කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ COVID-19 එන්නත්කරණ මධ්‍යස්ථානවල භාවිතය සඳහා ලැප්ටොප් පරිගණක 20ක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය (Port City Colombo) පසුගියදා කටයුතු කළේය.
සී.එච්.ඊ.සී. පෝට් සිටි කලම්බු (CHEC Port City Colombo) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හවුලියැං මහතා විසින්, පසුගිය 17 වැනිදා, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය වෙත මෙම ලැප්ටොප් පරිගණක තොගය මහ නගර සභා පරිශ්‍රයේදී භාරදෙන ලදී.
මුළු රටම COVID-19 වසංගතයට එරෙහිව සටන් වදිමින් සිටින අවස්ථාවක ඊට සහය වෙමින් කොළඹ වරාය නගරය සිදුකරන ලද මෙම පරිත්‍යාගය නගරාධිපතිනියගේ නොමඳ ප්‍රශංසාවට ලක්විය. ඇය පෙන්වා දුන්නේ මෙම ලැප්ටොප් පරිගණක, එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින නිලධාරීන්ගේ රාජකාරි සඳහා අත්‍යාවශ්‍ය උපාංගයක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ජියැං හවුලියැං මහතා, පසුගිය අප්‍රේල් මාසයේදී කොළඹ වරාය නගරයේ ශ්‍රී ලාංකික හා චීන ජාතික සේවක සේවිකාවන් සඳහා COVID-19 එන්නත ලබාදීමේදී දක්වන ලද සහයෝගය වෙනුවෙන් නගරාධිපතිනියට හා ඇයගේ කාර්ය මණ්ඩලයට සිය ස්තුතිය පළ කළේය.











