• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකාවේ හමුදා විදෙස් රටවල් අල්ලපු හැටි

October 5, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලංකාවේ හමුදා විදෙස් රටවල් අල්ලපු හැටි
Share on WhatsAppShare on Facebook

ඉතිහාසයේ වැඩි වශයෙන් මෙරටට විදේශ ආක්‍රමණ සිදුවූ බව අප ඉතා හොඳින් දනිමු. ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ඇරඹෙන එකී ආක්‍රමණ අතුරින් වැඩි අවස්ථා ඇත්තේ දකුණු ඉන්දීය ආක්‍රමණ සඳහාය. එපමණකුදු නොව 16 වැනි සියවසේ මුල් භාගයේදී බටහිර ජාතීන්ද අපේ රට ආක්‍රමණය කර ඇත. ශ්‍රී ලංකාව යනු කුඩා දූපතකි. මුහුදින් වටවී තිබීම නිසාත් කිසිදු රටක් හා සබැඳී නැති නිසාත් අතීතයේ සිට අනන්‍යතා ලක්ෂණවලින් පිරිපුන්ව මෙහි සමස්ත අංශ නියෝජනය වී ඇත. එහෙත් මීට බොහෝ බලපෑම් කළ ප්‍රධාන කරුණක් ලෙසින් ඉහතින් දැක්වූ විදේශ ආක්‍රමණ හඳුන්වා දිය හැකිය.

විදේශිකයන් අපේ රට අල්ලා ගත් ආකාරයෙන්ම අපේ රජවරුන් ද විදේශ රාජ්‍යයන් අල්ලා ගත් බවට කදිම සාක්ෂියක් මෙමගින් ඉදිරිපත් කෙරේ. මෙකී ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනුයේ පොළොන්නරු යුගයේදී රාජ්‍ය විචාල පළමුවැනි පරාක්‍රමබාහු රජතුමාය. නාමයට ගැළපෙන මනා පෞරුෂයක් හා එඩිතර බවක් තිබූ ඔහුගේ රාජ්‍ය පාලනය සැබැවින්ම ගරු ගාම්භීර විය.

රටෙහි ආර්ථික අංශය දියුණු කිරීම මගින් සංවර්ධන කටයුතු සාර්ථක කරගත හැකි බව හඳුනාගත් රජතුමා දේශීය වශයෙන් කෘෂි ආර්ථිකය නංවාලීම සඳහා සුවිශාල මෙහෙවරක් සිදු කළේය. වාරිමාර්ග පද්ධතිය ක්‍රමානුකූල ලෙසින් සකස් කළ එතුමා ‘අහසින් වැටෙන එකදු ජල බිඳක් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයැවිය යුතුය ’යන ප්‍රස්තූතයෙන් කටයුතු කළ බව පැහැදිලිය. දේශීය වශයෙන් කෘෂි ආර්ථිකය පමණක් නොව විදේශීය වෙළෙඳපොළද දියුණු කිරීම පැරකුම්බා රජුගේ අභිප්‍රාය විය. මේ කාලයේ දී ශ්‍රී ලංකාව හා බුරුමය අතර පැවැතියේ දැඩි මිත්‍රත්වයකි. එහෙත් වෙළෙඳ කටයුතුවලදී බුරුමයෙන් නොයෙකුත් බාධා ඇතිවන්නට විය. එකී බාධා නිසා මෙතෙක් දේශපාලනික වශයෙන් පැවති සුහදතාව ද පලුදු වන්නට විය.

මෙකී වෙළෙඳ කටයුතුවලදී ඇති වූ අක්‍රමිකතා නිසා බුරුම දේශයේ දකුණු ප්‍රදේශය හෙවත් ‘අරමණ දේශය, රාමඤ්ඤ දේශය’ නමින් හැඳින්වෙන ප්‍රදේශය ආක්‍රමණය කිරීමට පැරකුම්බා රජුට සිදුවිය. මෙකී ආක්‍රමණය සිදු වූයේ ඔහුගේ රාජ්‍යත්වයෙන් වර්ෂ 11ක් පමණ ඉක්මගිය විටදීය. එනම් ක්‍රිස්තු වර්ෂ 1164-65 කාලයේදීය. මෙම ආක්‍රමණය සඳහා මුඛ්‍ය හේතු රාශියක් වංශකතාවල දැක්වේ. විශේෂයෙන්ම මෙරට සිට රාමඤ්ඤ දේශයට ගිය දූතයකුගේ වදන් නිසා රජුගේ සිත පෑරී මෙරටින් ගිය ඇත් වෙළෙඳුන්ට අවමන් කිරීම හා වෙළෙඳ කටයුතුවලදී බාධා පැමිණවීම වැදගත්ම කරුණකි. මේ කාලයේ දී බුරුම දේශයේ මෙකී රාමඤ්ඤ දේශයේ පාලකයා වශයෙන් කටයුතු කළේ ‘අලවුංසිතු’ නමැත්තාය. මෙරටින් ගිය වෙළෙඳුන්ට හිරිහැර කිරීම පමණක් නොව මෙතෙක් සම්ප්‍රදායක් වශයෙන් පවත්වාගෙන ආ මෙරටින් යන වෙළෙඳුන්ට සෑම අවස්ථාවකදී එක් නැවකට එක් ඇතකු බැගින් තෑගි කිරීමේ කටයුත්තද නවතාලූ අතර ලාංකික නැව්වලට විකුණන ඇතුන්ගේ මුදලද කිහිප ගුණයකින්ම වැඩි කළේය.

