• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොරැල්ල කනත්තේ ජෝති ඉකි ගසා ඇඬුවේ ඇයි !

July 18, 2021
in Heart
Reading Time: 7 mins read
A A
බොරැල්ල කනත්තේ ජෝති ඉකි ගසා ඇඬුවේ ඇයි !
Share on WhatsAppShare on Facebook

ප්‍රේමදාසයි ජෝතියි ඇයි ගොඩක් කිට්ටුවුණේ…
නන්දන වින්දන ජෝතිව කපා දැමුව හේතුව…
ජෝති ඇන්ජලින්ව විතරක් තෝරගත්තේ ඇයි…
කේමදාස මාස්ටර් ජෝතිගේ නතරකරපු දේ…

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල ගැන යම් හැඳින්වීමක් කුමකට කරන්නදැයි මට සිතුණේ වරක්, දෙවරක් නෙවේය. ජෝති රාත්‍රියෙන් රටක් පිනවූ ජෝතිමත් ජෝති ගැන නොදන්නවුන් කිසිවකු නැත. අදටත් ප්‍රයිවට් බස්වල බොහෝ විට ශ්‍රවණය වන්නේ ඔහු ගැයූ අමරණීය ගීතය. තවමත් රියැලිටි සංගීත තරගවල වයස අවුරුදු 18-20 කොලුගැටයන් ගයන්නේ ඔහුගේ ගීතය. ඉතින්.., තවමත් ජෝතිගේ හඬ අමරණීය බව කියන්නට තවත් අටුවාටීකා අවැසි නැත.

එහෙව් අමරණීය ජෝති ගැන ඔහුගේ අතීත සැමරුම් ගැන… ඔහු කළ ජෝතිමත් ‘ජෝති රාත්‍රිය’ ගැන මතකය මඳක් අවුස්සාලන්නට අපට සිතුණේද ඔහු කළ ඒ සුන්දර ගී හරඹයට ළෙන්ගතු උපහාරයක් වෙනුවෙනි.., එලෙසම.., ඒ මහඟු උපහාරයට අවැසි වංහුං සොයා ගන්නට ජෝතිට සමීප හිතවතකු ගැන විමසිලිමත් වන විට.., පළමුව මතකයට ආවේ ප්‍රවීණ නිවේදක, ධර්ම ශ්‍රී වික්‍රමසිංහය.., ජෝතිගේ ‘මධු කුසලාන’ කැසට්පට පෙළ නිෂ්පාදනය කොට කැසට් වෙළෙඳ පොළෙහි වාර්තා පිට වාර්තා තැබුවේ ධර්ම ශ්‍රී වික්‍රමසිංහය. ආරම්භයේ සිටම ජෝති රාත්‍රිය වර්ණවත් කරවමින් සිය ආකර්ෂණීය කථනයෙන් එය හැඩ කළේ ධර්ම ශ්‍රී වික්‍රමසිංහය. ඒ එසේ වී නම්, ජෝති ගැන කතාබහ කරන්නට ජෝතිගේ ගායන දිවියෙහි රසමුසු සිදුවීම් ගැන දොඩන්නට ධර්ම ශ්‍රී වික්‍රමසිංහට අප කළ ආරාධනයෙහි කිසිදුම වරදක් නොවන වග නිසැකමය.

සාදරයෙන් අපි ඔබව පිළිගන්නවා… ‘ජෝතිපාල නම් වූ ඒ අසහාය ගායකයා’ ගැන කතාබහට පැමිණියාට…
ඇත්තෙන්ම ජෝති ගැන කතාබහ කරන්නට මා තෝරා ගැනීම ගැන ‘මව්රට’ට ස්තුති කරනවා.

