• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

අලිත් බලලා බලිත් බලන එක දවසට කදිම ගමන

July 8, 2021
in Holiday
Reading Time: 1 min read
A A
අලිත් බලලා බලිත් බලන එක දවසට කදිම ගමන
Share on WhatsAppShare on Facebook

කොළඹ අගනගරයේ සිට පැය දෙකක වැනි කාලයකින් පැමිණ පවුලේ සැමට විනෝදාස්වාදය, අත්දැකීම් හා දැනුම් සම්භාරයක් ලබාගත හැකි ස්ථානයක් ලෙස පින්නවල හඳුන්වාදිය හැකිය. ඔබ දුම්රියෙන් රඹුක්කනට පැමිණ එන්නේ නම් කිලෝමීටර් දෙකක් රඹුක්කන සිටද, බසයෙන් හෝ පෞද්ගලික වාහනයකින් පැමිණෙන්නේ නම් කොළඹ නුවර A1 මාර්ගයේ 82km කණුව අසලින් හැරී තවත් කිලෝමීටර කිහිපයක් පැමිණීමෙන්ද පින්නවලට ළඟා විය හැක.

වර්තමානයේ පින්නවලදී දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත් අලි අනාථාගාරයට අමතරව, සත්වෝද්‍යානයක් සහ ඉපැරැණිගමක්ද නැරඹිය හැකි වේ.

වර්ෂ 1975 හෙක්ටයාර 9ක භූමිභාගයක අලින් 7දෙනෙකුගෙන් පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර ඇත. වර්තමානය වනවිට දෙස්විදෙස් සංචාරකයන්ට අලිඇතුන් පිළිබඳ අධ්‍යාපනික හා සුවිශේෂ තොරතුරු ලබාගත හැකි මධ්‍යස්ථානයක්ද මෙහි පවතී. උදෑසන 8.30 සිට සවස 6 දක්වා සංචාරකයන්ට පැමිණ නැරඹිය හැකි අතර ලංකාවට විදේශ විනිමය ලබාදෙන සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්විය හැක.

ස්වභාවික හේතු නිසා කුඩා කලදී අනාථභාවයට පත්වීම, මව් ඇතින්න හෝ කෙණෙර මියයාම, මිනිසුන්ගේ අකාරුණිකභාවය හා කෲර ක්‍රියාකාරකම් නිසා අනාථභාවයට පත්වූ ලෝකයේ ඇති දැඩිවන විශාලතම අලි රංචුවේ නිවහන ලෙස පින්නවල වැදගත්වන අතර විවිධ වයස් ප්‍රමාණයන්ගේ විවිධත්වයෙන් යුතු අලින් එකම තැනකදී දැකගත හැකි ස්ථානය ලෙස සුවිශේෂ වේ.

අලි පැටවුන්ට කිරි ලබාදීමට හා අනික් අලි ඇතුන් පෝෂණය කිරීමට උදෑසන 9.15, දහවල් 1.15, සවස 5 ලෙස වෙලාවල් යොදාගනී. මාඔයේ අලින් නෑවීමට කොටස් කීපයකට උදේ 10ටත්, සවස 2ටත් අලින් ගෙනයනු ලැබේ. පැය එකහමාරක පමණ කාලයක් අලින්ට උවමනා පරිදි ජලයේ සිටීමට ඉඩදී ඇත්ගොව්වන් විසින් ඔවුන්ව නාවනු ලබයි. ජලයට වඩා ප්‍රිය කරන ඔවුන්ට දිවා කාලයේදී දැනෙන උෂ්ණත්වය ඉන් අවම කරගැනීමට උපකාරී වන බව කියැවේ.

අනාථාගාරය තුළදී, සෑමවිටම අලි ඇතුන්ගෙන් ඈත්වී සිටීම, අවදානම් ප්‍රදේශ වෙත ඇතුල්නොවී සිටීම, අලිඇතුන්ට කිසිවිටෙක බාධා නොකිරීම, සුරතල් සතුන් අනාථාගාරය තුළට ගෙන ඒමෙන් වැළකීම, දුම්පානය හා ශබ්ද කිරීමෙන් වැළකීම සංචාරකයන්ගේ වගකීම වේ. විතැන් සංරක්ෂණයෙන් අනාථ අලින් රැකගබලාගන්නා පින්නවල අනාථාගාරයේ සේවාවන් ලෙස අනාථ අලි ඇතුන් ආරක්ෂා කිරීම, අලි ඇතුන් වඳ වී යාම වැළැක්වීම, සංචාරක මධ්‍යස්ථානයක් වශයෙන් වැදගත් වීම හා රටට විදේශ විනිමය ලබාදීම, සෘජු හා වක්‍රව රැකියා අවස්ථා හිමිකර දීම, අලි ඇතුන් බෝකරන මධ්‍යස්ථානයක් ලෙස ,අධ්‍යාපනික වශයෙන් පර්යේෂණ සඳහා දායක වීම, සතුන් සංරක්ෂණ පිළිබඳව මහජන ආකල්ප වැඩිදියුණුව, ජීවී කෞතුකාගාරයක් හා පර්යේෂණාගාරයක් ලෙස අන් රටවලටද ප්‍රයෝජනවත් වීම දැක්විය හැක.

