• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොලිවුඩ් සිනමාවේ හාට් එක… දිල්ප් කුමාර්

July 13, 2021
in Heart
Reading Time: 4 mins read
A A
බොලිවුඩ් සිනමාවේ හාට් එක… දිල්ප් කුමාර්
Share on WhatsAppShare on Facebook

“දිවි ගමනෙහි ශතකයට ආසන්නව සිටින ‘දිලිප් කුමාර්’ට නිරෝගී සුවය පතා දහස් ගණනක් ට්විටර් සටහන් ඔහුගේ ගිණුමට බැරවී තිබේ” යනුවෙන් පසුගිය සතියේ ඉරිදා මව්රට ‘හාට්’ අතිරේකයෙන් දිලිප් කුමාර් නම් වූ ඉන්දීය සිනමාවේ පුරාවෘත්තය පිළිබඳ සටහන අවසන් කළේ මේ සතියේ ඔහුගේ නික්ම යෑම පිළිබඳව සටහනක් තැබීමේ කිසිදු අපේක්ෂාවකින් තොරවයි.
නමුත් මේ සතියේ මෙම සටහන තබන විට ‘බොලිවුඩ් රජු’, ‘සිහින කුමරා’, ‘බොලිවුඩයේ රොමෑන්තිකයා’, ‘බොලිවුඩයේ ශෝකාන්ත රජු’ යන විරුදාවලි ලත් ඉන්දීය සිනමාවේ එක් යුගයක ස්වර්ණමය තාරකාවක නිවීගොස් දින කිහිපයක් ගතව අවසන්.

වර්තමාන පාකිස්තානයට අයත් පෙෂාවර් ප්‍රදේශයේදී ඉස්ලාම් ජාතික පවුලකට දාව මොහොමඩ් යූසුෆ් ඛාන් උපත ලබන්නෙ 1922 දෙසැම්බර් මාසෙ 11 වැනිදා. දරුවන් දොළොස්දෙනකුගෙන් යුත් සාමාන්‍ය පවුලක උපත ඔහුගෙ පියා වෙළෙන්දෙක් හා මව ගෘහණියක්.

සාමාන්‍ය පවුලක උපත ලත් යූසුෆ් පසුකාලීනව වසර 105ක ඉතිහාසයකට උරුමකම් කියන බොලිවුඩ් සිනමාවේ එක් යුගයක කිරුළුපලන් රජු විදිහට වැජඹීමට අඩිතාලම සකසා ගන්නේ දිලිප් කුමාර් යන නාමයෙන්. හිරිමල් යෞවනයෙකුව සිටිය දී බොලිවුඩ් සිනමාවට අත්පොත් තැබූ ඔහු බොලිවුඩ් සිනමාවට සමුදෙන්නේ එය ජාත්‍යන්තර කර්මාන්තයක් බවට ඔසවා තැබීමෙහිලා විශාල කාර්යභාරයක් ඉටුකළ පුරෝගාමියෙක් විදිහට.

ඛාන්වරුන්ගෙන් අරක්ගත් ඉන්දියානු සිනමාවට 1950 දශකයේදී ආලෝකය ගෙන ආ පළමු ඛාන්වරයා වන දිලිප් කුමාර් ඉන්දියානු සිනමා ඉතිහාසයේ බිහිවුණු දක්ෂතම රංගන ශිල්පියා කියන හැඳින්වීම වැරැදි නැහැ කියල හිතෙන්නෙ ඔහුගෙ නම ඉදිරියෙන් ලියුණු සම්මාන දිහා බැලුවම.

ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස 8 වතාවක් සම්මානයට පාත්‍රවුණු මේ විශිෂ්ට රංගන ශිල්පියා 1991 වසරේදී පද්ම භූෂණ් සම්මානයෙන්ද, 1994 වර්ෂයේදී ඉන්දියානු සිනමාවේ රංගන ශිල්පියකුට ලැබිය හැකි ඉහළම සම්මානය වන දාදාසහීබ් ෆල්කේ සම්මානයෙන්ද පිදුම්ලබනව. 1998 වසරේදී ඔහු පාකිස්තානය විසින් පිරිනමන ඉතාමත් ඉහළ සම්මානයක් වන නිෂාන් ඊ ඉම්ටියාස් සම්මානයෙන්ද, 2015 වර්ෂයේදී ඉන්දියානු පුරවැසියෙකුට ලබාගත හැකි දෙවන ඉහළම සම්මානය වන පද්ම විභූෂණ් සම්මානයෙන්ද පිදුම් ලබන්නෙ ඉන්දියානු සිනමාවට කළ අමිල සේවය වෙනුවෙන්.

දිලිප් කුමාර් රංගනයෙන් දායක වූ පළමු සිනමා පටය වන්නේ 1944 වසරේ තිරගත වූ ‘ජ්වාර් බතා‘ නම් චිත්‍රපටය. වාණිජ අතින් ඉතා අසාර්ථක වුණු එම චිත්‍රපටයට පසුව 1947 දී තිරගත වූ ‘ජුග්නු‘ චිත්‍රපටය දිලිප්ට වාසනාව ගෙන එන්න සමත් වෙනව. එයින් පසුව ඔහු රාජ් කපූර් සමඟ රංගනයෙන් දායක වන ‘අන්දාස්’ චිත්‍රපටයට 1949 දායක වෙනව. මේ චිත්‍රපට ඔහුගෙ නම ඉන්දියාව සිනමාව තුළ වඩාත් කතාබහ වෙන නමක් බවට පත්වෙනව.

