• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඛාන්ලා වට්ටපු නව රැල්ලේ තරු

October 11, 2019
in Heart
Reading Time: 2 mins read
A A
ඛාන්ලා වට්ටපු නව රැල්ලේ තරු
Share on WhatsAppShare on Facebook

උතුරු ඉන්දීය සිනමාවට මෙන්ම දකුණු ඉන්දියානු සිනමාවටද කවදාවත්ම තරු හිඟයක් ඇති වූයේ නැත. හිතුමතේට සළුපිළි උනාදමන කෙල්ලන් මෙන්ම විවිධ ආකාරයේ කඩවසම් බවින් සපිරුණු කොල්ලන්ද ඒ අතර ඕනෑ තරම් සිටියහ. විශේෂයෙන්ම ඛාන් පරපුර කෙමෙන් කෙමෙන් ඉරිතළා යන්නට තනන ආරම්භයේදී තරුණ නළු කාණ්ඩයක් සිනමාව තුළට කඩාවැදිණි. ඔවුන් කාර්යශූරය. පිරිමියකුට තිබිය යුතු කඩවසම් බවින් අනූන විය. සුපිරි තරු පොරයට වුවද ඇදදැමිය හැකි පමණට ස්ත්‍රී ආකර්ෂණයද දිනාගෙන අවසානය. වැදගත්ම කාරණය වන්නේ, එම කාණ්ඩය අතර සිටින නළුවන් චරිතාංග මට්ටමේ රංගන හැකියාවකින් යුතු අතිදක්‍ෂ රංගවේදීන්ය. ඒ සඳහා වන හොඳම නිදසුන වන්නේ ඔවුන් ජාතික සම්මානයෙන් පුද ලැබූවන් වන නිසාය. එලෙසම එයින් එක් අයකු ගෙන දක්‍ෂම අය මොහු යැයි කියන්නට බැරි තරමට ඔවුන් සියල්ලම තම තමාට ආවේණික රංග ශෛලීයන්ගෙන් යුක්තය.
පළමුව අප විකී කෞශාල් ගැන කතා කරමු.

විකීගේ කඩවසම් බව ස්ත්‍රී සිත් නළවා තබයි. ඇදේට වගේ ඔහු බලන බැල්ම ආනන්දනීයය. 31 හැවිරිදි වුවද විකීගේ පෙනුම බොහෝ විට අවුරුදු 25ක් වැනිය. පාසල් යන බාලිකාවන්ද විකීට ට්විටර් පණිවුඩ තබන්නේ ඒකය.
ඛාන් පරපුරට විකීගෙන් පැමිණි ප්‍රබලතම ප්‍රහාරය වන්නේ ඉතා අඩු වයසකදී වාගේම අඩු කාලයකදී ඔහු සම්මානවලටද පාත්‍ර වීමයි.
එය පමණක් නොව විකී සම්මාන කිහිපයකින් තම වීදුරු රාක්කය පිරවීමටද සමත් විය.
වාණිජ රැල්ල සේම සම්භාවනීය සිනමාවද විකී ජයගත්තේ ඉතාම පහසුවෙනි.“Gangs of Wasseypur සහ Treyler” යන චිත්‍රපට තුළින් ඉක්මන් ජනතා ආකර්ෂණයකට මැදිවූ විකී කෞශාල්, සාර්ථක චරිත නිරූපණයකට මැදිවීම සඳහා තමා මොන තරම් කැපවන්නේදැයි සාක්‍ෂි පිටම ඉදිරිපත් කළේ යම් චරිත නිරූපණයක් සඳහා තමා වෙහෙස වී සකසාගත් සමබර සිරුර කිලෝ 20කින් බැස්සවීමෙනි.

