• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම පොරක් කියලා කියන්න කැමතියි…

July 28, 2021
in Heart
Reading Time: 6 mins read
A A
මම පොරක් කියලා කියන්න කැමතියි…
Share on WhatsAppShare on Facebook

මම තුට්ටු දෙකට විකිණෙන නළුවෙක් නෙමෙයි…
මම කලාත්මක නිර්මාණ පිපාසයකින් පෙළෙනවා…
අසාධාරණකම් වෙද්දි මම වලියට බරයි…
ටෙලි කලාව අද අවුල් වෙච්ච ලාබ තැනක්…

හර්ෂ තෙන්නකෝන්, පුංචි තිරය තුළ මතක හිටින රංගනයක පළමුව නිරත වූයේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘මේ වසන්ත කාලයයි’ හරහාය. පසු කලෙක ඔහු නාලන් මෙන්ඩිස්ගේ ඇසට හසුවිය. එහි ප්‍රතිඵලය වූයේ, ‘අංගනාවෝ’ ටෙලි කතාවය. ‘අංගනාවෝ’ හී ජනප්‍රියත්වය අසීමිත විය. එහෙත්.., හර්ෂ තෙන්නකෝන් වඩා ඇලුම් කළේ මැද මාවතක් හරහා සෙමෙන් ගමනකටය. මාධ්‍ය පසුපස හඹා නොගිය හර්ෂට සුදු චරිත පමණක්ම රංගනය කොට තරුවක වීමේ මේනියාව තිබුණේ නැත.

ඒ නිසාවෙන් නාහෙට නාහන පාදඩ චරිතයන්ද ඔහු බාර ගත්තේය. ටෙලි කතා පොකුරකට මැදි වනවාට වැඩිය ප්‍රේක්‍ෂකයනට මතක හිටින අන්දමේ එක් චරිතයකට ජීවය දෙන්නට මේ තරුණ රංගවේදියා මනාප විය. එකී චරිතය වෙනුවෙන් කරන කැපවීමද ඔහුට රුචි විය. ‘වෙස්’ ටෙලි මාලාව වෙනුවෙන් හෙතෙම කොණ්ඩය මුඩුකොට කැපුවේ ඒකය. එය වැවෙන්නට පමාවේද, එය හේතුකොට තවත් ටෙලියක වරමක්, දෙකක් අහිමි වේද යන දෙගිඩියාව හර්ෂට නොවීය. ඔහුට අවැසි වූයේ කොණ්ඩය මුඩු කිරීමට මුල් වූ පාදඩයාගේ චරිතය නියමෙට කරන්නටය. වැඩි සද්දයක් නැති හර්ෂ තෙන්නකෝන්ගේ ටෙලි දිවියෙහි තව එවැනි අවස්ථා කිහිපයක්ම විය. ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘සකර්ම’ ටෙලිනාට්‍යයද එවැන්නකි.

හාල් හෝ වී ගෝනියක් ලැගේජ් එකේ බැඳගෙන ‘නයින්ටියක’ යන කළුකඩ මුදලාලි වෙනුවෙන් හර්ෂ තම සිරුර කෙට්ටුකර ගත්තේය. උඩුරැවුලක්ද වැව්වේය. කොණ්ඩයද අමුතු තාලයකට කපා දැමුවේය. ‘සකර්ම’ පළමු කොටස් කිහිපය බලන බොහෝ දෙනෙකුට ඒ හර්ෂ තෙන්නකෝන් දැයි සිතා ගැනීමට බැරි විය.

එකී පෙනුම නිසා ටෙලියක, දෙකක වැඩ අහිමි වී යෑම ගැන සංතාපය සිතට නොගත් හර්ෂට වුවමනා වී තිබුණේ බාර දුන් මෙහෙවර හරියාකාරව ඉටු කිරීමය. එස්.එම්.එස්. ක්‍රමයට තරුවක නොවුවද හර්ෂ තෙන්නකෝන් ටෙලි කලාව තුළ යමක් කළ හැකි වැඩ්ඩෙකු බව ඔප්පු කොට හමාරය. අද.., ‘හාට්’ හී මැද පිටුව සරසන්නේද ඒ හැඩකාර වැඩ්ඩාය.

පළමුවෙන් අහනවා, කොහොමද මේ දවස්වල ජීවිතේ?
ජීවිතේ කාර්යබහුල අවධියකට කෙමෙන් කෙමෙන් ගලා යන්නට පටන්ගෙන තිබෙනවා නැවැත… මොකද පසුගිය කාලේ තුන්වැනි කොරෝනා රැල්ල නිසා අප යම් විරාමයකට කොටුව සිටියා.

