව ඉතිහාසයේ පැහැදිලිව සඳහන් වී ඇත. ශ්‍රී ලංකාවේ මන්නාරම් අර්ධද්වීපයේ පිහිටි තලෙයිමන්නාරම් ප්‍රදේශයෙන් ඇරැඹෙන වැලි වැටිය ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා දිවයන බව භූවිද්‍යාඥයන්ගේ අදහසය. ප්‍රකට ඉතිහාස කතාවක් වන රාම රාවණා පුරාවෘත්තයට අනුව රාමගේ යුද සේනාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මේ වැලි වැටිය හරහාය. සීතාදේවිය බේරාගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම වෙනුවෙන්ම දේව අවතාරයක් ලෙස සැලකෙන රාම, පාවෙන ගල් යොදාගනිමින් මේ වැලි වැටිය නිර්මාණය කළ බව වාල්මිකී රචනා කළ රාමායණයේ සඳහන්ව ඇත. ලෝකයේ කොතැනකවත් දක්නට නොලැබෙන පාවෙන ගල් විශේෂයක් අදටද රාමේෂ්වරම් අවට දක්නට ලැබීම ඒ කතා පුවතට යම් අපූර්වත්වයක් එකතු කර ඇත. ඒ හේතුවෙන් ඉන්දියානුවන් අදටද මේ වැලි වැටිය හඳුන්වන්නේ රාමසේතු එනම් රාමගේ පාලම ලෙසටය. ඉන්දියානුවන් එලෙස හැඳින්වුවද ශ්‍රී ලාංකිකයන් මේ වැලි වැටිය හැඳින්වීමට භාවිත කරන්නේ ආදම්ගේ පාලම යන නමය. ආගමික විශ්වාසයන්ට අනුව ලෝකය බිහිකළා යැයි සැලකෙන ආදම්ගේ නම මේ වැලි වැටියට ලැබුණු ආකාරය පැහැදිලිව සොයගත නොහැකිය. ඉතිහාසඥයන් සැකකරන්නේ අතීතයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉබන් බතුතා වැනි දේශාටකයන් එම නම ඒ සඳහා යොදන්නට කටයුතු කළා විය හැකි බවය. කෙසේ නමුත් මේ වැලි වැටියට නුදුරින් ආදම්ගේ සහ ඊවාගේ සොහොන නමින් මුස්ලිම් ආගමිකයන්ගේ වන්දනාවට ලක්ව ඇති ස්ථානයක් දක්නට ලැබෙන නමුත් එය කවර කලක ඉදිවූවක්ද යන්න පැහැදිලි නැත. බැලූ බැල්මට එතරම් ඉතිහාසයක් ඇතැයි අනුමාන කළ නොහැකි එම සොහොන් ලොව විශාලම සොහොන් ලෙස වාර්තා වන බවද ඇතැම් වාර්තාවල සඳහන්ව ඇත.

ශ්‍රී ලංකාවට අයත් ඉන්දියාට ළඟම භූමිභාගය වන්නේද තලෙයිමන්නාරමය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සබඳතා පිළිබඳ කතාබහේදී නිතැතින්ම අවධානය යොමුවන්නේද තලෙයිමන්නාරම වෙතය. කලින් සඳහන් කළ දේශපාලන වේදිකාවේ පොරොන්දුවක් බවට පත් වූ පාලම ඉදිකිරීමට සැලසුම් කර තිබුණේද තලෙයිමන්නාරම් ප්‍රදේශය මුල් කරගෙනය. ඉදිකිරීමට යෝජිත පාලම සහ රාම ඉදිකළා යැයි විශ්වාස කරන ආදම්ගේ පාලම පසෙක තැබුවද, තලෙයිමන්නාරම මුල් කරගනිමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඍජු ප්‍රවාහන සේවයක්ද මීට වසර ගණනාවකට කලින් ක්‍රියාත්මක වී ඇත. ඒ සඳහා ප්‍රධාන වශයෙන් උපයෝගී කරගෙන ඇත්තේ දුම්රිය සහ ෆෙරි යාත්‍රාය. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මෙම සේවාව හරහා ශ්‍රී ලංකාවේ ඕනෑම දුම්රිය ස්ථානයකින් ඉන්දියාවේ ඕනෑම දුම්රිය ස්ථානයක් වෙත ටිකට් පතක් ලබාගැනීමේ පහසුකමද මගී ජනතාව වෙත සැලසී ඇත. ප්‍රධාන වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගැනුණද, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි වතු කම්කරුවන්ට එකල මෙම සේවාව මහත් සහනයක් වී ඇත. එකල ඉන්දියාවේ සිට පැමිණ තලෙයිමන්නාරම් තොට සිට දුම්රියේ පැමිණි වතු කම්කරුවන් පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් බැස තමන් සේවය කරන වතු දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කරන අතරතුර සිදුවූ රසවත් සිදුවීම් බොහොමයක් පැරැණි දුම්රිය සේවකයන්ගේ වාර්තාවන්හි සඳහන්වී ඇත. ඊට අමතරව රාජකාරි කටයුතු සහ අධ්‍යාපනික කටයුතු සඳහා ඉන්දියාව වෙත ගිය ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුද මෙම ප්‍රවාහන සේවය භාවිත කර ඇත.

