තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ගුරු විදුහල්පතිවරුන් මර්දනය කිරීමට කටයුතු කරන්නේ නම් ඉදිරියේදී නිරෝධායන නීති නොතකා හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැටලීමට කටයුතු කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පැවසූහ.
ආණ්ඩුව මේ වනවිට වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් දියත් කොට ඇති බවද උන්වහන්සේ පැවසීය.
අද ආණ්ඩුව තමන්ගේ හෙංචයියෙක් ලවා පැමිණීලි ඉදිරිපත් කොට වෘත්තීය සමිති මර්දනය කිරීමට පියවර ගෙන ඇති බවත්, දේශපාලන වුවමනාවන් වෙනුවෙන් සාමාන්‍ය පොලිසියකින් පවා විමර්ශනය කළ යුතු කරුණු රහස් පොලිසිය වෙත රැගෙන විත් ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.