කාර්යබහුල වී සිටින වැඩකටයුතු ගැන විස්තර කියනවා නම්?
‘සකර්ම’ ටෙලිනාට්‍යයේ වැඩ අවසන් වුණා. ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ඊළඟ මෙහෙවර වූ ‘සුසුම් රස්තියාදුව’ ෂූටිං ආරම්භ වුණා. ඒ අතර තුෂාරි අබේසේකරගේ ‘සඳදෝනා’ ටෙලියේ වැඩකටයුතු සිදුවෙනවා.

හොඳ නිර්මාණ රැසකට දායක වීමේ වාසනාව ඔබට හිමිවෙලා?
ඔව්… ඇත්තෙන්ම එය වාසනාවක්… හොඳ යමක් කිරීමේ පිපාසය මට තිබුණේ ‘අංගනාවෝ’ හී රඟපාන අවධියේමයි. ඒ දවස්වල යම් අවස්ථාවක ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩිට මම කිව්වා.. ‘කලාත්මක නිර්මාණයක රඟපාන්න මම හරි ආසයි… ඒ වෙනුවෙන් මට ආරාධනා ලැබෙයිද දන්නෙ නැහැ කියලා.’ ‘ඔහු සමග මම ඒ ගැන කතා කළේ මා ගරු කළ දක්ෂතම රංගන ශිල්පීන් අතර ඔහු ප්‍රමුඛව සිටි නිසයි. අනෙක ‘අංගනා රූගත කිරීමේ අතරතුරදී බිමල් අයියා සමග මම හුඟාක්ම සමීප වූයේද මගේ රංගන ජීවිතයට ඔහුගෙන් ලබාගත හැකි බොහෝ සාර්ථක දෑ තිබුණු නිසයි. බිමල් අයියා එතැනදී මගේ පිටට ළෙන්ගතු තට්ටුවක් දාලා කිව්වා, ‘බයවෙන්න එපා හර්ෂ… වැඩ පෙන්නන්න පුළුවන් හොඳ නිර්මාණ ටිකක් අනිවාර්යයෙන් උඹව හොයාගෙන එනවාමය’ කියලා.

බිමල් ජයකොඩිගේ නිමිත්ත වැඩ කළා?
අති සාර්ථකව එය වැඩ කළා. හොඳ නිර්මාණකරුවන් මා සොයා එන විට මට දැනෙන ආශ්වාදය අසීමිතයි.

ඔබට සම්මත මිලක් තියෙනවා… එහෙම නේද හර්ෂ?
ඔව්… මම කොහොමවත් තුට්ටු දෙකට අලෙවි වන නළුවෙක් නෙවෙයි. ඒ මිල හදා ගත්තේ මා තුළ ජීවමානව සිටින කලාකරුවාට යම් අගයක් සහ ගෞරවයක් දීමටයි.

සමහර අවස්ථාවල ඒ සම්මත මිල අඩු පිරිවැයකට අලෙවි වෙනවා?
නැහැ… ඒ කතාව වැරැදියි. සිදුවන්නේ වෙනත් යමක්… කෙටියෙන් කියනවා නම්.., මම තෝරා ගත්, මගේ හිත ගිය නිර්මාණකරුවන් අතළොස්සක් සිටිනවා. ඔවුන් යම් නිර්මාණයක් සඳහා මගේ මිල මඳක් එහා, මෙහා කරන්න යැයි කිව්වොත් ඒ ගැන සලකලා බලලා මගේ බජට් එක අඩු කරනවා. මොකද ඔවුන්ගේ කීර්තිමත් නාමයට හොඳ නිර්මාණ හැකියාවට මම ගරු කරන අතර… ඔවුන් වැන්නවුන් මා සොයා පැමිණීම තුළද මගේ සිත සතුටට පත්වෙනවා. මොකද… මම කලාත්මක නිර්මාණ පිපාසයක සිටින කලාකරුවකු නිසා. හැබැයි බජට් එක එහා මෙහා වීම තුළ මම කිසිවකු හමුවේ තුට්ටු දෙකට අලෙවි වන්නේ නම් නැහැ.

ඒ කියන්නේ හර්ෂ, ඔබ ටෙලි කලාව තුළ ‘පොරක්’ වී අවසානය කියන එකද?
‘පොරක්’ කියන හැඳින්වීමට මම ආසයි. හැබැයි ඔබේ ප්‍රශ්නයට උත්තරය වන්නේ, ‘මම ඉල්ලන්නේ හර්ෂ තෙන්නකෝන්’ වටිනාකමට සරිලන මිල කියන වචන පේළියයි.

