රොටුඹ පල්ලෙකන්ද ප්‍රදේශයේ 16 හැවිරිදි සිසුවකු සිය දිවි නසාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සදහන් කර සිටියේය.
අධ්‍යාපන කටයුතු සදහා ලබා දී තිබූ ජංගම දුරකතනයක් අවභාවිත කිරීීම හේතුවෙන් දෙමව්පියන් විසින් යළි එය ලබා ගැනීම මීට හේතුව වී ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ඇතිවූ සිත්තැවුල මත මෙම සිසුවා සිය දිවි නසාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.










