• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දිඹුලාගල පුදබිමේ පිටසක්වළ ගනුදෙනු…

June 17, 2021
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
දිඹුලාගල පුදබිමේ පිටසක්වළ ගනුදෙනු…
Share on WhatsAppShare on Facebook

කටාරම් සහිත ලෙන් 500ක්…
රාත්‍රියට අද්භූත ආලෝක ධාරා…

දිඹුලාගල යැයි කියූ පමණින්ම එක්වරම අපේ සිහියට නැගෙන්නේ මහරහතන් වහන්සේලා දහස් ගණනක් වැඩසිටි බවට ඓතිහාසික තොරතුරු ඇති ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයයි. මෙම ඓතිහාසික හේතුව නිසාම අදටත් ලෝකයේ බෞද්ධ ජනතාවගේ මහත් කීර්තියට හා වන්දනීයත්වයට පත් සුවිශේෂී ආරණ්‍ය සේනාසනයක් ලෙස මේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අවිවාදයෙන්ම අද සඳහන් කළ හැකිය. එම නිසාම මෙම සොයාබැලීම දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඓතිහාසික කතාව ගැනය. මෙය එතරම් වටිනා කතාවකි.

එදා ඈත අතීතයේ සිටම දුමරක්ගල පබ්බතය මෙන්ම උදුම්බරගිරි නමින් හඳුන්වා තිබෙන ඉතා දිගු ඉතිහාසයක් තිබෙන ඓතිහාසික පුලතිසි පුරවරයට ආලෝකයක් බඳු වූ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන්නේ අපවත් වී වදාළ මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර සංඝ පීතෘවරයාණන් වහන්සේය.

ඒ බව අනිවාර්යයෙන්ම මෙහිදී මතක් කළ යුතුය. දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ආරම්භ කිරීමට පෙර මෙම කඳු පාමුල මෙන්ම අවට ලෙන්වල ජීවත්වූයේ ආදිවාසීන් බව සඳහන්ය. අප සොයාගත් තොරතුරුවලට අනුව එදා සිටිය ආදිවාසී නායකයාගේ වාසභවන වූයේ වර්තමානයේ බෞද්ධ ජනතාවගේ සාධුකාරයට මෙන්ම වැඳුම්පිදුම්වලට ලක්වන බුද්ධ මන්දිරය පිහිටි ගල් ලෙනය. එය නම් මෙහිදී සුවිශේෂී කාරණාවකි.

ඉහත කී මේ ඓතිහාසික කරුණු කාරණාවලට අමතරව අතීත රජ දවස භාෂාවන් දහඅටක් ඉගැන්වූ වටිනා ස්ථානයක් ලෙස සලකන ඓතිහාසික නාමල් පොකුණ රජමහා විහාරස්ථානය පිහිටා ඇත්තේද මේ දිඹුලාගලය. ඒ, දිඹුලාගල කඳු වළල්ල මධ්‍යයේය. මේ ලෙසින් අතීතයේ මෙන්ම වර්තමානයේ විවිධ වටිනා සිද්ධි සමග දිඹුලාගල ආරණ්‍ය සේනාසනය හා බැඳී පවතියි. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වත්මන් සමය වෙනවිට මහා පින්බිමක් බවට පත්වී තිබේ. පුන් පොහෝ දිනෙක දිඹුලාගල වැඳපුදාගැනීමට ගියොත් ඔබටම එහි ඇත්ත නැත්ත තේරුම්ගත හැකිය.

ඓතිහාසික අතින් වැදගත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වටා අපූරු කතා රැසක්ම සැඟවී ඇත. ඒ අතරින් බොහොමයක් අදටත් ඇත්තේ සැඟවීය. මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නා හිමියන් හෙවත් අපේ මිනිසුන්ට හුරු ‘දිඹුලාගල අපේ හාමුදුරුවෝ’ වත්මන් සෙනසුන සොයාගන්නා විට එහි ජීවත් වූ ආදිවාසී පරපුරෙන් කිහිපදෙනකුම මෙහි මහණදම් පුරා ඇති බව ප්‍රසිද්ධ රහසකි. මිල්ලානේ සිරියාලංකාර හිමියන්ද ඒ අතරින් සුප්‍රසිද්ධ වූ එක් හිමිනමකි.

