AIA ඉන්ෂුවරන්ස්, Best Workplaces™ ආසියානු ලැයිස්තුවේ විශාල කාණ්ඩයේ සමාගම් යටතේ මෙසේ ඇගයීමට ලක්වීම මහත් සාඩම්බරයෙන් සමරයි. AIA ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා සමාගම මෙම ගෞරවනීය ජාත්‍යන්තර ලැයිස්තුවට එක්වූ ප්‍රථම වතාව මෙයයි. Great Place to Work® වෙතින් පිරිනමනු ලබන මෙම ජාත්‍යන්තර තලයේ ගෞරවනීය ලැයිස්තුවට ඇතුළත් වීම සඳහා ආසියානු කලාපය තුළ පිහිටා ඇති විශිෂ්ටතම සේවා ස්ථාන සඳහා ඉතා දැඩි නිර්ණායකවලට යටත් වීමට සිදුවේ. මෙම ගෞරවනීය ජාත්‍යන්තර සම්මානය හිමිකරගැනීමත් සමගින් AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 9 වැනි වතාවටත් ශ්‍රී ලංකාවේ සේවය කිරීමට ඇති හොඳම සේවාස්ථාන අතරින් එකක් බවට Great Place to Work® වෙතින් සම්මානයෙන් පිදුම් ලැබීමත් විශේෂත්වයක්.











