ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන ආසනය වන පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කළ සභාපතිවරයා වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කරන ලද සභාපතිවරයෙක් පත් කර ගැනීමට පියවර ගෙන ඇත.
ADVERTISEMENT
එම සභාව සදහා සභාපතිවරයකු තෝරා පත්කර ගැනීමට අද පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කරන ලද අපේක්ෂකයා පරාජයට පත්ව ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව නව සභාපතිවරයෙක් සභාවට පත් කරගෙන ඇත.