උන්වහන්සේ එවකට එහි සිටි ආදිවාසී නායකයාගේ දරුවෙකි. ඒ දරුවා පැවිදි බව ලබන්නේ එවකට මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන් අතිනි. 1965 ජූනි මස පොසොන් පොහෝ දින දිඹුලාගල ආරණ්‍ය සේනාසන ඉතිහාසයේ වැදි දරුවකු පැවිදි බවට පත්කිරීමේ ශාසනික ගෞරවය අදටත් මිල්ලානේ සිරියාලංකාර නාහිමියන්ට හිමිවන්නේ ඒ අනුවය.

එම සිදුවීම හෙවත් ආදිවාසී දරුවෙකු පැවිදි බිමට පැමිණීම ඓතිහාසිකව සුවිශේෂී කාරණාවකි. ආදිවාසී නායකයකු තම වාසභූමිය මෙන්ම තම ලෙයින් උපන් දරුවා සසුනට පූජා කිරීම එහිදී සුවිශේෂීය. මන්ද සිංහල, පාලි, සංස්කෘත භාෂා ඇතුළු බුදුදහම මැනැවින් ප්‍රගුණ කොට පැවිදි දිවිය වර්ණවත් කර තමන් ජන්ම ලාභය ලැබූ ස්ථානයේම ආරණ්‍ය සේනාධිපති ධුරය ලැබීම මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් පෙර කළ පිනකි. ඒ නිසාම උන්වහන්සේගේ නාමය අදටත් දිඹුලාගල ඉතිහාසයෙන් මැකිය නොහැකිය. එසේම් ආදිවාසී දරුවන් පමණක් නොව විවිධ ජාතීන්ට අයත් දරුවන් මෙහි පැවිදි කළ බවද සඳහන් වෙයි. ඒ සියලු වූ කරුණු කාරණා එදා සිදුවන්නේ දිඹුලාගල හාමුදුරුවන් පැවැසූ සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙනි.

මේ අනුව මෙම දිඹුලාගල ආරණ්‍ය සේනාසන ඉතිහාසයේ පළමු වරට දමිළ ජාතිකයකු හෙවත් හින්දු ආගමිකයකු පැවිදි බව ලබන්නේ 1973 වර්ෂයේදීය. එදා සේරුවිල සේඛාලංකාර නමින් පැවිදි බව ලබන එකී බුද්ධ පුත්‍රයාණෝ වර්තමානයේ පවා දිඹුලාගල සෙනසුනේ වැඩවාසය කරමින් සිටින බව පැවසෙයි. මේ අතර හින්දු ආගමිකයකු බුදුදහම වැලඳගැනීමේ පුවතට තවත් ශක්තියක් වෙමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී දමිළ පවුලක දරුවන් සිවුදෙනකු 2014 වර්ෂයේදී පැවිදි වූ බවද සඳහන්ය.

එලෙසින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සිංහල දමිළ ආදිවාසී පැවිදි දරුවන්ගෙන් පිරී යද්දී සසුන් කෙත බබළවන්නට 2017 වර්ෂයේ දුරුතු පොහෝ දා මුස්ලිම් දරුවකුද පැවිදි වීම සුවිශේෂ කාරණාවකි. කෙසේ හෝ මේ වනවිට දිඹුලාගල ආරණ්‍ය සේනාසනය යනු ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයකි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවා ‘පිබිදෙමු පොළොන්නරුව’ යටතේ එහි සංවර්ධනයට මහත් දායකත්වයක් දී තිබේ.