හොඳ රංගවේදින් අඩු බජට්වලට අලෙවි වන තැන් තිබෙනවා… ඔබ එය අනුමත කරනවද?
මෙහෙමයි… ටෙලි කලාව අද තියෙන්නේ සියල්ල අවුල් වූ ලාබ තැනක. චැනල් හරහා හොඳ නිර්මාණකරුවන් වාගෙම දක්‍ෂ රංගවේදීන්ද පාලනය වෙනවා. ඒ අතර පොරොන්දු වූ මිල ගණන් ඒ ඒ කලාකරුවනට ලැබෙන්නේද නැහැ. අන්න එතැන දී ප්‍රඩියුසර්ලා කියන පිරිස අසරණ වෙනවා. ප්‍රඩියුසර්ලා අසරණ වෙනවා කියන්නේ අනෙක් හැමෝම අසරණය කියන එකයි. ඒ අතර යම් නිර්මාණ සඳහා චැනල්වලින් ගෙවන මිල ගණන්ද බොහෝ විට අසාධාරණයි. අන්න ඒ වාගේ පසුබිමක නළු නිළියන්ට තමන් විසින් නියමකරගත් බජට් එකට අනුව මිල නියම කරන්නට බැරි අවස්ථා එනවා… ඇත්තටම කෙටියෙන් කියනවා නම් ශ්‍රී ලාංකේය වශයෙන් ගත් කල හැම ඉසව්වකම කලාකරුවන් සිටින්නේ සරණක්, රැකවරණයක් වාගේම වටිනාකමක් නැති පසුබිමකයි. ඒ හින්දා ඉහත ප්‍රශ්නයට ‘සත්තකින්ම මම එය අනුමත කරන්නේ නැහැ’ කියන උත්තරය දෙන්න බැහැ.

‘රොෂාන් රවීන්ද්‍ර’ රිජෙක්ට් කළ චරිත ඔබ බාර ගන්නවාය කියන කතාව ඇත්තද?
‘රොෂාන් රවීන්ද්‍ර’ රිජෙක්ට් කරපු චරිත මම බාර ගන්නවාය කියන කතාවට වඩා එතැන තියෙන්නේ වෙන කතාවක්. රොෂාන් රවීන්ද්‍ර කියන්නේ මට වඩා මිලකට බජට් එක හදාගත්ත අති විශිෂ්ට රංගනවේදියෙක්. ඉතින් ඔහුට අවැසි මිල ලැබුණේ නැතුවම ඔහු එයට අදාළ නිර්මාණයෙහි පිටපත බාර ගන්නේ නැහැ. ඉතින් අර නිර්මාණකරුවා ඊගාවට රොෂාන් රවීන්ද්‍රට පසුව සිටින තවත් රංගවේදියකු සොයන විට හර්ෂ තෙන්නකෝන්ව ඔහුට හමුවෙනවා. රොෂාන් රවීන්ද්‍රට වඩා බජට් එක අඩු නිසා ඒ ගිවිසුමට අස්සන වැටෙනවා. එය කලා ලොවේ සාමාන්‍ය සිදුවීමක්. ඒ වගේම තවත් යමක් මෙතැනදී මම කියනවා, ඒ.., රොෂාන් රවීන්ද්‍ර වැනි අති දක්‍ෂ රංගවේදියකුට සමගාමීව යම් නිර්මාණකරුවකු මා සොයා එනවා යැයි කියන්නේ එය මට ලැබෙන වටිනා අගයක්. එලෙසම රොෂාන් රවීන්ද්‍ර කියන්නේ මා තදින් ගරු කරන කලාකරුවන් අතර සිටින එක් අයෙක් ඉතින්, මට මං ගැන ආඩම්බරයි.

ඔබ ‘තරමක් හිතට ගත් නාහෙට නාහන පොරක්’ කියන රාවයක් ටෙලි කලාව තුළ තියෙනවා?
හිතට අරගෙන නම් නැහැ ඒ තරමට.., හැබැයි නාහෙට නාහන කතාවේ නම් බොරුවක් නැහැ. අසාධාරණයක් වෙන තැනදී නම් මම වලියට බර පොරක් තමයි කොහොමත්.

