• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

13 ලක්ෂයකට යට නොවුණු මනුස්සකම!

July 14, 2021
in Exclusive, News
Reading Time: 4 mins read
A A
13 ලක්ෂයකට යට නොවුණු මනුස්සකම!
Share on WhatsAppShare on Facebook

දඹුල්ලේ නිලංකා මව්රටට කතාකරයි…

පහුගිය කාලය පුරාම ලංකාවේ දී අහන්නට දකින්නට ලැබුණේ දුක හිතෙනා කතාය. මිනිසුන්ගේ මනුස්සකම් තුට්ටු දෙකට වැටුණේය. සල්ලි ප්‍රශ්න අහස උසට නැග්ගේය. දරන්න බැරි තරමට ආ ආර්ථික ගැටලු නිසා මිනිසුන්ගේ මනුස්සකම් යට ගියා විය හැකිය. හුඟාක් අයට රැකියා අහිමිවිය. සමහරුන්ට තමන්ගේ ජීවිකා වෘත්තීන් ක්‍රියාත්මක කරගන්නට ලැබුණේ නැත. මේ ලියනා මොහොත වන තෙක්ම සංචරණ සීමා ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ නිසා රටේ හැම තැනම යන එන එක ලේසි නැත. අපහසුවෙන් වුව ද සමහරු යන්තමින් ජාම බේරා ගත්තේය. රටේ බොහෝ දෙනෙක් ඉන්නේ කරකියා ගන්න දෙයක් නැතිවය. එහෙම වෙලාවක අතට ලැබෙනා මුදලක් තවත් කෙනෙක්ට නිකම්ම ආපහු දෙන්නට ඔබට හැකි ද?
මේ, ඒ ප්‍රශ්නයට උත්තරයයි.

“මට අවශ්‍යතාවකට රුපියල් ලක්ෂ දහතුනක විතර මුදලක් අවශ්‍ය වෙලා තිබුණා. මම ඒක මගේ නෑදෑ මල්ලි කෙනෙක්ගෙන් ඉල්ලුවම එයා ඒක මට අරගෙන දුන්නා, ලංකා බැංකුවෙන්. මේ මුදල එයා මට අරගෙන දුන්නම අපි බැංකුව ඇතුළෙ ඉඳලා සල්ලි ගැන්නෙ නෑ. කෙළින්ම ඒ සල්ලි මම මගෙ හෑන්ඩ් බෑග් එකේ දාගත්තා. දාගෙන ඇවිල්ලා තමයි ඒ සල්ලි ගැනලා බැලුවෙ. එතකොට මට පෙනුණා පන්දාහෙ මිටිවලින් මිටි හතරක් තිබ්බා. පන්දාහෙ කොළවලින් නිසා එච්චර ලොකු ප්‍රමාණයක් පෙනුණෙ නෑ.

ඒත් මම ගැනලා බැලුවම මට තේරුණා මේ එක මිටියක ලක්ෂ පහක වගේ මුදලක් තියෙනවා කියලා. ඉතින් මම ටක්ගාලා අර මගෙ මල්ලිට කෝල් එකක් ගත්තා. එයා කිව්වා මම ගත්තෙ ලක්ෂ හතයි කියලා. ලක්ෂ හතයි කියලා එකවුන්ට් එකේ ඩීටේල්ස්වලටත් ඇවිල්ලා තිබුණා. ඒ වගේම සල්ලි ගත්ත බවට දෙන රිසිට් එකෙත් ලක්ෂ හත සටහන් වෙලා තියෙනවා කිව්වා.

ලක්ෂ දහතුනක් පොඩි මුදලක් නොවේ. ඈ ව්‍යාපාරිකයෙක් බව ඇත්තය. මම ඒ ගැන ඇගෙන් විමසූවෙමි. මේ කාලයේ කාටත් කරදරය. ඈට ද ඊට වඩා දෙයක් වුණාය කියා සිතිය නොහැකිය.
“ඇත්තටම මම රූපලාවණ්‍ය ශිල්පිනියක් නෙ. අපි සැලුන් වහලා. මඟුල් ගෙවල් නෑ. එතකොට අනිත් දේවල්වලටත් එන්න කට්ටිය බයයි. මොක ද අපි සමීපව වැඩකරනව නෙ. ඉතින් අපිටත් මේ කාලෙ අපහසුයි. අනිත් අයට වගේම…” ඈ කියයි. ලක්ෂ හතක වුවමනාවට ඒ මුදලට ණයට ගත් විට කිසිවෙක් නොදන්නා ලෙස ලක්ෂ දහතුනක් තමන්ගේ අතට පැමිණ තිබේ. ඈ කුමක් කළ යුතු ද? ඇත්තටම ඒ ඔබ නම් ඔබ කරන්නේ කුමක් ද? උත්තරය ඔබ සතුය.

නමුත් මම ඒ ප්‍රශ්නය ඇගෙන්ද ඇසුවෙමි. ඒ, මේ සල්ලි ගොඩක් තමන්ගේ අතට පත්ව ඇති වග දුටු විට ඈට හිතුණේ කුමක් ද කියාය.

“මම ඇත්තටම සල්ලි වැඩිපුර තියෙන කොට දෙතුන් සැරයක්ම ගැනලා අපේ මල්ලිට කෝල් එකක් දුන්නා. අක්කා ලක්ෂ හතක් තමයි තියෙන්නෙ. අක්කා එස්.එම්.එස්. ඇලට් එකේ තියෙන්නෙත් ලක්ෂ හතයි කියලා කිව්වා.”