වර්ෂ 1995 මැයි 26 වැනිදා යනු දිඹුලාගල අහසට එතරම් ආලෝකමත් දිනයක් නොවේ. එදා එය හැඬුම්බර දිනයකි. දිඹුලාගල අහසට පමණක් නොව එය සමස්ත ලංකා අහසටම ශෝක දිනයක් විය. ඊට හේතුව දිඹුලාගල හාමුදුරුවෝ LTTE වෙඩි ප්‍රහාරයකින් ලොවක් කම්පා කරවමින් අපවත්වීමයි. උන්වහන්සේ එදා අපවත් වන්නේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඇති විශාල පිරිත් මණ්ඩපය, ගල්ලෙන තුළ බුද්ධ ප්‍රතිමා, දිඹුලාගල මහා චෛත්‍යය, අහස් මාලිගය මෙන්ම අනෙකුත් සිද්ධස්ථාන සංවර්ධනය කරමින් සිටින අතරේය.

එහෙත් ඉන්පසු දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ධුරය දැරූ මල්දෙණියේ ජිනාලංකාර නාහිමියෝ 2015 වර්ෂය වෙනතුරුම දිඹුලාගල ආරණ්‍ය සෙනසුන සංවර්ධනය කරමින් මහත් සේවයක් ඉටු කරන්නට විය. අදටත් උන්වහන්සේ කළ සේවය දිඹුලාගල පුදබිමේ දක්නට ලැබෙන දසුන්ය. උන්වහන්සේ සිය දෑතින්ම නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා ඇතුළු ලී කැටයම් නිර්මාණ අදටත් එහි ප්‍රදර්ශනයට තබා ඇත.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වාර්ෂිකව පොසොන් උත්සවයක් හා මිහිඳු පෙරහැරක්ද තිබෙන අතර ඊට ප්‍රදේශයේ සිංහල, දමිළ, මුස්ලිම් මෙන්ම ආදිවාසී ජනතාව සහභාගී වෙයි. ඒ නිසාම එය විවිධ සංස්කෘතීන් අතින් මිශ්‍ර පෙරහැරකි. එසේම දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ලංකාවේ පමණක් නොව ලෝකයේම ප්‍රසිද්ධය. මෙහි විවිධ ජාතීන්ගේ දරුවන් දහසකට අධිකව පැවිදිකරවා තිබේ. අපවත් වී වදාළ දිඹුලාගල හාමුදුරුවෝ පමණක්ම මෙහි දරුවන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් පැවිදි බිමට ඇතුළත් කරගෙන ඇති බව සඳහන්ය. මෙම බිම ප්‍රසිද්ධ වීමට තවත් හේතු කීපයකි.

මුලදී කී පරිදි මෙය මහරහතන් වහන්සේලා දහස් ගණනක් වැඩසිටි පුදබිමකි. එසේම භාෂා දහඅටක් ඉගැන්වූ ඉපැරණි විශ්වවිද්‍යාලයකි. දිඹුලාගල කන්දේ කිසිදු දිනෙක නොසිඳෙන ඖෂධ පොකුණක්ද තිබේ. එහි ජලය පානය කිරීමෙන් විවිධ ලෙඩරෝග සුවපත් වෙන බවටද විශ්වාසයකි. එසේම ඉන්දියාවේ සුන්දර මහාදේවි ගල්වඩුවන් 500ක් ගෙන්වා ගල්කටාරම් සහිත ලෙන් 500ක් කරවා මහා සංඝරත්නයට පූජා කළ බවත් දිඹුලාගල ඉතිහාසයේ සඳහන්ව තිබේ. මේ අතර සුවිශේෂම කාරණාව වන්නේ දිඹුලාගල කන්දේ ඇති අහස් මාලිගාව අවට ඇතැම් දිනවල රාත්‍රියට විවිධ ආලෝක ධාරා දක්නට ලැබීමයි. ඇතැම් විටෙක මෙය බිම පිටසක්වළ ජීවීන්ගේ මධ්‍යස්ථානයක් විය හැකිය. එය අපට නිශ්චිතව කිව නොහැකිය.
– රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

බැසිල් හිටියා නම් වැඩි නොවන කතා බොරු: තෙල් මිල වැඩි කළේ ‌සහෝදරයන් දෙන්නාම ඉන්න කමිටුවකින්! පොහොට්ටු මන්ත්‍රීගෙන් ප්‍රකාශයක් (VIDEO)

Next Post

වලව් පෙළපතේ ආරක්ෂාවට හදාගත්තු මහා වාඩියේ නඩු තීන්දු…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.