ප්‍රවීණයන් කාණ්ඩයක් සමග ඔබ ලොකු වලියකට සෙට් වුණේ ඒ හින්දද?
ඔව්… ඒ ප්‍රවීණයන් අතර නාලන් මෙන්ඩිස් සහ ශ්‍රියන්ත මෙන්ඩිස් යන අති දක්‍ෂ සුපිරි කලාකරුවන්ද සිටියා. එය වේදිකා නාට්‍ය කලාව පසුබිම් කොට ඇතිවුණු ගැටුමක්. එදා මම තරුණ ආධුනිකයකු ලෙස ඔවුන් හා උරෙන්උර ගැටුණා. ඒ සිදුවීම් මාලාව අද සිහි කරන විටත් මට මාර ආතල් එකක් දැනෙනවා.

අමනාපය පසෙක ලා නාලන් මෙන්ඩිස් ‘අංගනාවන්’ සඳහා ඔබ සොයා එනවිටත් එදා ඒ ආතල් එක දැනුණද?
කියන්න වචන නැහැ ඇත්තටම… මං ගැන මට එදා මාර ෆිට් එකක් දැනුණා. මං කවුද..? ඔහු කවුද..? ‘අංගනාවෝ’ තිරපිටපත සමග ප්‍රධාන චරිතයක් අතැතිව ඒ ප්‍රවීණයා මගේ ඉදිරිපිට සත්තකින්ම මම ‘පොරක්’ය කියන ගැම්ම එදා දැනුණා.

ජයලත් මනෝරත්න දුන් අගය තුළත් ඔබ ඒ ගැම්ම අත්වින්දා?
සත්තකින්ම… ‘සූරිය කුසුම’ සෙට් එකේදී මනෝරත්නයන් මගේ ළඟට ඇවිදින් උරහිස් දෙකට අත්දෙක තියලා…’ උඹ නම් මාර පොරක් ගොයියෝ…’ කියලා කියාපු දවසේ මට අදහගන්න බැරිව වාගේ ඔහු දිහා බලා හිටියා… ඔහු වැනි අසාමාන්‍ය නිර්මාණකරුවකු දුන් ඒ අගය තුළ මම මං ගැන ලොකු ආත්මවිශ්වාසයක් ඇතිකර ගත්තා.

ඒ ඒ චරිත සඳහා අවශ්‍ය ගැම්ම ඔබ සොයන්නේ සමාජමය ගැවසීම තුළින්?
ඔව්… කලාකරුවකු කාමරයකට හෝ සෙට් එකට කොටු නොවී සමාජ රස්තියාදුවක නිරත විය යුතුයි. එතැනදී අපට කළු – සුදු සහ උසස් – මධ්‍යම පාන්තික යන චරිතයන් හමුවෙනවා. ඒ හමුවීම් අධ්‍යයනය කිරීම් තුළ බොහෝ දෑ රැස්කර ගන්නට පුළුවන්. මට ලැබෙන බොහෝ පිටපත් ඔස්සේ මම චරිතයනට ආරූඪ වන්නේ යටි සිතෙහි නිදන් කොටගත් එකී විවිධ පුද්ගලයන්ගේ ස්වරූපයන් හරහා තමයි.

‘තරු උමතුව’ සහ ‘සම්මාන එකතුව’ ගැන මේනියාව ඔබ තුළ නැහැ?
මතක සිටින යමක් ප්‍රේක්‍ෂකයන් හමුවේ තැබීම තුළින් ඔවුන් මට දෙන අගය හමුවේ මම සම්මානයට පාත්‍ර වෙනවා. ඒ වාගේම ප්‍රවීණ නිර්මාණකරුවන් මා සොයා පැමිණීම තුළ සුපිරි තරුවක අත්විඳින සතුටකට වැඩිය ආශ්වාදයක් මා අත්විඳිනවා. එකී ආස්වාදයෙහි අලුත්ම මුහුණුවර වන්නේ විශිෂ්ට නිර්මාණකරු සුදත් රෝහණ ඔහුගේ නවතම නිර්මාණය සඳහා මට ඇරැයුම් කිරීමයි.

අවසාන වශයෙන් කියනව නම් හර්ෂ, ඔබ සිටින්නේ තෘප්තිමත් තැනක?
පැහැදිලිවම… හර්ෂ තෙන්නකෝන් කියන රංගවේදියාගේ ‘නළුකම’ ගැන මම තෘප්තිමත්. හැබැයි යන්නට තිබෙන දුරද තව බොහෝමයි.

–දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හරීන් පැය 5ක් කතා කරයි!

Next Post

ලංකාවේ ‘අයියෝ’ ඔක්ස්ෆර්ඩ් ගිහින්!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

ලබන සතියේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජී-7 (G7) රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, වයස අවුරුදු 16ට අඩු සහ යොවුන් කණ්ඩායම් සඳහා සමාජ...

Read more
නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.