ජපානය ඇතුළු විදේශ රටවල උසස් අධ්‍යාපනය සඳහා අයදුම් කර වීසා බලපත්‍ර ලැබී ඇති සිසුසිසුවියන් පාඨමාලා ගාස්තු ගෙවීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින බව දැනගන්නට ඇත.
ඊට හේතු වී ඇත්තේ බැංකු විසින් තාවකාලිකව විදෙස් රටවලට මුදල් යැවීම නතර කිරීමය.
එමෙන්ම නිසි වෙලාවට පාඨමාලා ගාස්තු ගෙවීමට නොහැකි වීමෙන් මෙම වීසා බලපත්‍ර අවලංගු වීමේ අවදානමක් ද පවතින බව එම සිසුවියන්ගේ දෙමව්පියෝ පවසති.