“මම ඇත්තටම බය වුණා. මම ආයෙම ගණන් කරන්නම් කිව්වා. මල්ලි බෑන්ක් එකට ටක්ගාලා පණිවුඩය දුන්නා. මම ඒ සල්ලි සුරක්ෂිතව තිබ්බා. දවල් වෙලා, ඒ කියන්නෙ දෙකට තුනට වගේ, බැංකුවෙන් නියෝජිත මහත්තුරු දෙන්නෙක් ආවා. ඒ මුදල් අරගෙන යන්න කියලා තමයි ආවෙ. ඒ වෙලාවෙ මමත් කාර්යබහුල වෙලා හිටියෙ. ඊට පස්සෙ මම කිව්ව සල්ලි ලබාගත්ත බවට ලිඛිතව සඳහනක් ඕනෙ ඒ සල්ලි දුන්නා කියලා. ඒ ගොල්ලො ඒකට කැමැති වුණා. ඊට පස්සෙ මම ඒ වැඩිපුර තිබ්බ ලක්ෂ දහතුන ඒගොල්ලන්ට දුන්නා”

ඈ කියනා පරිදි දඹුල්ල ලංකා බැංකුව ඈට ස්තූති කර තිබේ. වෙන කිසිවෙක් නම් මෙහෙම දෙයක් නොකරන බව ද ඔවුන් කී බවක් ඈ කියයි.

“ඒගොල්ලො මට ස්තුතිවන්ත වුණා. මෙහෙම නොකළා නම් හවස මේ ගැන හොයන්න වෙනවා, බැංකුව වැහුවට පස්සෙ”
නමුත් දැන් සියල්ල විසඳී අවසන්ය.

“සාමාන්‍යයෙන් කෙනෙක්ට කිසි කරදරයක් නැතිව අතටම ආපු ඒ දේ ආපහු දෙන්නෙ නෑ”

ඔවුන් ඈට කියා තියෙන්නෙ එහෙමය. මුදල් ලබාගත් බවට වූ එකම සාක්ෂිය බැංකුවෙන් ලබාදෙන ලදුපතයි. නැත්නම් වෙන එහෙම එකක් වේ නම් බැංකු පොතේ කරනා සටහනයි. නමුත් දැන් නවීන පහසුකම් මත එහෙම එකක් නැත. ඒ නිසා සිදුවන්නේ බැංකුව මගින් එවනා නිල එස්.එම්.එස්. පණිවුඩය අනුව බැංකුවෙන් ලබාගත් මුදල් සහ ලබාදුන් මුදල් හෝ ගිණුම් ශේෂය ගැන තොරතුරු දැනගත හැකිය. මේ ලැබුණු තොරතුරු මත ඔප්පු කරන දෙයක් පිළිනොගෙන ඉන්නට කාට හෝ හැකියාවක් නැත. මේ සිදුවීම අතර ආ සියලුම ඉලෙක්ට්‍රොනික සාක්ෂි නිවැරදිය. නමුත් නිලංකා මහත්මිය මේ කිසිවකට මුවා වී සල්ලි එක්ක සෙල්ලම් කරන්නේ නැත. අපි ඈට හිස නමා ආදාර කළ යුතු ඒකය.

නීතිමය පැත්තෙනුත් ඔවුන්ට බැඳීමක් ඇතැයි නොසිතේ.

ඇත්තට ඒ ලක්ෂ දහතුන දෙන්න හිතුණේ ඇයි කියනා ප්‍රශ්නය අපි ඇගෙන් ඇසුවෙමු. සැබෑවටම එය එසේ ඇසිය යුතුමය. නැත්නම් මේතරම් මේ රටේ මනුස්සකම් සිදුවන්නේ නැත.
“ඇත්තටම මට නම් හිතාගන්න බැරිව හිටියෙ. කාට හරි අසාධාරණයක් වෙලා කියලා දැනුණා. මේ කාලෙ ගොඩක් අයට සල්ලි ප්‍රශ්න තියෙනවනෙ. ඒ සල්ලි දුන්න කෙනාටත් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා මට තේරුණා, ඇත්තටම අපි වැඩ කරන වෙලාවට පවා ගොඩක් අය එක එක දේවල් දාලා යනවා. සමහර ෆෝන්, රත්තරන් චේන් පර්ස් දාලා යනවා. මම අවුරුදු විස්සක් වැඩ කරලා තියෙනවා. ඒ කාලෙ පුරාම අපි වැඩ කළේ විශ්වාසය මත. මට සැලුන් දෙකක් තියෙනවා. එකක් මාතලේ පාරෙ දඹුලුඔය අසල. අනෙක දඹුල්ල ටවුන් එකේම කැකිරාව බස් නතර කරන තැන. ඒ තැන් දේකේ තමා අපි ප්‍රධාන වශයෙන් රාජකාරි කරගෙන යන තැන.

ඈ අපිට ඒ ගැන කිව්වේ එහෙමය. ලක්ෂ දහතුනකට යට නොවුණු ඇගේ මනුස්සකමට අපි මෙසේ හිස නමා ආචාර කරමු.

-ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කොරෝනා මරණ 41ක්!

Next Post

බොලිවුඩ් සිනමාවේ හාට් එක… දිල්ප් කුමාර්

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.