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් ජැටිය සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි අතර ඒකාබද්ධ මෙම ප්‍රවාහන සේවය ආරම්භ කර ඇත්තේ 1914 වසරේදීය. ගොඩබිම සිට පැමිණෙන දුම්රියෙන් භාණ්ඩ සහ මගී ජනතාව ෆෙරි යාත්‍රාව වෙත හුවමාරු කරගැනීම පහසු කිරීම වෙනුවෙන් මුහුද මැදට දිවයන විශේෂ ජැටි තලෙයිමන්නාරමේ සහ ධනුෂ්කොඩිහි ඉදිකර ඇත. තලෙයිමන්නාරම් තොට දුම්රිය ස්ථානයේ ඒ සඳහා ඉදිකළ ජැටිය අදටද දක්නට ඇත. වසර සියයකට වැඩි කාලයක් මුහුදු රළට ඛාදනය වුවද, ගොඩබිම දෙස මුහුද මැදට ඇදීයන යෝධයකු ලෙසින් තලෙයිමන්නාරම් ජැටිය අදටත් නොසෙල්වී පවතින්නේ සාඩම්බර ඉතිහාසයක මතක පමණක් වර්තමානයට ඉතිරි කරගෙනය. අද එතරම් කාර්යබහුල නොවන තලෙයිමන්නාරම් ජැටිය මෙන්ම දුම්රිය ස්ථානයද එදා මොන තරම් කාර්යබහුල තැනක් වන්නට ඇද්දැයි කල්පනා කිරීමේදී සිතට දැනෙන හැඟීමද පුදුමාකාරය. දෙරට අතර ගමනාගමනය වෙනුවෙන් ඉදිකළ රේගු සහ ආගමන විගමන කාර්යාලද ජැටිය පසෙකින් තවමත් දක්නට ඇත. මේ වන විට ඒ ගොඩනැගිලි සියල්ල පවතින්නේ නාවික හමුදාව භාරයේය. මෙම ප්‍රවාහන සේවය ආරම්භ කළ මුල් කාලයේදී ඒ සඳහා ජැටි දෙකක් තලෙයිමන්නාරම් ප්‍රදේශයේ ඉදිකිරීමට ඉංග්‍රීසි ජාතිකයන් කටයුතු කර ඇත. කාලගුණික විපර්යාසයන්හිදී වෙන වෙනම භාවිත කිරීම එලෙස ජැටි දෙකක් ඉදිකිරීමේ අරමුණ වී ඇත. නමුත් තලෙයිමන්නාරම් තොට දුම්රිය ස්ථානය අසල ඉදිකළ ජැටියට සිතූ තරම් කාලගුණික බාධා ඇති නොවීම මත අනෙක් ජැටිය අත්හැර දමා ඇත. වසර ගණනාවක් පුරා අත්හැරදමා තිබුණද, එම ජැටියේ එක්තරා කොටසක් අදටද දක්නට ඇත. වර්තමාන තලෙයිමන්නාරම් දුම්රිය ස්ථානය අසලින් මුහුද දෙසට ගමන් කළහොත් ඒ අතීත ජැටිය දැකගත හැකිය.

ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණෙන භාණ්ඩ සහ මගීන් රැගත් දුම්රිය තලෙයිමන්නාරම් ජැටියේ නතරකිරීමෙන් පසු ඒවා ෆෙරි යාත්‍රාව වෙත හුවමාරුකිරීම සිදුවී ඇත. එතැන් පටන් ෆෙරි යාත්‍රාවෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත ගමන් කරන එම භාණ්ඩ සහ මගීන් එතැනදී නැවතත් දුම්රියට ගොඩවී ඉන්දියාවේ අවශ්‍ය ප්‍රදේශ වෙත ගමන් කර ඇත. ඉතා සාර්ථක සහ ලාභදායී ලෙසින් වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ මේ ප්‍රවාහන සේවය ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුවද නතර වී නැති නමුත් ඒ සඳහා පළමු බාධාව සිදුවී ඇත්තේ 1964දීය. ඒ අතිවිශාල ජීවිත සහ දේපොළ හානි සිදුකරමින් ධනුෂ්කොඩි වෙත බලපෑ සුළි කුණාටුවයි. ජීවිත හානි 1,800කට වැඩි ප්‍රමාණයක් බිලිගනිමින් හමාගිය ඒ සුළි සුළඟ හේතුවෙන් ජැටිය පමණක් නොව ධනුෂ්කොඩි දුම්රිය ස්ථානය ඇතුළු සියල්ල විනාශවී ගොස් ඇත. ඒ හේතුවෙන් වසර කිහිපයක් නැවතී තිබූ දෙරට අතර ඒකාබද්ධ ප්‍රවාහන සේවය නැවත ඇරැඹී ඇත්තේ ඉන්දියාවේ රාමේෂ්වරම් කේන්ද්‍ර කොටගෙනය. ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකාවට ආසන්නම නගරය වන ධනුෂ්කොඩි එම සුළි සුළඟින් පසු අද දක්වාම පවතින්නේ ජන ශූන්‍ය නගරයක් ලෙසටය. මළවුන්ගේ හොල්මන් නගරයක් ලෙසින් හැඳින්වෙන ධනුෂ්කොඩිහි කිසිවකු තවමත් ජීවත් වන අතර ප්‍රවාහන මාර්ග ඉදිවී නොමැති වීම හේතුවෙන් ධනුෂ්කොඩි වෙත ගමන් කළ හැක්කේද වසරේ එක් කාලයකදී පමණකි. ඒ කාලයට සංචාරයන්ගේ නවාතැන්පොළක් බවට ධනුෂ්කොඩි පත්වන නමුත් එහි රාත්‍රිය ගතකිරීම සඳහා කිසිවකුට ඉන්දීය රජයේ අනුමැතිය හිමිවී නැත. ඒ, එම නගරයේ පවතින අද්භූත සහ විශ්වාස කිරීමට අපහසු ඇතැම් සිදුවීම් නිසාය.

කෙසේ නමුත් ධනුෂ්කොඩි නගරයට තරමක් ඈතින් පිහිටි රාමේෂ්වරම් දුම්රිය ස්ථානය හරහා මේ සේවාව එතැන් පටන් ක්‍රියාත්මක වී ඇත. ධනුෂ්කොඩි දක්වා දුම්රිය මඟ පිහිටා තිබුණේද රාමේෂ්වරම් නගරය හරහාය. ඉන්දීය අර්ධද්වීපයේ සිට රාමේෂ්වරම් දූපත් දක්වා දුම්රිය මඟ වැටී ඇත්තේ පම්බන් නමැති පාලම හරහාය. ඉන්දියාවේ පිහිටි සුවිශේෂ පාලමක් වන ඉංග්‍රීසි ජාතිකයන් ඉදිකරන ලද මේ පම්බන් පාලම ඉදිකර ඇත්තේ ඒ අසලින් නැව් ගමන් කිරීමෙදී දෙපැත්තකින් එසවිය හැකි වන පරිදිය. 1964 වසරෙන් පසු රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම් ජැටිය අතර වූ ගමනාගමනය නැවතී ඇත්තේ 1980 දශකයේ මුල් භාගයේදීය. ඒ, ශ්‍රී ලංකාවේ උතුරු – නැඟෙනහිර පළාත් මුල් කරගනිමින් ආරම්භ වූ අවාසනාවන්ත ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මතය.

තිස් වසරකට වඩා පැවැති යුද්ධය අවසන් වීමෙන් පසු තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගය, තලෙයිමන්නාරම් තොට දුම්රිය ස්ථානය දක්වාම නිමවී ඇති නමුත් පැරැණි දුම්රියට මඟට මඳක් එපිටින් ඉදිකර ඇති නව මාර්ගයේ ජැටිය අන්තයේ බාධකයක් දමා මාර්ගය අවසන් කර ඇත. අතීතයේ දුම්රිය වේදිකා කිහිපයකින් යුක්ත වූ පැරැණි තලෙයිමන්නාරම් තොට දුම්රිය ස්ථානයට මඳක් ගොඩබිම දෙසට වන්නට එක් වේදිකාවකින් පමණක් සමන්විත වූ නව තලෙයිමන්නාරම් තොට දුම්රිය ස්ථානය ඉදිකර ඇත. මේ සියල්ල නිහඬව විඳගනිමින් ඊට මඳක් එපිටින් තලෙයිමන්නාරම් ජැටිය නිසොල්මනේ ඇත. යුද්ධය අවසන් වූ මුල් කාලයේ ජැටිය මත ඇවිද යාමේ අවස්ථාව සංචාරකයන්ට හිමි වූ නමුත් වර්තමානය වන විට එහි පවතින තත්ත්වය අනුව ජැටියට ඇතුළු වීම තහනම් කර ඇත. ජැටියට පිටතින් සිට ඒ දෙස බලා සිටින ඕනෑම කෙනකුට හැඟීයන්නේ අතීතයේ සුවිශේෂ කඩඉමක් වන තලෙයිමන්නාරම් ජැටිය නොබෝ කලකින්ම මහ මුහුදට ගසාගෙන යනු ඇති බවය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඔබව රජ කරවන සිංහාසන යෝගය

Next Post

වැඩිම දුරක් කෝච්චි පාරේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.