1950 දශකය සැලකෙන්නෙ දිලිප් කුමාර්ගේ සිනමා ජීවිතයේ ස්වර්ණමය දශකය විදිහට. 50 දශකය ආරම්භයේදීම ඔහුට තිබුණ ජනප්‍රියත්වයත් එක්ක සිනමා නිර්මාණයන් රාශියක් ඔහු වෙත ගලා එන්න පටන් ගන්නව. දීදාර් (1951), ආන් (1952), අමර් (1954), ඉන්සානියත් (1955), දෙව්දාස් (1955), අසාද් (1955), සහ මධුමතී (1958) ඒ අතර ඉතා සාර්ථක නිර්මාණ බවට පත්වෙනව. ‘ශෝකාන්ත රජු’ කියන නම ඔහුට පටබැඳෙන්නෙ මෙම චිත්‍රපට අතරින් බොහෝමයක් ඛේදාන්තවලින් අවසන් වන චිත්‍රපට වන නිසා.

මේ ඔස්සේ භාරත සිනමාවේ සිහින තරුව බවට පත්වූ අතර ඔහු හා භාරත සිනමාවේ ගිනි සිළුව ලෙස හැඳින්වෙන වෛජයන්ති මාලා එක්ව රංගනයෙන් දායකවුණු සියලුම සිනමාපට ආදායම් වාර්තා තියන්න සමත් වුණු චිත්‍රපට බවට පත්වෙනව.

ඔවුන් දෙදෙනා එවකට හැඳින්වූයේ භාරත සිනමාවේ ආදරණීයම යුවළ විදිහට. දිලිප්ගේ සිනමා දිවිය අවසන් වෙන්නෙ සිනමාපට 64කට පමණ දායකවීමෙන්.
දශක පහකට ආසන්න කාලයක් ඉන්දීය සිනමාව තුළ ඔහු කැපී පෙනෙන තරුවක් බවට පත්ව සිටි ඔහු භාරත සිනමාවේ සිහින කුමරාගේ භූමිකාව ඔහුගෙන් පසු ලබාගත් සම්මානනීය අමිතා බච්චන් හා ශාරුක් ඛාන්, දිලිප් කුමාර් ඔහුගේ සිනමා ලෝකයේ ගුරුවරයෙක් ලෙසත් හඳුන්වා දී තිබෙනවා.

ඉන්දීය සිනමාව ඒකාලෝක කළ මෙම විශිෂ්ටයාගේ සමුගැනීම ආරංචි වීමත් සමඟ රංගන ශිල්පීන්, දේශපාලනඥයන්, ක්‍රීඩකයන් ඇතුළු බොහෝදෙනෙක් තමන්ගෙ ශෝකය ට්විටර් පණිවුඩ ඔස්සේ මුදාහැර තිබුණි.

“දිලිප් කුමාර් සිනමා
පුරාවෘත්තයක් ලෙස සිහිපත් කරනු ඇත” යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණේ ඔහු මියගිය ආරංචිය ලැබුණු විගසමයි.

ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ඔහුගේ අභාවය ගැන ශෝක පවසා තිබුණේ “ ඔහු අභාවප්‍රාප්ත වීම අපේ සංස්කෘතික ලෝකයට සිදුවූ විශාල පාඩුවක්.” ලෙසයි.
“ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම තම නළුවෙකු අද අප හැර ගියත් ඔහුගේ රංගනය තුළින් ඔහුගේ දීප්තියේ නිධානය අප වෙත ඉතිරි වේ.”

සුප්‍රකට ඉන්දීය නළු කමල් හසන් ට්විටර් පණිවුඩයක් මගින් තම ශෝකය පළකර තිබුණෙ ඒ විදිහට.

බොලිවුඩයේ ජනප්‍රියම නළුවා වන අමිතාබ් බච්චන් “ඉන්දියානු සිනමාවේ ඉතිහාසය ලියන සෑම අවස්ථාවකම එය දිලිප් කුමාර්ට පෙර සහ දිලිප් කුමාර්ට පසු යුගය ලෙස ලිවිය යුතුයි” යනුවෙන් සටහන් තබා තිබිණි.

නූතන බොලිවුඩයේ දක්ෂතම නළුවකු වන අක්ෂේ කුමාර් සටහන් කර තිබුණේ “දිලිප් කුමාර් සර් ඉන්දියානු සිනමාවේ සමස්ත යුගයක්ම ඔහු සමඟ රැගෙන ගොස් ඇත.” යනුවෙන්.
මීට අමතරව ඉන්දීය ක්‍රිකට් නායක විරාත් තැබූ ට්විටර් පණිවුඩයේ සඳහන්ව තිබුණේ “අද පරම්පරා ගණනාවකට ආදරය කළ නිරූපකයෙකු අභාවප්‍රාප්ත වේ. සාමයෙන් ඉන්න දිලිප් ජි. පවුලට මගේ ශෝකය.” යනුවෙන්.

මේ අතර දිලිප් කුමාර් සහ සහ ඇගේ බිරිය වන සයිරා බානු වරක් පවසා ඇත්තේ “තමන්ට පුතෙකු සිටී නම් ඔහු බැලූ බැල්මට හා බොහෝ විට ෂාරුක් ඛාන් මෙන් විය හැකි බවත්” ලෙසයි.
මේ ආකාරයට ඉන්දීය සිනමාවේ පමණක් ලෝක සිනමාව තුළද කතාබහට ලක්වූ කළු සුදු සිනමා ලෝකය වර්ණවත් යුග පුරුෂයකු නැවත අපට කිසි දිනක හමු නොවනු ඇත.
–ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

13 ලක්ෂයකට යට නොවුණු මනුස්සකම!

Next Post

අමෙරිකාව මොඩර්නා එන්නත් ලක්ෂ 15ක් එවයි!

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.