අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හදිසියේම ඉතාලියේ සංචාරය කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
එළඹෙන 09 වැනිදා මෙම සංචාරය සිදුකිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
එහිදී වතිකානුවේ සංචාරය කිරීමටද අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා සැලසුම් කොට ඇති බව නිල නොවන ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ වනවිට පාස්කු ප්‍රහාරය මුල්කරගෙන රට ඇතුළේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව ඇති අතර පසුගියදා කාදිනල් හිමිපාණන් විසින් වතිකානුව වෙත ඒ සම්බන්ධයෙන් කරුණු සැල කරමින් ලිපියක්ද යොමු කරනු ලැබීය.
ඒ අනුව මේ වනවිට පාස්කු ප්‍රහාරය මුල්කරගෙන ජාත්‍යන්තරය තුළ විශාල කතිකාවක් නැවත ආරම්භ වෙමින් පවතින තත්ත්වයක්ද දැකගන්නට ඇත.