ශ්‍රී ලංකාවේ භාවිත වන ‘අයියෝ’ යන වචනය ලෝ ප්‍රකට ‘ඔක්ස්ෆර්ඩ්’ ඉංග්‍රිසි ශබ්ද කෝෂයට ඇතුළත් කිරීමට එහි බලධාරීන් පියවර ගෙන ඇත.
ඊට ඔවුන් දී ඇති අර්ථය වන්නේ දුකක්, කරදරයක් සිදු වූ අවස්ථාවක මෙම වචනය භාවිත කරන බවකි.
ලංකාවට අමතරව ඉන්දියාවේද මෙම ‘අයියෝ’ යන වචනය භාවිත කරන බවද ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය පවසයි.










