• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

වාරේ නැති සිරි මවන අවාරේ…

June 15, 2021
in Holiday
Reading Time: 3 mins read
A A
වාරේ නැති සිරි මවන අවාරේ…
Share on WhatsAppShare on Facebook

වාරේට හැංගිලා හිටිය දිය ඇලි පොකුරු පිටින් පල්ලම් බහිනවා…
කලාතුරකින් දකින්න ලැබෙන උඩවැඩියා මුළු හිමේම සුවඳ කරනවා…
දවස පුරා හිරි පොදේ එක්ක මීදුම් සේල සක්මන් කරනවා…
හිරිගඩු පිපෙන සීතල එක්ක අපි ඉහළට කරුණා කරනවා…

අපි හැමෝම දන්නවා සිරිපා කරුණාව කරන්නේ වෙසක් පෝය දවසේ ඉඳන්, උඳුවප් පොහොය දිනය වෙනකන් කියලා. ළමා මහලු සියල්ලෝම හරි උනන්දුවෙන් බලන් ඉන්නවා මෙන්න මේ සිරිපා කරුණා වාරය පටන් ගන්නකන්. ඒත් බොහොම සුළු පිරිසක් ඉන්නවා උඳුවප් පොහොය දින ඉඳන්, වෙසක් පොහොය දින වෙනකන් සිරිපා කරුණා කරන. ඒක ටිකක් වෙනස් අත්දැකීමක්. අවාරයේ සිරිපා කරුණාව සංචාරක දින පොතක පුරවගන්නම ඕනි පිටුවක්.
අවාරය කියලා හදුන්වන කාලයේදී, වාරයේ තිබ්බ කිසිම පහසුකමක් අපිට හොයාගන්න ලැබෙන්නේ නැහැ. විදුලිය, ජල පහසුකම්, වැසිකිළි කැසිකිළි පහසුකම්, ආහාර ගන්න තැන් මේ කිසිවක් නැහැ. එකම පිහිට අම්බලම් පමණයි. ඒවත් බහුතරයක් හොඳ තත්ත්වයේ පවතින්නේ නැහැ. වැස්සෙන් නම් කිසිම අඩුවක් නැහැ. කාලගුණය හරිම ඉක්මනට වෙනස් වෙනවා. පැරණි මුතුන් මිත්තෝ මේ කාලයට අවාරය කියලා හඳුන්වන්න හේතු වුණෙත් මෙන්න මේ කාලගුණය නරක නිසා. මිනිස් ක්‍රියාකාරකම් අඩු නිසාම සිරිපා රක්ෂිතයේ නියම අයිතිකාරයන්ගෙ තෝතැන්නක් වෙනවා මෙන්න මේ කාල සීමාව. ඒ උවදුරුවලින් ආරක්ෂා වෙන එකත් සෑහෙන්න අවදානය යොමු කළ යුතු කාරණාවක්.

සිරිපා කරුණා කරන්න මාර්ග 6ක් විතර තියනවා…

හැටන් – නල්ලතන්නිය මාර්ගය
කුරුවිට – එරත්න මාර්ගය
රත්නපුර – පලාබද්දල මාර්ගය
දෙහෙනකන්ද – මුක්කුවත්ත මාර්ගය
සඳගලතැන්න මාර්ගය
දැරණියගල – උඩමාලිබොඩ
මාර්ගය තමයි ඒ මාර්ග.

අපි තෝරාගත්තේ නල්ලතන්නිය පැත්තෙන් ඉහළට කරුණා කරලා පලාබද්දල පැත්තෙන් පහළට කරුණා කරන්න. අපේ නඩය සම්පූර්ණ වුණේ තුන්දෙනෙක් ගෙන්. කරුණා කරන්න සතියකට කලින් ඉඳන් මස් මාළු නොකා පේ වුණේ අඩවියේ හාස්කම් දන්නා නිසාමයි. රාත්‍රී 8.05ට කොළඹ කොටුව දුම්රියපොළෙන් ගමන් ආරම්භ කරන රාත්‍රී තැපැල් දුම්රිය හැටන් දුම්රිය ස්ථානයට එනකොට පාන්දර 2ට විතර ඇති. උදේ වෙනකන් දුම්රිය ස්ථානයේ හිටපු අපි දත කට මැදගෙන උදේ 6.50ට නල්ලතන්නිය බලා පිටත් වෙන බස් එක ගන්න හැටන් බස් නැවතුම්පොළට ගියා. අවාරේ දවස්වලට මේ බස් එක විතරයි කෙළින්ම නල්ලතන්නියට යන්නේ. හැටන් ටවුන් එකෙන් කිරි කෝපි එකක් සප්පායම් වෙලා බස් එකට ගොඩවැදුණු අපි හරිම ලස්සන පාරකින් නල්ලතන්නියට ළඟා වුණා. මරේ ඇල්ල ගාවින් බැහැලා එතැන ෆොටෝ එකක් අරන් එන්න අමතක කළෙත් නැහැ.

