• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ලංකාවේ සුන්දරම ගමන මෙන්න!

July 14, 2021
in Holiday
Reading Time: 1 min read
A A
ලංකාවේ සුන්දරම ගමන මෙන්න!
Share on WhatsAppShare on Facebook

රිවස්ටන් කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ලස්සන, සුන්දර පරිසරයකට උරුමකම් කියන ප්‍රදේශයක්. රිවස්ටන්වලදී ශ්‍රී ලංකාවේ ඇති පරිසර කලාප
සියල්ලගේම දේශගුණය එක ස්ථානයකදී විඳගන්න පුළුවන්. අති රමණීය දුම්බර කඳු පන්තියත් නකල්ස් රක්ෂිතයත් මායිම් කරගෙන රිවස්ටන් පිහිටා තිබෙනවා.
රිවස්ටන් අයත් වන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට. ඔබ කොයි සිට හෝ රිවස්ටන්හි සංචාරය කරනව නම් මාතලේට පැමිණ මාතලේ සිට රත්තොට හරහා රිවස්ටන් බලා ගමන් කළයුතු වේ. මේ ගමන අතරමගදී ඉතා සුන්දර දර්ශන පෙළක ආශ්වාදය විඳගැනීමට හැකිවේ.

මාතලේ නගරයේ සිට කිලෝමීටර් 30ක පමණ දුරකින් රිවස්ටන් පිහිටා තිබෙනවා. එහි රිවස්ටන් දක්වා ඇති මාර්ගයේ පිහිටීම නිසාම සුදු ජාතිකයින් රිවර්ස්- ටර්න් හෙවත් රිවස්ටන් ලෙස හඳුන්වා මෙයට නම් තැබූ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. මාතලේ සිට රිවස්ටන් දක්වා යන ගමනේදී බොහෝ දෙනෙක් දන්න සුන්දර බඹරකිරි ඇල්ල හමුවනවා.

පහුගිය දවස්වල සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත්වුණු පෝස්ට් එකක් තමයි “මාතලේ ටවුන් එකෙන් රටකජු ගොට්ටක් අරන් මාතලේ ඉඳන් හෙට්ටිපොළ යන බස් එකේ ජනේලයක් අයිනෙ වාඩිවෙලා හෙට්ටිපොළ දක්වා යන්න, අතිශය සුන්දර අත්දැකීමක් ලබා ගන්න පුළුවන්” කියලා. අන්න ඒ සඳහන් වුණු මාර්ගය තමයි මාතලේ සිට රිවස්ටන් හරහා හෙට්ටිපොළ දක්වා දිවෙන මේ මාර්ගය.

මේ රිවස්ටන් හරහා මාතලේ හෙට්ටිපොළ මාර්ගයේ ගමන් ගන්න ඕනම කෙනෙක්ට ශ්‍රී ලංකාවේ තියෙන සුන්දරත්වය විතරක් නෙවෙයි දේශගුණික කලාප කීපයක් හරහා ගමන් කරන්න පුළුවන්. විටෙක මීදුමෙන් පිරුණු පෙනෙන තෙක්මානය දක්වා නිල්වන් දුම්බර කඳුකරය මැදින්. තවත් විටෙක වියළී ගිය වන ලැහැබවල් මැදින්, කුඩා දිය කඩිති, තේ වතු , දිය ඇලි, ජල දහරා, වෙල් යායවල් මැදින් අතිශය සුන්දර ගමනක ආශ්වාදයක් මෙහි සංචාරය කිරීමෙන් ඔබට ලබාගැනීම හැකිවේ.

එක් පසෙකින් නකල්ස් රක්ෂිතයත් දුම්බර කඳු පන්තියේ මානිගල පෙරටු කරගත් දැවැන්ත කඳු වන මැද යෝධයින් සේ බලා සිටිමින් නකල්ස් රක්ෂිතයට අමුතුම සුන්දරත්වයක් එකතු කරයි.

රිවස්ටන් පසුකර පිටවල ගම්මානය දක්වා ගිය විට රිවස්ටන්හි ඇති කුඩා වැව් දෙකක් හමුවේ. රිවස්ටන් සංචාරය කරන බොහෝ දෙනෙක් මේ පිළිබඳව නොදනී. පිටවල සහ ඇටන්වල ගම්මාන නකල්ස් රක්ෂිතයට මායිම්ව වෙල් යායවල් මැදිකරගත් සුන්දර දර්ශන ගම්මානයක සිරියාව මැනවින් පෙන්නුම් කරන අතර මේ පරිසර කලාපයට අමුතුම සුන්දරත්වයක් එකතු කරයි.

රිවස්ටන්හි ඇති පිටවල පතන හරහා ගමන් කොට ලංකාවේ ඇති ලෝකාන්තවලින් ප්‍රසිද්ධ ලෝකාන්තයක් වන පිටවල පතනේ පුංචි ලෝකාන්තය දැකගත හැකි වේ. තව දුරටත් රිවස්ටන්හි සිට හෙට්ටිපොළ මාර්ගයේ ඉදිරියට ගියවිට සුන්දර සේර ඇල්ල, වැද්දාපැනි ඇල්ල මෙන්ම තෙල්ගමුව ඔය ආසියාවේ කුඩාම ගම්මාන වන රෙඩ්බානා, සහ ඇටන්වල හරහා ගොස් අතහැර දැමූ වල්පොලමුල්ල ගම්මානයද නැරඹිය හැකි වේ. ඇටන්වල සහ රඹුක්ඔලුව ගම්මානවලින් සුන්දර නකල්ස්වලට පිවිසීමේ සුප්‍රසිද්ධ මංපෙත් දෙකක් පිහිටා ඇත. ඒ හරහා ගොස් නකල්ස් වනයේ ඇති සුප්‍රසිද්ධ දූවිලි ඇල්ල, අනන්ත තටාකය සහ දුම්බර ඇලි දුම්බර කඳුපන්තිවල, නකල්ස් වනයේ සුන්දරත්වය විඳගත හැකිවේ. නමුත් රඹුක්ඹලුව ගම්මානය මේ වන විට කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් නුදුරේදීම අපට අහිමි වන තවත් සුන්දර ගම්මානයක් බවට ඉතිහාසයට එක් වනු නොඅනුමානය.

පහුගිය මාස කීපයක කාලය තුළ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරකයින්ගෙන් හිස්වූ හුදකලාව තිබූ මේ පරිසර කලාපය ඉදිරියේදී කුමන අතකට යයිද යන්න ඉතා කෙටි කාලයකදී මෙම පරිසර කලාපය ආශ්‍රිතව ඉදිවෙමින් පවතින ගොඩනැගිලි දකින ඕනම කෙනෙක් හට පැහැදිලිව තේරුම් ගැනීමට හැකිවේ.

ශශින් විජේතුංග

SendShareShare
Previous Post

උද්ඝෝෂණ අයිතිය මම පිළිගන්නවාඃ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Next Post

ඩොලර් යවන්න බැරුව පිටරට ‌ඉගෙන ගන්න යන්න ඉන්න ළමයි අමාරුවේ!

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.