එතරම් ආකර්ෂණයක් ජෝති දිනා ගත්තේ කොහොමද?
එයට නම් හේතු නැති තරමයි… හේතු සොයා යෑමද කෙළවරක් නැති වැඩක්…

ජෝති ගායකයෙක් වෙන්න ගැටවර වියේ සිටම බොහෝ දැඟලුවා..?
ඔව්… එය දුක හිතෙන තරම් කාරණයක්, මොකද… බොහෝ දෙනෙක් ගායකයෙක් වීමට සිහින මැව් තරුණ ජෝතිව විහිළුවට ගත් අවස්ථාද තිබුණා. චාන්ස් එකක් දෙනවාය කියමින් ඔහුව රැවටූ තැන් අප්‍රමාණයි. ජෝති එයින් බොහොම කනස්සල්ලට පත්ව සිටියා… හැබැයි ඔහු සිය උත්සාහය නම් අතහැරියේ නැහැ. චිත්‍රපට ගායනයට සම්බන්ධ වීමට ගිහින් ජෝති වින්ද අවමානය අද කාලයේ තරුණයකු වින්දා නම් ගායකයකු වීමේ සිහිනය අතහැර දමනවා.

ජෝති පළමුව හඬදුන්නේ ‘තොටියෝ තොටියෝ’ ගීතයට..?
ඒක ගීතයක් නොවෙයි. වසන්තා සන්දනායක ගැයූ ගීතයක පද දෙකක් පමණයි. වසන්තා ගයන ගීතයෙහි වාරයක් හෝ දෙකක් ‘තොටියෝ තොටියෝ’ කියා මඳක් ගැඹුරින් කියන වචන දෙපළ තමයි ජෝති ගායනා කළේ. එතැනින් පස්සේ ජෝතිට ලැබුණු අවස්ථා කිහිපයක්ම ගිලිහිලා ගියා. චිත්‍රපට ගායකයකු වීමේ උමතුව මත ඔහු බොහෝ චිත්‍රපට නිර්මාණකරුවන් පසුපස අවස්ථාවක් සොයමින් ඇවිද ගියා. ‘ඔයාගේ හඬ ගොරෝසුයි, ඔබේ හඬෙහි ගැම්මක් නැහැ’ කියන උත්තර තමයි වැඩිපුර ලැබුණේ.

‘සිරියා මේ සාරා’ ගීතය වෙනුවෙන් වාසනාව උදා වුණේ?
ඒ 1956… සිරිල් පී. අබේරත්නගේ ‘සුරතලී’ චිත්‍රපටයට ගී ගයන්න ඔහුට ඇරැයුම් ලැබුණා. ‘සිරියා මේ සාරා’ ගීතය සමග තව ගීත තුන හතරක්ම එකට ගායනා කළා.

ඒ ජෝතිගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය?
ආයෙත් අහලා.., අදටත් ඒ ගීතය රියැලිටි සුපිරි තරු විසින් එළිමහන් වේදිකාවල ගයන කොට වයසක උන්දලත් ඩාන්ස් කරනවා…
‘සිරියා මේ සාරා’ ඒ දවස්වල තේ කඩෙයි, ගුවන්විදුලියෙයි නිතර ඇහෙන කොට තමයි ජනප්‍රිය චිත්‍රපට ගායකයෙක් වෙන්න ජෝතිට අවශ්‍ය ගැම්ම ලැබුණේ.
ඒ විතරක් නෙවෙයි, ගුවන්විදුලියෙන් සරල ගීත ගායකයකු ලෙසද ජෝති කෙමෙන් ජනප්‍රිය තරුවක් වෙන්න ගත්තා… කරුණාරත්න අබේසේකර නැගී එන ජෝතිට හැකි පමණ අවස්ථාව අරන් දෙන්න ඒ දවස්වල හරි හරියට උදව් කළා මතකයි.

ඒ නිසාද එතුමා මියගිය මොහොතේ ජෝති දෙණ ඉදිරියේ විලාප දීලා ඇඬුවේ?
ඔව්… අනේ මාව මනුස්සයෙක් කළ උත්තමයා යන්න ගියා… කිය කියා ජෝති විලාප දෙමින් හැඬූ ආකාරය ඒ දිනවල මාධ්‍ය අතර නිතර ප්‍රචලිත වුණා මතකයි මට.

‘පීචං ගායකයා’ කියලා සම්භාවය උදවිය ජෝතිට විවිධ උපහාසමය සරදම් දැම්මා?
ජෝති ඒවා සතපහකටවත් මායිං කළේ නැහැ. සම්භාව්‍ය පිරිසට නිග්‍ර කළෙත් නැහැ. ඕනෑම තැනකදී ඔවුනට ගරු නම්බු දීලා ළඟටම ගිහින් සුහදව කතා කළා.