නල්ලතන්නිය පිවිසුමේ කඩ කිහිපයක් විවෘතව තියෙනවා. ඒ වගේම පොලිස් මුර පොළත් පැය 24ම විමසිල්ලෙන්. බෑග්වල බඩු පිළිවෙළට අහුරගෙන අපි ඉහළට කරුණා කරන්න ගත්තා. වෙනදාට කතරගම වගේ තිබ්බ කඩපේලි එදා ගත්තෙ හරි පාළු ස්වභාවයක්. මකර තොරණ ගාවින් පඬුරක් දාලා සමන් දෙවියන්ට බාර වෙලා අපි ඉහළට කරුණා කරන්න ගත්තා. මේ කරුණාවේ විශේෂය තමා අවාරෙට සක්‍රීය වෙන දිය ඇලි. ගමන පටන් අරන් පැය බාගයක් යන්නත් කලින් එකම කඳු වැටියේ දිය ඇලි 7 ක් දැකගන්න පුළුවන්. ඊළඟ ගිමන් හල සීත ගඟුල කියලා හිතාගෙන අපි තුන් දෙනා අඩිය ඉක්මන් කළා. උදේ 9ට කරුණා කරන්න ගත්තු අපේ නඩේ 10 වෙද්දී සීත ගඟුලෙ. කලින් දා වැස්සට පින් සිද්ධ වෙන්න හිරිගඩු පිපෙන තරමට හිරිකඩ. ආයේ කරුණා කරන්න ගත්තු අපි සාම චෛත්‍යය පහු කරගෙන ඉහළට කරුණා කළා.

යකා ඇඬූ ඇල්ල හරිම ලස්සනට පහළට කඩා වැටෙනවා. රතු අම්බලම පහු කරලා උඩට කරුණා කරද්දී තමා තේරුණේ අපි ඉන්නේ දිව්‍යලෝකෙ කියලා. මේ ගුප්ත සීතල එක්ක තියෙන කොළ පාට වටපිටාව මහන්සිය මොකද්ද කියල අමතක කරවනවා. කුරුල්ලන්ගෙ කීචි බීචිය අහ අහ චොකලට් කෑල්ලක් රස බලපු අපි කොළේ බෑග් එකටම දාගෙන කරුණා කරන්න ගත්තා. ඉදිකටු පානෙ කෝඩු ඇරපු නූල් තාම එහෙමමයි. දවල් 12 විතර වෙද්දි මහ ගිරි දඹේට ආව අපිට හොඳටම මහන්සි. මේකෙන් පස්සේ මළුව තියෙන බව මතක් කරන් අපි ආයේ ගමන පටන් ගත්තා. සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් විනාඩි 20 කට විතර පස්සේ කිලෝමීටර් 07ක් දුර ගෙවාගෙන අපි මළුවට කරුණා කළා.

අපි යද්දිත් තව නඩයක් ඇවිත් තිබුණා. අවාරෙ කාලෙට අපිට සිරි පතුල වන්දනා කරන්න අවස්ථාවක් නැහැ. මන්දිරයට එපිට ඉඳන් මල් පූජා කරලා පඬුරු දාන්න පුළුවන්. මුළු මළුවම තුනී මීදුම් පටලයකින් වැහිලා තිබ්බෙ. පැය භාගයක් විතර මළුව උඩ හිතයි, ගතයි දෙකම නිවාගත්තු අපි රත්නපුර පාරෙන් පහළට කරුණා කරන්න ගත්තා. හුළං කපොල්ලෙ නම් තිබ්බේ අපිවත් එක්ක ගහගෙන යන හුළඟක්. ඇහැල කණුව පහු වෙනවා එක්කම මෙච්චර වෙලා නොතිබුණු අවාරෙ නියම හැඟීම ගන්න පුළුවන් වෙන හේතුව අඳුරු අහසෙන් කඩා පාත් වුණා.

