• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කලා ලෝකයේ නැන්දම්මලා ලේලිලා – බෑණලා ගැන කියන කතා

October 3, 2019
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

කලා ලෝකයේ කවුරුත් දන්න තරු රැසක් මේ වෙද්දි ලේලීලාගේ, බෑණලාගේ ආදරය, ගෞරවය ලබන්නට වාසනාවන්ත වෙලා. ඉතින් අපිට හිතුණා මේ කාරණාව ගැන කලා ලෝකේ ජනප්‍රිය නැන්දම්මලාගෙන් අහලා බලන්න. ඒ අනුව අපි කිහිප දෙනකුටම කතා කළා. බලන්නකෝ තරු නැන්දම්මලා තම ලේලිලා, බෑණලා ගැන කියන්නෙ මොනවද කියලා.

එයා බෑණා කෙනෙක් නෙමෙයි අපේම පුතෙක්
සුසන්තා චන්ද්‍රමාලි

මගේ දුව රටම දන්න මැණිකක්. ඉතින් මගේ දුව බැඳලා අවුරුද්දක් ගතවුණා. හැබැයි වසරක් ගතවුණා කියන එක මට ලොකු කාලයක් නෙමේ. මොකද තිසුරිත්, පුතාත් පොඩි කාලේ ඉඳලම එකට හැදුණු වැඩුණු අය. එයාගේ මවුපියන් පවා අපි සමඟ හොඳට හිතවත්. ඉතින් පුතාගේ ගතිපැවතුම් ගැන ඒ පුතා පොඩි කාලේ ඉඳලම මම දන්නවා. අපේ පවුලේ අයත් එක්ක ළගින්ම ඇසුරු කළ පිරිසක් තමයි ඒ පුතාලා.
ඉතින් දුවට ගැළපෙන හොඳ දරුවෙක් ලැබුණා. පුතා අපිට බෑණා කෙනෙක් නෙමේ අපේම දරුවෙක්. මම දුවව ඇස් දෙක වගේ බලාගත්තේ. ඇයට දක්වපු ආදරය, සෙනෙහස පුතා දැක්කා. ඉතින් මම බලාගත්තාටත් වඩා මගේ දුවව හොඳට බලාගන්නවා. එයයි මගේ සතුට. මම ප්‍රාර්ථනා කළේ මගේ ඇස් දෙක පියවෙන්න කලින් මගේ දුවට හොඳ සැමියෙක් ලැබෙන්න කියලා.
ඉතින් මගේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙලා මම ඉන්නේ ගොඩක් සතුටින්. ජීවිතය කියන්නේ අමුතු දෙයක්. අද ඉන්න කෙනා නෙමේ හෙට ඉන්නේ. මේ හැම දේම සිදුවෙන්නේ අපේ දෛවය අනුව තමයි. ඉතින් මගේ දුවට හොඳ සැමියෙක් ලැබුණා. අපේ පවුලට තවත් පුතෙක් ලැබුණා. මම හිතන්නේ පුතා දෙවියන් අපට දුන්න තෑග්ගක් කියලා. මගේ දරුවන් දෙන්නාව හැමදාමත් සතුටින් තියන්න කියලා මම හැමදාමත් ප්‍රාර්ථනා කරනවා.

එයා මගේම දරුවෙක් වගේ
කුසුම් රේණු

කලා ක්ෂේත්‍රයටම තවත් ආදර්ශයක් වුණු කැදැල්ලක් තමයි ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ කැදැල්ල. ඉතින් මේ කැදැල්ලේ පුංචි කිරිල්ලියො දෙන්නෙක් ආදරණීය මවුපියන් යටතේ හැදී වැඩී උස්මහත් වුණා. ඉතින් ශ්‍රියන්තගේ ලොකු දුව බැඳලා කාලයක් ගෙවුණත් පුතකුගේ අඩුව පුරවපු ශාන් ගැන කුසුම් කතා කළේ හරියට ඔහුගේ දරුවකු මෙන්ය. අපේ ගෙදර ගැහුනු ළමයිම ඉන්න පවුලක්. මගේ දුවලා දෙන්නව අපි හොඳට හැදුවා. ඉතින් ලොකු දුව බැඳපු පුතා මගේ ගෙදර මගේම දරුවෙක් වුණා. මගේ දරුවන්ට පියෙක් වගේ හොඳ සැමියෙක් වුණා. මට එය ලොකු සතුටක්. පස්සේ මමත් වගකීම්වලින් නිදහස් වුණා. ඔහු අපට ශක්තියක් වුණා. පුතාගේ වැඩත්, ගෙදර වැඩත් සමබර කරගෙන දරුවන් සමග ලස්සනට ජීවත් වෙනවා දකිනකොට අපිට ඉතින් එයට වඩා සතුටක් නෑ.