ජෝති ‘හින්දි මෙලැඩිවලට’ සින්දු කියන එක නතර කළේ කේමදාස මාස්ටර්?
නතර කිරීමකට වඩා එතැන තිබුණේ ‘හසුව සිටි රැල්ලෙන් ජෝතිව ගොඩගැනීමයි… කේමදාස මාස්ටර් වාගෙම සරත් දසනායක සහ වික්ටර් රත්නායකද එම මෙහෙවරට එක්ව සිටියා. ඒ අවධියේම තමයි, සරත් දසනායකගේ ‘හද විමන් දොරින්’ ගීතය හරහා ජෝතිට විශාල ප්‍රසාදයක් ලැබුණේ.

චිත්‍රපට ගීත සඳහා ජෝති ඇන්ජලීන්ව පමණක්ම තෝරා ගත් හේතුව කුමක්ද?
ඒක ජෝතිගේ වරදක් හෝ ඔහුගේ ප්‍රශ්නයක් නෙවෙයි. චිත්‍රපට අධ්‍යක්‍ෂ සහ නිෂ්පාදකවරුන්ගේ මතයක් තිබුණා, ජෝතිගේ ගැඹුරු හඬට ඇන්ජලින්ගේ හීනි හඬ ටක්කෙටම මැච්වෙනවා කියලා… අනෙක ගීත රසික රසිකාවියොත් ඒ දෙන්නගේ ජෝඩු ගායනයට මාර විදියට ඇලුම් කරන්න ගත්තා. ඒ හින්දම තමයි චිත්‍රපට ගීත වෙනුවෙන් ජෝතිව තෝරන කොට ගායිකාවට ඇන්ජිව තේරුවේ.
ඒ වාගේම සුජාතා අත්තනායක සමග ජෝති ගැයූ ‘මාගේ මතකේ ඔබේ රුව ඇඳී’ ගීතයටත් ඉහළ ප්‍රතිචාර ලැබුණා. ලතා වල්පොළ සමග වුණත් එහි වෙනසක් නැහැ.

ජෝති සමග ‘ජෝති රාත්‍රිය’ ආරම්භ වූ ස්වර්ණමය අවස්ථාව ගැන කතා කරමුද?
ඇත්තෙන්ම එය හරිම ස්වර්ණමය ප්‍රසංගයක් වුණා. ඊට ආරම්භය දුන්නේ අජන්තා රණසිංහ සහ ජෝතිගේ ගීතවලට ප්‍රිය කළ මිතුරු සමාගමක නියමුවා වූ රෝයි මෙලොනියස් කියන ඔහුගේ මිතුරෙක්.

නිවේදන කාර්යයට ආරාධනා ලැබුවේ ඔබ..?
ඔව්… 1980 පළමු ප්‍රසංගය කළාට මා ලද මුදල වුණේ රුපියල් පන්සියයක්… එදා 3.30 – 6.30 ෂෝ දෙකටම කට කපලා සෙනඟ… ජෝතිට සන්තෝසේ වාවගන්න බැරිව ඇඬුණා… රත්නපුරේ නගර ශාලාවේ ඒ ෂෝ දෙක නිමවුණාට පස්සේ රත්නපුර තානායමේ අපි මධුවිත තොලගාමින් සතුට සමරන විට අජන්තා රණසිංහ ජෝතිට කිවුවා.., බලපං මචෝ… මිනිස්සු උඹට උඹේ හඬට මොනතරම් ආදරය කරනවදැයි කියලා.

අවසානය දක්වාම ජෝති රාත්‍රිය ස්වර්ණමය වුණාද?
ඔව්… හැමදාමත් එය ආසන සියල්ල පිරුණු ප්‍රසංගයක් වුණා. ජෝති මියයන විට ‘ජෝති රාත්‍රිය’ දර්ශන 225ක් පමණ පවත්වා තිබුණා.

පසුකලෙක එහි නිවේදන කටයුතු සඳහා හේමසිරි හල්පිට තෝරාගත් හේතුව?
ගුවන් විදුලිය තුළ මම කාර්යබහුල වීම ඊට හේතු වුණා. කොහොමත් ජෝතිට අවුරුදු 30ක් පිරෙන දවසෙ කළ ජෝති රාත්‍රියටත් මම මගේ හඬ දුන්නා.