බෑග්වල තිබ්බ වැහි කබා ඉක්මනට දාගත්තු අපි දත් මිටි හැපෙන සීතලේ පහළට කරුණා කරන්න ගත්තා. පහළට යන්න යන්න පාර දෙපැත්තෙ තිබ්බ ලස්සන නම් වචනෙන් කියන්න බැහැ. පෙඳ පාසි පිරුණු ගස් කඳන් පාරට කඩන් වැටිල. පාර දෙපැත්තෙ එක යායට පිපිලා තිබ්බ මල්වල නම් කියන්න මාගෙ දැනුම ප්‍රමාණවත් නෑ. ඉඳ හිට පාරට එබෙන වලි කුකුළෙක්, දෙමලිච්චෙක් අපිට දැම්මේ හරි නෝක්කාඩු බැල්මක්. පාර මැද කොන්ක්‍රීට් පඩියක තිබ්බ මවිල් පිරිච්ච මලපහ දැක්කම අපි තුන් දෙනාටම මතක් වුණේ එකම සතා. මේ ඒගොල්ලන්ගේ අඩවිය, ඒගොල්ලන්ගේ කාලේ.

වැස්සත් එක්ක ආඩියාමල තැන්නත් පහු කරන් හවස 5 විතර වෙද්දි අපි ගල් වංගෙඩිය අම්බලමට ආවා. කුරුවිට එරත්න මාර්ගය රත්නපුර රජ මාවතට එකතු වෙන්නේ මෙතැනින්. ඒ වගේම අපේ රාත්‍රී නවාතැන. කකුල්වල හිටපු කූඩැල්ලෝ ගලවලා දාපු අපි අම්බලම අතුගාල අපේ කූඩාරම අටවගත්තා. ඒකෙන් සීතල, පින්න ටිකක් හරි අඩු වෙනවා. ඒ අම්බලමෙ වනවාසී හාමුදුරු නමකුත් වැඩ හිටියා. උන් වහන්සේ සමනල රක්ෂිතයේ අවුරුදු 10 කට වඩා කල් ඉඳලා බවුන් වඩන නමක්. මේ කාලෙට වැස්ස වැඩි නිසා අම්බලමට වඩිනවා කියලා තමා කිව්වේ.

රෑ කෑමට බත්, සෝයා, පරිප්පු උයල කාල දත කට පූට්ටූ වෙන සීතලේ අපි නිදාගත්තා. අපේ ජීවිතවල විඳපු තවත් එක සීතලම රාත්‍රියක් ගෙවපු අපේ නඩේ උදෙන්ම පහළට කරුණා කරන්න ගත්තා. තාම හොඳටම මීදුම. රජ මාවත පාරෙන් පලාබද්දල පිවිසුමට යන්න කිලෝමීටර් 14ක් තියෙනවා. ගඟුල තැන්න අම්බලම ගාවින් හොඳට නාල නූඩ්ල්ස් ටිකක් හැදුවා උදේ කෑමට. අපේ අරමුණ වුණේ එක හුස්මට ගමන ඉවර කරන්න. ඒත් වැහි දෙයියෝ නම් වැහි කබා බෑග් එකේ තියන්න දුන්නෙම නැහැ. කොහොමහරි වැහි කෝඩෙ එක්ක අපි දවල් 12.30 වෙද්දී රජ මාවත ඔස්සේ ආවාරෙ සිරි පා වන්දනාව කිසිම අතුරු ආන්තරාවක් නැතුව හමාර කරලා ශ්‍රී පලාබද්දල විහාරය ගාවට ආවා. සංචාරක ජීවිතයේ තවත් ලස්සන අත්දැකීම් ගොන්නක් එකතු කරගත්තා.
– ඉසුරු යාපා

SendShareShare
Previous Post

දොළදුක් කාලේ සැඟවුණු රහස්…

Next Post

ජනපති දෙමළ සන්ධාන නායක හමුව කැන්සල්!

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.