මට ගොඩක් ආදරෙයි
මානෙල් වානගුරු

මගේ පොඩි පුතා හරිම සංවේදී පාඩුවෙ ඉන්න කෙනෙක්. කවදාවත් හිතුවක්කාර වැඩක් කරන්නේ නැහැ. ගෙදර හුරතලේටම හැදුණා. ඉතින් පුතා යාළුවෙලා අවුරුදු හතරක් විතර වෙනවා. දුලාංජලී දුව විදේශගතවෙලා ඉඳලා මගේ උපන්දිනයට මල් කළඹක් සමඟ කේක් එකක් එවලා තිබුණා. පුතා තමයි මට කිව්වේ අම්මේ මම යාළුවෙලා ඉන්න කෙනා එවලා තියෙන්නේ අකමැත්තක් නැත්නම් කතා කරලා බලන්න කියලා. දුලංජලී දුව අවුරුදු 28ක් විතර එංගලන්තයේ හිටියේ. ඉතින් මම බලාපොරොත්තු වුණ දුවෙක් මට ලැබුණා. මගේ පුතාව ඇස්දෙක වගේ බලාගන්න බව මට විශ්වාසයි. ඒ වගේම මමත් ආදරෙයි. ඉතින් දුව එක්ක වැඩි කාලයක් අපිට ඉන්න වෙන්නෑ. එයාලා විදේශගත වෙනවා. පොඩි පුතාට හොඳ දුවෙක් ලැබුණ වගේම ලොකු පුතාටත් හොඳ දුවෙක් ලැබෙනකම් බලාගෙන ඉන්නවා.

වඳින්න පුළුවන් නම්
මමත් වඳිනවා
කුමාරි මුණසිංහ

ජැක්සනුත් මමත් ආදරේ කරලා බැන්දේ. අපේ ආදරය ඉතාමත් සුන්දරව ගතකළා. මුල ඉඳලම පවුල කියන පසුබිමට අපි දෙන්න විශේෂත්වයක් දැක්වූවා. ඉතින් අපි දරුවෝ හැදුවා. දරුවන්ටත් අපි හොඳ දේ කියලා දුන්නා. ඉතින් අපි හැමෝගෙම පුදුමාකාර බැඳීමක් තිබුණේ.
තුන්දෙනාම බඳින්න කාලය එළැඹෙන වයස ළංවෙද්දිත් අපි දේපොළ බැලුවෙ නැහැ. බැලුවේ උගත්කම වගේම ඒ පවුල් එක්ක ඒ දරුවන් තියෙන සම්බන්ධතාවයයි. ඇත්තටම අපේ පවුලට ගැළපෙන ලේලිලා දෙන්නෙකුයි, මට බෑණෙකුයි ලැබුණා. දැන් මම දරුවෝ හයදෙනෙක්ගෙ අම්මා කෙනෙක්. ඒ දැනෙන සතුට මට කියන්න වචන නැහැ. ඒ දරුවන්ගේ මවුපියන්ට වගේම අපිටත් හොඳට සලකනවා. ඒ දරුවන් මොනවා කරන්න ගියත් ජැක්සන්ගේ ගුරුහරුකම් ඇතිව තමයි කරන්නේ.
අද වනතුරු අපිට පාළුවක් තනිකමක් දැනිලා නැහැ. පොඩි පුතා සජිත් නැති එක වෙලාවකට මට දුකක් දැනෙනවා. මොකද පොඩි පුතා මම එක්කම හිටිය නිසා. මේ බැඳීම සංසාරගත බැඳීමක්. සංසාරගත සැලැසුම් මත තමයි අපි මේ හමුවෙලා තියෙන්නේ. ලේලිලා දෙන්නාගෙන් මම බලාපොරොත්තු වුණේ මගේ දරුවන්ට අම්මා කෙනෙක් වෙනවා දකින්නයි. මගේ ලේලිලා දෙන්නා මට සලකනවා. මමත් ගොඩක් ආදරෙයි. වඳින්න පුළුවන් නම් මමත් වඳිනවා මගේ ලේලිලා දෙන්නාට. ඒ අය කරන කැපවීම මම දකිනවා. මම වාසනාවන්ත අම්මා කෙනෙක්. මගේ දරුවොත් වාසනාවන්තයි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මෛත්‍රි එජාපෙ ‌වේදිකාවට නැග්ගොත් රං‌ගේ-‌ෆොන්සේකා එජාප ජන්ද ‌වේදිකාවට නෑ

Next Post

සජිත් ජනපති-රනිල් අගමැති කරන එජාප විශේෂ සමුලුව අද

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.