• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

එළාර පරදා විජයග්‍රහණය සනිටුහන් කළ දුටුගැමුණු රජුගේ ජය සංඛයට මොකද වුණේ?

September 17, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
එළාර පරදා විජයග්‍රහණය සනිටුහන් කළ දුටුගැමුණු රජුගේ ජය සංඛයට මොකද වුණේ?
Share on WhatsAppShare on Facebook

දිනය ක්‍රි.පූ. 161ත් 137 අතර දිනයකි. ස්ථානය අනුරාධපුර රාජධානියට අයත් විජිත පුරයයි. දස දෙසින් අහස් කුස පුරා පැහැපත් වලාකුළු පැතිර යමින් තිබිණි. හාත්පස මහා සතුටක සේයාවකින් පිරී යමින් තිබිණි. ජනීජනයාගේ මුහුණු මත සතුටු සිනා සතුටු කඳුළු ජය ඝෝෂා ඉතිරී පැතිරී යමින් තිබිණි. ඇසුවන් දුටුවන් මහ මඟ යන්නවුන් නිවාසවල සිටින්නවුන් ප්‍රීතියෙන් ඉපිල යමින් සිටිනා අයුරු දක්නට ලැබිණි. තැන තැන එක්රැස් වූවන් සතුට පිරි වදන් මුහුණනු පෙනෙන්නට දකින්නට තිබිණි.

විජිතපුරය දෙසින් මහා ඝෝෂාකාරී සටනක හඬ කෙමෙන් නික්ම යමින් තිබිණි. ‘ගැමුණු මහ රජු එළාර පරදා සටන දිනලා’ මේ වචන සෑම මුවකම මිමිනෙමින් තිබිණි. ඒ ඇසිල්ලේ එකී ජයග්‍රහණයේ පණිවුඩය ලක්වාසී සියලු හෙළයන්ගේ සවන්පත් අතර රඳවාලමින් ජය සක් හඬ නිහඬ අහස් කුස පුරා රැව් පිළිරැව් දෙමින් පැතිර යන්නට පටන් ගත්තේය. නිවාසවල කෙත්වතුවල මෙන්ම යුද පෙරමුණේත්, රාජ මාලිගයේත්, විවිධ ඉසව්වලත් සිටි ජනී ජනයා මේ ජය සක් හඬත් සමග, කරමින් සිටි කාර්යය නවතා නැඟී සිටියහ. ඒ බොහෝ මයක් දෑත් නළල මත තබා දොහොත් මුදුන්දී ගෞරවාචාර දක්වා රජුටත් එකී කටයුත්තට දායකත්වය දුන් සියල්ලන්ටත් සිය ආචාරය පුද කළහ.

එළාර රජුගේ දුෂ්ට පාලන ප්‍රතිපත්තිවලින් පීඩාවට පත් ජනී ජනයා සැනසුම් සුසුම් හෙලූහ. බොහොමයක් දෙනා සිය දෛනික කටයුතු නවතා රජු යුදය ජයගෙන ආපසු යන පෙරමඟට දිව ආහ. ජය ඝෝෂා නඟමින් රජුට ආචාර කළහ. සතුට ප්‍රකාශ කළහ. ඇතැම් පිරිස් මහ මඟදීම රජුට වැඳවැටුණහ. ඒ, තමන් පීඩාවට පත් කළ කුරිරු පාලනයෙන් තමන්ව ගලවා ගත්තාට තුති පළ කරමිනි.

සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවුණු මේ ජයග්‍රහණය තුන් සිංහලයටම දැනුම් දුන් පණිවුඩය මුලින්ම ගුවනට එක් කළේ ගැමුණු රජුගේ සේනාවේ සිටි අතිදක්ෂ දුනුවායෙකි. ඔහු වෙනත් කෙනකු නොව ගැමුණු රජුට මේ මහා යුද්ධය කරන්නට ශක්තිය ධෛර්යය සැපයූ දසමහා යෝධයන් අතර සිටි ථුස්සදේව යෝධයාය. හෙතෙම අතිදක්ෂ දුනුවායකු සේම ජයසක් පිඹීමේ විශිෂ්ටයෙකි. එහෙයින් සටනින් පසුව ඒ සතුටු පුවත රටට දැනුම් දීමට සමත් මහා ජවයකින් ථුස්සදේව යෝධයා ජය සංඛ්‍ය නාද කළ බවයි පැවැසෙන්නේ.