එපමණක්ම නොව මෙරටින් ගිය නැව්වලට එකී දේශයට අයත් මුහුදු කලාපයේ නැංගුරම්ලෑමද තහනම් කළේය. මෙරටින් ගිය සංස්කෘතික තානාපතිවරුන්ට ද හිරිහැර හිංසා කිරීමට තරම් රජු සැහැසි විය. ඔවුන් ගිය නැව ආපසු එවීමේදී සිදුරු කොට එවූ බව කියැවේ. කාම්බෝජ දේශයට යැවූ රාජ කුමාරියක සහිත නෞකාව රාමඤ්ඤ දේශයේදී සිරභාරයට ගත් බව ද වාර්තා වී තිබිණි. ඒ නිසා වහාම රාමඤ්ඤ දේශය ආක්‍රමණය කිරීමට පරාක්‍රමබාහු රජු තීරණය කළේය.
මෙම ආක්‍රමණය සඳහා මාස පහකට අධික කාලයක් සූදානම් වූ බවත් භට හමුදාව ශක්තිමත් කළ බවත් වංසකතාවල දැක්වේ. අවි ආයුධ පමණක් නොව මුහුදු ගමනේ දී ඇතිවිය හැකි ලෙඩ රෝග සමනය කිරීම පිණිස වෛද්‍යවරුන්ද මේ ගමනට සූදානම් කළ බව කියැවේ. දමිළාධිකාරී ආදිච්ච, කිත්ත නගරගිරි යන දෙමළ සෙන්පතියන් දෙදෙනාගේ ප්‍රමුඛත්වයෙන් මෙකී ආක්‍රමණය සඳහා ලංකාවේ උතුරේ පිහිටි පල්වක්කි නමින් හැඳින්වෙන ස්ථානයෙන් නැව් නැඟුණු බවත් රාමඤ්ඤ දේශයේ පප්ඵාලම් නම් වරායට ගොඩබැස උක්කම නගරයට සේන්දු වුණු ආකාරයත් කියැවේ. මුහුදු ගමනේදී බොහෝ විපත්වලට ලක්වුවද ඉතා හොඳ, ශක්තිමත් යුධ භටයන් පිරිසක් සිටි නිසා රාමඤ්ඤ දේශයට පය තැබීමට හැකි විය. මෙසේ බළඇණියක් රාජමාලිගාවට ඇතුළු වී රජු ඝාතනය කළ බව අපගේ වංසකතා සඳහන් කළ ද එරටේ ඉතිහාස ග්‍රන්ථයන්හි එවැනි කරුණක් සඳහන් වන්නේ නැත.

මේ කාලයේදී බුරුම දේශය සහ ලංකාවේ භික්ෂු සංස්ථාව අතර පැවති සමීප සබඳතාව නිසා එකී ආක්‍රමණය ඇති වුණු අවස්ථාවේ එය සමනය කිරීමටත්, දේශපාලනික ආර්ථික වශයෙන් පැවති නොහොඳ දුරුකිරීම උදෙසාත් මූලිකත්වය ගෙන කටයුතු කළේ භික්ෂුන් වහන්සේලාය. මේ නිසා පෙර පැවැති මිත්‍රත්වය යළිත් වතාවක් ස්ථාවර කරගැනීමට හැකියාව උදාවිය.
මෙම සිදුවීම සනාථ කරනුවස් ලියැවුණු ශිලාලේඛනයක් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙවනගල නම් ප්‍රදේශයෙන් හමුවේ. එහි දැක්වෙන්නේ මෙකී රාමඤ්ඤ දේශය ආක්‍රමණ කිරීම සඳහා මූලිකත්වය ගත් කිත්ති නගරගිරි හෙවත් නුවරගල් සෙන්පතියා එහි දී කළ සේවය අගැයීමයි. ඔහුට ප්‍රසාද දීමනාවක් වශයෙන් ඉඩම් පවරාදීමක්ද සිදු කර ඇති බව කියන මෙකී ශිලා ලේඛනය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්කමක් උසුලයි. කෙසේ නමුත් මෙකී කරුණින් පැහැදිලි වන්නේ අපගේ අතීත යුධ ශක්තියේ ස්ථාවරත්වයයි.

රාජකීය පණ්ඩිත පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

ග්‍රීන්වේ ඒජන්සීස් හට MASSCO ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මානය

Next Post

රාවණාටත් ඉන්න හිතුණු තැන

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට 2013 වස­රේදී යානා දහ­ය­කින් සම­න්විත ගුවන් බල­ඇ­ණි­යක් මිලදී ගැනී­මේදී යුරෝ­පීය ගුවන් සමා­ග­ම­කින් අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2ක...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.