රූපවාහිනි සංස්ථාව ජෝතිට කෙනෙහිලිකම් කළ හේතුව කුමක්ද?
ජෝතිවත් එයට හේතුව දැන උන්නේ නැහැ. කලා ලොවේ බොහෝමයක් දෙනෙකුටද ප්‍රශ්නයක් වී තිබුණා ‘නන්දන වින්දන’ සඳහාවත් ජෝතිට ආරාධනා නොකිරීම ගැන.

එය දේශපාලන අවුලක් විය නොහැකිද?
ජෝති දේශපාලනයට මැදි වූ කෙනෙක් නෙවෙයි. බොහෝ විට එය ඉහළින් ආ යම් කෝන්තරයක ප්‍රතිඵලයක් විය හැකියි.

දේශපාලනයට මැදි නොවුණා නම් ප්‍රේමදාස ආණ්ඩුව වෙනුවෙන් ජෝති ‘ගම් උදාව’ට සින්දු කීවේ ඇයි?
එතැන දේශපාලනයක් තිබුණේ නැහැ. ජෝති ගරු කළේ රටේ ජනාධිපතිතුමාගෙන් ලද ආරාධනයටයි.
මා දන්නා විදියට ඔහු දේශපාලකයන් පසුපස ගියේ නැහැ. අනෙක ප්‍රේමදාස මහත්තයා කලාකාරයන් සමග හරිම හිතවත්. නිතර ඔවුන්ගේ දුකසැප සොයා බැලුවා. අන්න ඒ කාරණය මත බොහෝ කලාකරුවන් ප්‍රේමදාස මහත්තයට ගරු කළා. ජෝති තුළ තිබුණේද ඒ ගෞරවයයි.

ගුවන්විදුලියේ දී ඔබ ජෝතිගේ ගීතවලට බොහෝ තැන් දුන්නා?
ඔව්… නිතරම මම ජෝතිගේ ගීත ප්‍රචාරය කළා. ඒ හේතුව නිසාම ජෝතිට ප්‍රියකළ බොහෝ රසික පිරිස් මා හා මිතුරුව සිටියා.

ඔබ නිෂ්පාදනය කළ ‘මල්සරා‘ දෝණි’ චිත්‍රපටය බොක්ස්ඔෆිස්’ වාර්තා තැබුවේ, එයට ජෝති ගී ඇතුළත් වූ නිසාද?
ඔව්… ජෝතිගේ මනරම් පැරැණි ගී එකතුව ‘මල්සර දෝණී’ චිත්‍රපටයට ආශිර්වාදයක් වුණා. පළමු මාසය තුළදීම එහි ආදායම ලක්‍ෂ 90ක් වුණා.

ජනප්‍රිය වාගෙම ජෝති සම්මානනීය ගායකයෙක්?
සහතික වශයෙන්ම ඔහු සම්මානනීයයි. සරසවිය සහ දීපශිකා සම්මාන උළෙලේදීද ඔහු සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වාගේම නොබැඳි සමුළුව වෙනුවෙන් පැවැත්වූ සම්මාන උළෙලෙකදී ජනප්‍රිය ගායකයාට හිමි සම්මානයට හිමිකම් කිව්වේ ජෝතිපාල තමයි.

ඔහුගේ අග්‍රගණ්‍ය අසහාය බව අනුකරණය කිරීමට කිසිවකුට බැරි වුණා?
කී දෙනෙක් එයට උත්සාහ කළාද..? ඒත් ඒ කිසිවෙකුට ඔහුට ළං වෙන්නවත් බැරි වුණා. අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල කියා අදටත් ඔහුව හඳුන්වන්නේ ඒ නිසයි.

–දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඩෙල්ටා රට වටේ යන ලකුණු! ‘ලැම්ඩාට’ අමතරව ‘එප්ස්සයිලන් නමින් අලුත් ප්‍රබේධයකුත්!

Next Post

යුගදනවි අමෙරිකාවට දෙන පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලයට

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.