කෙසේ නමුත් මේ මහා සටන දිනා රට එක්සේසත් කරන්නට තමන්ට ශක්තියක් දුන් දසමහා යෝධයන්ට ඉහළම රාජ ගෞරව සහිතව අභිමානයෙන් ජීවත් වීමට හැකි අයුරින් සැලකූ දුටුගැමුණු මහ රජු එම යෝධයන්ට ගම්වර තිළිණ කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. එහිදී සිය අතිදක්ෂ දුනුවායාට ඇඹිලිපිටිය පල්ලෙබැද්ද ප්‍රදේශයෙන් අක්කර 12,000ක භූමියකින් සමන්විත ගම්වරයක් ලබාදීමට රජු කටයුතු කරනවා. පසුව ථුස්සදේව යෝධයා සිය ඥාති සමූහයා සමගින් එම ගම්වරයේ පදිංචිවී තිබෙනවා.
කාලයාගේ ඇවෑමෙන් ජීවිතයේ ස්වභාවය අවබෝධ කරගන්නා ථුස්සදේව යෝධයා ගිහි දිවියට සමුදී පැවැදිභාවයට පත්වන්නේ තමන්ට රජුගෙන් ලැබුණු ඒ වාසනාවන්ත දක්ෂිණාවෘත හක්ගෙඩිය නිදන් කොට චෛත්‍යයක්ද බඳවමිනුයි.

තමන්ට අභිමානයෙන් ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩනංවා දුන් ථුස්සදේව පිළිබඳ ඉතා පැහැදීමෙන් සිටි ඔහුගේ ඥාති සමූහයා එම චෛත්‍යය වටකොට විහාරාරාම ගොඩනංවන්නත් කටයුතු කළ බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. එදා ථුස්සදේව යෝධයා චෛත්‍යයක් ඉදිකර ආරම්භ කළ ඒ විහාරය පසුකාලීනව සංඛපාල විහාරය නමින් ප්‍රචලිත වූ බවත් පැවසෙනවා. වත්මන් ප්‍රධාන විහාර භූමියේ පිහිටි ගල් ලෙනක කෙටූ හක් ගෙඩියක සංකේතයකුත් දක්නට ලැබෙනවා.

මෙම විහාරයට සංඛපාල යන නාමය ලැබෙන්නේ ථුස්සදේව යෝධයාගේ ජය සංඛය තැන්පත් කළ චෛත්‍යය මෙය නිසා යන්නත් ජන විශ්සායයි. එමෙන්ම ථුස්සදේව හිමියන් පසු කලෙක රහත් ඵලයට පත්වූ බවද අතීත පුරාවෘත්තවල සඳහන් කරුණකි. පසු කලෙක ථුස්සදේව රහතන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඉදිකළැයි කියන දාගැබ දක්නට ලැබෙන්නේ විහාරයට කිලෝමීටර් කිහිපයක් එහා පිහිටි ගල් තලාවකයි. එම ස්ථානය ථුස්සදේව සොහොන නමින්ද ප්‍රචතිලතව තිබෙනවා. කෙසේ නමුත් හෙළ ඉතිහාසයේ අභිමානවත්ම එක්සේසත් කිරීම ලෙසින් සැලකෙන ගැමුණු රජුගේ සමයේ සිදුවූ ඒ මහා ජයග්‍රහණය සනිටුහන් කරමින් අහස් කුසට පැනනැඟි ජයසක් හඬට ජීවය දුන් දක්ෂිණාවෘත හක්ගෙඩිය අදටත් සංඛපාල විහාරයේ සුරැකිව ඇතැයි ජනප්‍රවාදයේ පැවැත එන විශ්වාසයකි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

තවත් මිලියන 13000ක් සල්ලි අච්චු ගහලා!

Next Post

ගාල්ලෙ අතුර පාරක යන රියදුරු නැති වාහනයක්…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.