• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වීරයා ‘හාට්’ එකට ඇවිත්

October 23, 2019
in Heart
Reading Time: 2 mins read
A A
වීරයා ‘හාට්’ එකට ඇවිත්
Share on WhatsAppShare on Facebook

පාට පාට හීන ලෝකයකට ප්‍රේක්ෂකයන් කැන්දාගෙන යන ෆැන්ටසි ටෙලි කලාවට හීන් අතුල් පහරක් දුන් ගුණාත්මක ටෙලිනාට්‍ය අතර, තවත් එක් අපූර්වතම නිර්මාණයක් වූයේ ‘වීරයා ගෙදර ඇවිත්’ කතා මාලාවය.

අවසානය කුමක්වේද? යන සොඳුරු කුතුහලය ප්‍රේක්ෂක සිත් තුළට නිතර කාවැද්දූ ‘වීරයා ගෙදර ඇවිත්’ කතා පුවතෙහි අද්විතීය කතා නායකයා වූයේ රොෂාන් රවීන්ද්‍රය. ‘වීරයා ගෙදර ඇවිත්’හි වීරයා ගැන කතා කරන්නට කැමැතිදැයි අප කළ ආරාධනය ඉතාම සුහදව භාරගත් රොෂාන් ‘හාට්’ වෙනුවෙන් සිය හඬ අවදි කළ ආකාරය ගැන මෙසේ සටහන් කරන්නෙමු.

‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලිනාට්‍යයේ චාමරගේ චරිතය ඔබේ රංගන ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක්?
සහතිකවම එය මම ඉතාම සතුටින් කළ චරිතයක්. එවැන්නකට මා තෝරාගැනීම ගැන ආනන්ද අබේනායක මහතාට වගේම නාමල් ජයසිංහ මහතාටත් ස්තුතිවන්ත වෙනවා.
තිර පිටපත ලැබුණු මොහොතේ හිතට දැනුණේ කොයි ආකාරයේ හැඟීමක්ද?
ලොකු ආශ්වාදයක් දැනුණා. රැල්ලට හසුනොවූ, ගුණාත්මක බව ෆැන්ටසි ආට් එක උකස් නොකළ නිර්මාණකරුවන් දෙදෙනකු මං ගැන තිබ්බ විශ්වාසය ගැන සතුටුයි.
නිරූපණය සඳහා ඔබට ලැබුණු චරිතය ගැන සතුටක් දැනුණේ නැද්ද එතැනදී?
චරිතය ගැන සතුටු වුණේ තිර පිටපත කියවන විට නෙමෙයි. මට භාරදුන් වගකීම හොඳින්ම ඉටුකළාට පස්සෙයි මම ඇස් නොපෙනී ගිය සොල්දාදුවාගේ චරිතය ගැන දැඩි ආත්ම තෘප්තියකට පත්වුණේ.
එහි අදහස ඔබ ‘චාමර කුලේන්ද්‍ර’ගේ චරිතයට සාධාරණය කළා?
හැකි උපරිමය මා කළ බව මට විශ්වාසයි.
ඊට හේතු වූයේ ඔබේ රංගන ශෛලියට ආවේණික වූ හැකියාවද? එහෙම නැත්නම් අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීමද?
හොඳ නිර්මාණයක් බිහිවීමට නම් ඒ කාරණා දෙකම අත්‍යවශ්‍යයි. රංගනවේදියාගේ සහජ හැකියාව වාගේම අධ්‍යක්ෂවරයාගේ සියුම් මෙහෙයවීම මතද ඉතාම සාර්ථක චරිත වස්තූන් කලා නිර්මාණ තුළ බිහිවෙනවා. ආනන්ද අබේනායකගේ ගුරුහරුකම් මැද ‘චාමර කුලේන්ද්‍ර’ කියන වීර සොල්දාදුවා රොෂාන් රවින්ද්‍ර වෙතින් බිහිවූයේද ඒ ආකාරයටයි.
එතරම් සාර්ථකව එම චරිතය නිරූපණය කිරීම සඳහා ඔබ ආබාධිත රණවිරුවකු හමුවේ යම් අධීක්ෂණයක් කළාද?
කොහෙත්ම නැහැ. එවන් පුහුණුවක් අවශ්‍ය වූයේද නැහැ. අන්ධභාවයට පත්වූ මිනිසුන් මගතොටේදී කොයිතරම් නම් අපට මුහුණට මුහුණ හමුවෙනවාද? විශේෂයෙන් මම ඇස් නොපෙනී ගිය පුද්ගලයන්ව ඇසුරුකර තිබෙනවා. ඔවුන්ගේ හැසිරීම් දේහ ලක්ෂණ තුළ යම් චරිත නිරූපණයකට මැදිවීම දක්ෂ රංගවේදියකුට එතරම් භාරදූර කටයුත්තක් නෙවෙයි. අනික සොල්දාදුවා යන ශ්‍රේෂ්ඨ චරිතය, සුවිශේෂීම මිනිසුන් අද භුක්ති විඳින නිදහස උදාකර දීමට පංගුකාරයෙක් වී, දෙනෙත අහිමිකරගත් වීර සොල්දාදුවකුගේ චරිතය තුළ සාමාන්‍ය මිනිසුන් බොහෝ විට නොදකින නොසිතන පැත්තක් නිරූපණය කිරීමට මට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව වෙනුවෙන් මම මා සතු හැකියාව දායක කළා. එයට සුවිශේෂී පුහුණුවක් හෝ අධ්‍යයනයක් අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේම මම එය සාර්ථකව නිරූපණය කළා කියා ඔබ පැවැසුවා වාගේම තවත් ප්‍රේක්ෂකයන් එය අනුමත කිරීම ගැන වුවද මා දැඩි සතුටට පත්වෙන බවද මේ අවස්ථාවේ කිව යුතුයි.
එහි සමහර අවස්ථාවන් ඔබ එළිදැක්වූයේ ඔබේ නිදහස් සිතුවිලි හරහාද?
මෙහෙමයි, දක්ෂ චරිත නිරූපණයකට මැදිවන හොඳ රංගවේදියකුට අධ්‍යක්ෂවරයා විසින් කළ යුතු සියල්ල අටුවාටීකා වශයෙන් පැහැදිලි කළයුතු නැහැ. ටෙලිනාට්‍ය කලාවේ පුරෝගාමියා වූ ආනන්ද අබේනායක කියන විශිෂ්ට කලාකරුවා කළයුතු දේ මේ යැයි මට පැහැදිලි කළා. මම ඔහුගේ සිතුවිලි හඳුනාගෙන ඒ අනුව මා තුළ සිටින රංගවේදියාව නිදහස් කළා. රඟපෑමක් නොවූ රංගනයක් තිරය මත මැවෙන්නට මම ඉහත කීවා සේ දක්ෂ නළුවකු වාගේම හොඳ අධක්ෂණයක්ද අවශ්‍යයි.
ඔබ බොහෝ විට චරිත තෝරා බේරා ගැනීමකට මැදිවෙනවා නේද?
අනිවාර්යයෙන්ම මම මට ලැබෙන චරිතය ගැන ඉතා විමසිලිමත් වෙනවා.
ඒ කියන්නේ ඔබ මෙගා ටෙලි කලාව අනුමත කරන්නේ නැහැ කියන එකද?
එයට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. මෙගා ටෙලිනාට්‍ය සමඟ මගේ අමනාපයක් නැහැ. මම එයට අකැමැතිය කියන්නෙත් නැහැ. හැබැයි මෙගා ටෙලි කලාව අද ගමන් කරන්නාවූ මාර්ගය සහ එහි ක්‍රමවේදය නම් අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. සරලව කෙටියෙන් කියනවා නම් සීමාවක් නැතිව අදීයන දිගු නාට්‍ය මාලාව කොටස් 50කටවත් සීමා විය යුතුයි. වැඩි යමක් ප්‍රේක්ෂකයනට දිය යුතු අන්දමේ ටෙලි නිර්මාණයක් සඳහා කොටස් 50කට වැඩි ගණනක් ලබාගැනීම සඳහා විශේෂ අවසරයක් ලබාගතයුතු ක්‍රමවේදයක්ද මෙයට ඇතුළත් කළ යුතුයි. අනෙක් කාරණය තරගයකට මෙන් සෑම රූපවාහිනී සේවයකම වැල නොකැඩී ඇදීයන ඉන්දීය ටෙලි විලාසිතාවටද යම් සීමාවක් පනවන්නේ නම් එයද හොඳ ටෙලි කලාවකට අවැසි පසුබිමකට මඟක් වේවි.
මේ සඳහා යම් නීති පද්ධතියක් අවශ්‍ය බවද ඔබ කියන්නේ?
නීති පද්ධති අවැසි නැහැ. කලාව වැනි සංවේදී මාධ්‍යයකට නීති දමන්නට බැහැ. කළ යුත්තේ අවශ්‍යතාව තේරුම් ගැනීමයි. ඒ අනුව කටයුතු කිරීමයි. විශේෂයෙන්ම ලංකාවේ කලාකරුවන්ට යමක් කරන්නට තිබෙන අවස්ථාව ඉන්දියානු කලාකරුවන්ට දෙන එක නවත්වන්න ඕනෑ. නැත්නම් එයට සීමාවක් පණවන්න ඕනෑ.
මෙයට වගකිව යුත්තන් කවුද රොෂාන්?
රජයට මෙහි ප්‍රධාන වගකීමක් තිබෙනවා. එයට පාට අදාළ නැහැ. පවතින රජය කවුරු හෝ වේවා එය ඔවුන්ගේ වගකීමයි. රූපවාහිනී සේවාවල ඉහළ තනතුරු දරන අයද මේ ගැන විමසිලිමත් විය යුතුයි. තවත් කාරණයක් ඉතා කාරුණිකව කියා සිටිනවා. ඒ තමයි විවිධ පාට අනුව පක්ෂ අනුව දේශපාලනයට බැස සිටින අපේ සහෝදර කලාකරුවන්ටද මෙහි වගකීමක් තිබෙන බව. මේ කතා කරන්නේ ද්වේශයෙන් හෝ අමනාපයෙන් නොවේ. යම් වගකීමක් කිසිවකුට තිබෙන්නේද? ඔවුන් මේ ගැන සැලකිලිමත් වීමෙන් යහපතක් උදාවේය යන හැඟීම මතයි මේ කතා කරන්නේ. මොකද කලාව කියන්නේ මිනිසා සඳහාම වෙන්වූවක්. ඒ නිසා ඒ වෙනුවෙන් හොඳ යමක් කිරීම තුළින් මිනිසාට මෙන්ම කලාවටද යහපතක් සිදුවන බව කිව යුතුයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජන්දෙට සතියක් තියා චන්ද්‍රිකාගෙන් ‌’අවුරුදු 25ක’ ‌ෂෝ එකක්

Next Post

1818 නොඇසූ කතා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළ වාර්තා කිහිපයක් නීතිපතිවරයා...

Read more
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.