ආයුෂ්මන් කුරානාද මේ අලුත් නළු කැලෙහි තවත් එක් වීරයෙකි.
මනා කඩවසම් බවින් යුතු හෙතෙම ඇදවැටී යන ඛාන් පරපුර හරහා තම රාජධානිය ගොඩනැඟීමට තම හැඩකාර රූපකාය පමණක්ම නොව සහජ හැකියාවද ඉන්දීය සිනමාවට ලෝභකමක් නැතිව දායාද කළේය. නළුකමට පමණක් නොව දෙසවන පිනවන මිහිරි සංගීතයටද තමන් අතිදක්‍ෂ වග මොනවට කියාපෑවේය.
“Dream Girl” චිත්‍රපටය තුළින් නිෂ්පාදකවරයාව බොක්ස් ඔෆීස් අසුනක ඉන්දවා ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගත් ආයුෂ්මන් කුරානා සම්භාව්‍ය චිත්‍රපට කිහිපයක නියෝජනය මත ජාතික සම්මානයද දෝතට ගත්තේය. ආයුෂ්මන් රඟපෑ Andhadhun චිත්‍රපටය සම්භාව්‍ය මෙන්ම බොක්ස් ඔෆිස් වාර්තාද පිහිටුවූ චිත්‍රපටයක් විය.
එපමණක් නොව සිය මධුර හඬින්ද ප්‍රේක්‍ෂකයන් පිනවූ ආයුෂ්මන් හොඳම පසුබිම් ගායකයා ලෙසද ජාතික සම්මාන දිනා ගත්තේය.
ආයුෂ්මන් තම චිත්‍රපටයට සම්බන්ධකර ගන්නා සිනමාකරුවන්ට බොහෝ විට හිස් අතින් ගෙදර යන්නට වූයේ නැත. සම්භාව්‍ය සිනමාව තුළින් ආයුෂ්මන් ඔවුන්ට සම්මාන පොරයට එක්කළේය. වාණිජ සිනමාපට තුළින් මුදල් නෝට්ටු කන්ටේනර් ගණන් පුරවා දුන්නේය.
ඉතින්…’
ඛාන් පරපුරෙන් හිස්වූ සිනමාවේ සමහර තැන් පිරවීමට ඔහු කෙසේවත් සුදුස්සෙක් නොවන්නේ යැයි කිව හැක්කේ කාටද?
මේ පිවිසෙන්නේ තවත් අතිදක්‍ෂ චරිතාංග නළුවකු ගැන තොරතුරු කියන්නටය.
35 වැනි වියෙහි පසුවන ඔහු “රාජ් කුමාර් රාඕය.”
උතුරු ඉන්දීය සිනමාවට පය තබන විට රාජ් නම කියැවුණේ රාජ් යාදෙව් ලෙස වුවද පසු කලෙක ඔහු රාජ් කුමාර් රාඕ විය.
ඔහුටද තිබුණේ හොඳ අපූරු පිරිමි පෙනුමකි. යන්තමට වාගේ ඉස්මතු වන රාජ්ගේ හැඩි දැඩි දඩබ්බර පෙනුමටද ගැහැනු සේම පිරිමිද ප්‍රිය කළහ.
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ මහේෂ් බාට් කියා තිබුණේ “රාජ් කුමාර් රාඕ” මතක සිටින යමක් කළ හැකි දක්‍ෂ චරිතාංග නළුවකු කියාය.
මහේෂ් බාට් මෙන්ම රමේෂ් සිප්පිද රාජ් කුමාර්ව තම චිත්‍රපටවලට ගැන්මට බොහෝ විට දැඩි කැමැත්තක් පෑවේ ඔහු බිහිසුණු අවස්ථාවන් සඳහාද නොබියව ඉදිරිපත් වන නිසාය.
හොඳම නළු සම්මාන පොරයේදී ෆිල්ම් ෆෙයාර් වේදිකාවේ වාගේම ජාතික සම්මාන වේදිකාවේද රාජ් කුමාර් රාඕගේ නාමය බොහෝ විට රැව් දුන්නේය.
සහාය සහ හොඳම නළුවා ලෙස සම්මාන කිහිපයකටම හිමිකම් කීමට වාසනාවන්ත වූ රාජ් සම්මාන නාමයෝජනා සඳහාද නිතර නම සඳහන් වූ අයෙකි.
Thalash 2, Stree 3 Hamari Adhuri 4 සහ Raabta යන සිනමාපටවල සුවිශේෂී මතක සටහන් තැබූ රාජ් කුමාර්, රිෂි කපූර් සහ නිතූ සිංග්ගේ කුලුපගම මිත්‍රයෙකි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රාජ යෝගයෙන් ගොඩයන්නේ කවුද?

Next Post

“DLB සත්කාර” හයවැනි වෛද්‍ය කඳවුර බදුල්ල දිස්ත්‍රික්කයේදී

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.