පින්නවල එළිමහන් සත්වෝද්‍යානය අලි අනාථාගාරය අසලම පවතින මෙරට ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානයයි. අක්කර 44ක භූමිභාගයක ඉදිවූ ක්ෂීරපායින් හා පක්ෂීන් ඇතුළත් 2015 අප්‍රේල් 17 දින විවෘත කරනු ලැබූ ලංකාවේ දෙවන සත්වෝද්‍යානයයි. දිවියන් 6 දෙනෙකු වාසභූමිය කරගත් දිවි අරණ මූලික කර ගෝනුන් මුවන් ආදී සිව්පාවුන් හා පක්ෂීන් විශාල ප්‍රමාණයක් මෙහි රංචු වශයෙන් නිරීක්ෂණය කළ හැක. කිඹුල් අරණද මෙහි තවත් අංගයකි. ඊට අමතරව සමනල අරණ නමින් සමනලුන්ගේ ජීවන රටා අධ්‍යයනය කිරීමට කලාපයක්ද මෙතුළ පිහිටුවා ගෙනයනු ලැබේ. ඔවුන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමට උදෑසන 8.30 සිට සවස 6 දක්වා කාලය සංචාරකයන්ට ලබාදී තිබේ.

ප්‍රාග් ඓතිහාසික යුගයට නෑකම් කියන සබරගමුවේ 17, 18 සියවස්වල පැවති අතීත ජන උරුමය මතුපරපුරට දායද කිරීමේ අරමුණ පෙරදැරිකරගෙන මා ඔය අද්දර පින්නවල ඉපැරැණි ගම ඉදිවී තිබේ. ඉපැරණි සබරගමු ගැමි සමාජයේ සැරිසැරීමට අවස්ථාවක් සලසා දීමට සබරගමු පළාත් සභාව විසින් මෙය ඉදිකිරීමෙන් බලාපොරොත්තු වී ඇත. වෙද ගෙදර, ආරච්චිලාගේ ගෙදර, ගොවි ගෙදර, කුඹල් ගෙදර, අත් යන්ත්‍ර රෙදිපිලි ගෘහය, කම්මල, වඩුමඩුව, කෝපි කඩේ, පන්සල, වැව, හේන දඩුයැට, ගස මත පැල, කෙත් යාය, කමත, වීබිස්ස, තෙලිඟු ජනාවාස කූඩාරම හා එළිමහන් රඟහල වැනි ස්ථාන රැසක් මෙහි අන්තර්ගත වේ. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ගමක් අත්දකිමින් දේශීය වෛද්‍ය ප්‍රතිකාර, සම්ප්‍රදායික ආහාරපාන, වීඩියෝ ටෙලිනාට්‍ය දර්ශන තල, සංස්කෘතික වැඩසටහන්, බෝට්ටු පැදීම ඇතුළු මා ඔය ආශ්‍රිත ජල ක්‍රීඩා මෙහි ඇතුළත්ය.

සබරගමු පළාත් සංචාරක අමාත්‍යාංශයේ මගපෙන්වීම මත ක්‍රියාත්මක වන පින්නවල සංචාරක කලාපයට පැමිණීමෙන් කාර්යබහුල ජීවිතයෙන් වෙන්වී වෙනස්ම අත්දැකීම්වලට මුහුණ දිය හැකි වටපිටාවක් නිර්මාණය කරගත හැකිවේ.

අකිල දහනායක

SendShareShare
Previous Post

දයාසිරි පඬුවස්නුවරදී පොහොට්ටුවට පාඩමක් උගන්වයි!

Next Post

බැසිල් නිසා රෝහිත-සබ්‍රි මාරුවෙයි!

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.